Pages

28 November 2011

Paypal එකට දාපු card ඒක confirm කරමු.


ඉතින් මෙන්න මෙහෙමයි අද සිද්ධිය. ඔයාලට අර කලින් පොස්ට් එකේ කිව්වා මතක ඇති paypal එකට කාර්ඩ් එකක් add කරන හැටි ගැන. අපරාදේ කියන්න බැ මාර comment එහෙමත් එකට ලැබිල තිබුනනේ. අම්මේ මතක වෙනකොටත් පාන් නිකන් කන්න පුළුවන්. ඉතින් ඔයාල වගේම මමත් එදා තමා කාර්ඩ් ඒක මගේ paypal එකට එකතු කලේ. එදා මම කිව්වනේ ඔය එකතු කරපු කාර්ඩ් ඒක confirm කරන විදියත් කියල දෙනවා කියලා. ඔන්න ඒ ටික කියන්න තමා අද අවේ. මහා දෙයක් නැහැ සුළු දෙයි තියෙන්නේ.

මෙන්න මෙහෙමයි confirm කරන්නේ. මුලින්ම ඔයාලගේ paypal ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට යන්න. එතන ඇති මෙන්න මේ විදියට ඔයාල add කරපු කාර්ඩ් එකේ විස්තර. එකේ Action කියන තීරුවේ තියෙනවා  Confirm My Card කියලා කොටසක් දැන් ඒක click කරන්න. පැහැදිලි මදිනම් පහල රූපේ බලන්නකෝ.


ඊට පස්සේ මෙන්න මෙහෙම පිටුවකට එනවා. එතැනදී අපෙන් අහනවා කාර්ඩ් ඒක confirm කරන්න. $1.95 අපේ කාර්ඩ් එකෙන් කපා ගන්නද කියලා. බය වෙන්න එපා ඔය කාර්ඩ් ඒක confirm කරලා පැය 24 කින් ඒ මුදල අපහු ඔයාට දෙනවා. දැන් තියෙන්නේ continue කියන ඒක උඩ click කරන්න. ඒක ක්‍රම අර කිව්වා වගේම $1.95 ක් අපේ ගිනුමින් කැපෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට අපිට බැංකුවේ ආධාර පතන්න වෙනවා.   


ඉතින් මම මගේ කාර්ඩ් ඒක add කරේ සිකුරාදා දවසක ඊට පස්සේ confirm කරලා එහෙම කතා කලා HNB Card Center එකට මගේ කාර්ඩ් එකේ paypal code ඒක ඉල්ලා ගන්න. මෙන්න මෙහෙමයි ඒක උනේ.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ඔයාල දෙන HNB VISA Card ඒක paypal එකට add කරලා confirm කරා. මට පුලුවන්ද එකේ  paypal code ඒක ඉල්ලා ගන්න.
Card Center - ඔව සර් කවදද ඔයා card eka confirm කලේ කියන්න පුලුවන්ද ?
මම - දැන් confirm කලේ ...
Card Center - සර් එහෙනම් අදම code ඒක ගන්න බැ ඒක අපේ බැංකුවට ලැබෙන්න ටික දවසක් යනවා. සර්ට පුලුවන්ද සදුදට කතා කරන්න.
මම - හරි ok මම සදුදට කතා කරන්නම්.

අෆොයි ඔය කතාව අහපු වෙලාවේ නම් මගේ පපුව හෝස් ගාලා ගියා. ඇයි අප්පේ තව දවස් දෙකක් කියන්නේ සුළු පටු කාලයක්ද ? කොහොම හරි ඉවසගෙන ඉදලා ගත්තා ආයිත් call එකක් හරියට සදුදා උදේ අට පසුවී විනාඩි පහක් විතර ගියාම. ඒක උනේ මෙන්න මෙහෙමයි.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ගිය සිකුරාදා මගේ VISA කාර්ඩ් ඒක paypal එකට add කරලා confirm කලා. මට සිකුරාදා කිව්වා සදුදට කතා කරන්න කියල paypal confirm code ඒක ඉල්ලා ගන්න.
Card Center - සර් අද තවම අපිට codes ලැබිල නැ. සර්ට පුලුවන්ද 12 න් පස්සේ කතා කරලා බලන්න.
මම - ok මම 12 න් පස්සේ කතා කරන්නම්.

මදැයි කොලා දැන් ඉතින් 12 වෙනකම් බලන ඉන්න වෙනවා. කොහොමින් කොහොමින් හරි දහවල් 12 හ පසු වී මිනිත්තු 30 ක් යන්නත් කලින් ආයිත් කතා කලා. ඒ පාරනම් කෝඩ් ඒක දුන්නා. ඉලක්කම් 4 ක කෝඩ් එකක් තමා දුන්නේ. ඉතින් දැන් බලමු කොහොමද ඒක paypal එකට දාන්නේ කියලා.

දැන් ඉතින් සුපුරුදු පරිදි paypal ගිණුමට ලොග් වෙලා. Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට ගියාම මෙන්න මෙහෙම ඇති. 




දැන් අර අන්තිමටම තියෙන Action කියන කොටසේ වැටිලා ඇති Enter Paypal Code කියලා. රතු පාටින් මම ලකුණු කරලා තියෙන්නේ. හොදට බලන්න. දැන් තියෙන්නේ ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා හොදට බලන්න එකේ තියෙනවා මම රතු පාට ඊතලෙකින් දක්වල පොඩි කොටුවක්. දැන් කරන්න තියෙන්නේ අර බැංකුවෙන් දීපු ඉලක්කම් 4 රේ කෝඩ් ඒක ඔතනට දාන්න. ඊට පස්සේ Confirm Card කියන ඒක click කරන්න.


ඕන ඉතින් ඔය වැඩේ හරියටම කලා නම් මේ වෙනකොට මේ වගේ එකක් ඇවිල්ල ඇති.


එහෙනම් ඉතින් දැන් ඔයාට තියෙනවා. card එකක් එකතු කරලා confirm කර ගත්ත. Verified Paypal account එකක්. එහෙනම් අදට ඇති. මොකක් හරි අවුලක් ගියොත් කියන්න. ඊලග දවසේ දානවා අර මම කාර්ඩ් නැති අයට කාර්ඩ් එකක් භාවිතා කරනවට වැඩිය ලාබෙට තමන්ගේ paypal එකට සල්ලි දා ගන්න විදිය. එහෙනම් එතකන් රැදිලා ඉන්න . මේක ගැන හිතෙන දේවල් comment එකකින් දාන්න අමතක කරන්න එපා හොදේ  .







27 November 2011

Paypal ගිණුමට VISA කාර්ඩ් ඒක එකතු කිරීම. පියවරෙන් පියවර සරලව.


ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේක අදාළ වෙන්නේ credit card තියෙන අයට තමා. ( අනිත් අයට වෙනත් ලිපියක් දාන්නම් ) අද කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ paypal ගිණුමට credit card එකක් add කරන්නේ කියලා. හරිම ලේසි වැඩක් වගේම ඉතාමත් ඉවසිල්ලෙන් කල යුතු වැඩක්. අද මම මේ විදියට ඔයාලට HNB බැංකුවෙන් දෙන HNB Visa Debit Card ඒක  ඔයාලගේ paypal ගිණුමට සාර්ථකව එකතු කර ගන්න හැටි කියල දෙනවා. කාර්ඩ් ඒක ගැන කියනවනම් මෙන්න මෙහෙමයි, මේක ගන්න වයස අවුරුදු 18 ක් සම්පුර්ණ වෙලා තියෙන්න ඕනි, ජාතික හැදුනුම් පතත් ඕනි, ගිණුම ආරම්භ කරන්න රුපියල් 2000 ක මුදලක් ඕනි. ඔන්‍න‍ ඔය ටිකත් අරගෙන බැංකුවට ගිහින් ගිණුමක් අරඹ කරන්න පුළුවන්. ඊට පස්සේ එතනදීම එයාල ඔයාට card ඒක දෙනවා. හැබැයි පොඩි කොස්සක් තියෙනවා ඔය දීපු කාර්ඩ් ඒක activate වෙන්න දවස් දෙකක් යනවා.

හරි එහෙනම් දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා මුලින්ම ඔක්කොම කියවලා ඉන්න හොදේ. එහෙනම් දැන් දෙයියනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාල ලංකාවේ විදියට හදා ගත්ත paypal ගිණුමට. ඊට පස්සේ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.


පිතුරේ පැහැදිලි මදිනම් ලොකු කරලා බලන්න පින්තුරේ උඩ click කරන්න හොදේ.ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.


එතැනදී ඔයාලට ඔයාලගේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ Card Type කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.


ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් ඔයාලටත් ඇවිල්ල ඇති.


තව දෙයක් තියෙනවා කියන්න මම මෙතැනදී Add කලේ HNB බැංකුවෙන් දෙන VISA Debit කාර්ඩ් ඒක. එකේදී නම් add කරන්න කලින් බැංකුවට කතා කරලා internet payments සදහා card ඒක acvtive කරන්න කියල කියන්න ඕනි ඊට පස්සේ තමා කාර්ඩ් ඒක paypal එකට එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊලග දවසේ බලමු කොහොමද මේ විදියට එකතු කර ගත්ත card ඒක confirm කරන්නේ කියලා.









25 November 2011

බ්ලොග් ඒක අලුත් නවාතැනක !


ඔන්න යාලුවනේ අද නම් මම ඉන්නේ හරිම සතුටින්. එකට හේතුව තමා මගේ බ්ලොග් ඒක දැන් තියෙන්නේ අලුත් නවාතැනක. බලන්නකෝ ඔයාලගේ Address Bar එකේ මෙන්න මෙහෙම වැටිලා ඇති. “ http://blog.shyamin.com “ අද ඉදන් ඉතින් මේ address එකෙන් ඔයාලට මගේ බ්ලොග් එකට එන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේකෙන් උනත් එන්න පුළුවන්. “ www.shyamin.com ඔන්න ඕක තමා සතුටට හේතුව. මේක මම ගොඩක් කල් ඉදල බලාගෙන හිටපු දෙයක් එත් එකට වයස හරස් වෙලා තිබුනේ. මට වයස 18 ට සම්පුර්ණ වෙලා තිබුනේ නැති හින්දා VISA කාර්ඩ් තිබුනේ නැ. ඉතින් කොහොමද domain ගන්නේ. ඔන්න මගේ උපන්දිනේ දවසෙම HNB බැංකුවෙන් VISA CARD එකක් ගත්තා. පහුවෙනිදාම කාර්ඩ් ඒක active කරලා තිබුනා ඉතින් මුලින්ම කලේ domain ඒක ගන්න ඒක තමා. එහෙනම් ඉතින් මෙතෙක් කල් මාත් එක්ක මගේ බ්ලොග් එකත් එක්ක රැදිලා සිටි ඔයාලා හැමෝම මින් ඉදිරියටත් මාත් එක්ක ඉදිවී කියල විශ්වාස කරනවා. එහෙනම් මම ගිහින් එන්නම් මේක හදිස්සියෙන් ඉක්මනට දැන්ම හිතේ සතුටට. එහෙනම් ඉතින් comment එකක් එහම දාලම යන්න හොදේ .....

හැමෝටම ජය වේවා ......

22 November 2011

ebay ගැන මුල ඉදන් සරලව !


ඔන්න එහෙනම් අද අලුත්ම ලිපි පෙළක් ආරම්භ කරන්න තමා මේ හදන්නේ කලින් පටන් අරගෙන මග ඇත ඇරලා දාපු අර Sound System ගැන ලියපු එකෙත් තව ටිකක් තියෙනවා කියන්න ඒක හෙමිහිට දාන්නම්. අද කියන්න හදන්නේ ඔයාලා හැමෝම වගේ දැන ගන්න කැමති දෙයක් ගැන. මේක ගැන නම් හුගක් අය දන්නවා මේ කියන්නේ දන්නේ නැති අයට, දන්න අයත් බැලුවට මගේ කිසි අමනාපයක් නැ . මාතෘකාව තමා Ebay , අහන්න දෙයක් නැ හුගක් අය දන්නවා. මම හදන්නේ දන්නේ නැති අයට මුල සිටම මේක කරන විදිය කියල දෙන්න . ඒ කියන්නේ අපි කොහොමද නිවැරදි විදියට ebay එකෙන් මොකක් හරි දෙයක් සල්ලී ගෙවල ගෙන්න ගන්නේ කියන ඒක. මුලින්ම මේ දේ කරන්න ඔයාලට අත්‍යවශ්‍ය දේවල් දෙක තුනක් තියෙන්නේ ඕනි. පහලින් මම දාලා තියෙන්නේ ඒ  ටික තමා. ඔතන තියෙන ටික නම් අනිවාර්යයෙන්ම ඕනි කරනවා මේ වැඩේ කරන්න.

01 )  Ebay ගිණුමක් 
02 )  Paypal ගිණුමක් 

ඔන්න දැන් මේ ගැන දන්න අය හිතනවා ඇති තියෙන්න ඕනිම එකක් මෙතන නැනේ කියලා. ඇත්තටම  ඔයාලට මම කියල දෙන විදියට ebay එකත් එක්ක ගනුදෙනු කරන්න කිසිම විදියක බැංකු card එකක් ඕනි නැ. එකට මම විසදුමක් දෙන්නම්. ඒ විසදුම බැංකුවකින් නිකුත් කරන card එකකින් ඔයාලගේ ගිණුම වලට සල්ලි දානවට වඩා ලබදායකයි. බැංකු card එකක් තියෙන අයටත් එයාලට කරන්න ඕනි දේ මම කියන්නම්. කොහොම හරි ඔයාලට මේ ක්‍රමේ නිසා ebay එකෙන් ගනුදෙනු කරන්න අවස්ථාව උදා කරලා දෙන්න තමා මේ හදන්නේ. ebay ගිණුමක් හදන හැටි මම අද ඔයාලට කියල දෙන්නම්. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ මුලින්ම ඔයාලට මේක කරන්න email ගිණුමක් තියෙන්න ඕනි. එකේ සේවාදායකයා කව්රු උනත් ප්‍රස්නයක් නැ. 



එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ මුලින්ම මෙන්න මෙතන click කරලා ebay sing up පිටුවට යන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ඇත්තම විස්තර දාල මේ ගිණුම සකස් කර ගන්න ඕනි. ඔය පිටුවට ගියාම අහන දේවල් වලට නිවැරදි තොරතුරුම ලබා දෙන්න ඕනි විශේෂයෙන්ම ඔයාලගේ ලිපිනය ඒ වගේම postal code ඒක වගේ දේවල් හරියටම දෙන්න ඕනි.  ඔයාලට postal code ඒක එහෙම හරියටම දන්නේ නැති නම්. ඒක හරියටම හොයාගෙන මිසක් වැරදි විස්තර දාල account හදන්න එපා. එතකොට ඔයා ගන්න දේවල් ලංකාවට ගෙන්න ගනිද්දී විවිධාකාර ගැටළු වලට මුහුණ පාන්න වෙනවා.


Ebay එකේ register වෙන්න මෙතනින් යන්න.

එහෙනම් ඊළගට ඕනි වෙන්නේ paypal ගිනුමක්නේ. මේකෙදි මෙහෙමයි ඔයාල ගනුදෙනු කරන්න හදන්නේ කෙලින්ම බැංකුවෙන් දෙන card ඒක ඔයාලගේ paypal ගිණුමට link කරලනම් ඔයාල ඔයාලගේ paypal ගිණුම ශ්‍රී ලංකාවේ ඔයාලගේ ඇත්තම ලිපිනය දාලා හදන්න. එහම නැතුව ඔයාලා මම කියල දෙන විදියට මේක කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඔයාලගේ paypal ගිණුම වෙන රටක එකක් විදියට හදන්න. ඒ විදියට ගිණුම හදන හැටි මම කලින් දවසක ලිපි වල දාලා තියෙනවා. ඔන්න ඒ ලිපි දෙකේ ලින්ක් දෙකක් මම පහලින් දැම්මා





තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අවුරුද 18 ට අඩු  අයට credit card ගන්න බැරි හින්දා තමා මම අර අනිත් ක්‍රමේ ඔයාලට හදුන්වා දෙන්න යන්නේ. එහෙම අය  පිටරට විදියට ඔයාලගේ paypal ඒක හදා ගන්න UK විදියට හැදුවනම් ගොඩක්ම හොදයි.

ඔන්න එහෙනම් ගිණුම දෙක හදාගෙන ලෑස්ති වෙලා ඉන්න. ඊළගට කියල දෙන්නම් ඔය දෙක කොහොමද එකට ලින්ක් කරන්නේ කියලා. එහෙනම් අදට මම ගියා. දිගටම රැදිලා ඉන්න බ්ලොග් එකත් එක්ක. අලුතින් වැටෙන ලිපි ඔයාලගේ email එකට ගෙන්න ගන්න ඔයාලගේ email ලිපිනයත් subscribe කර ගන්න. අහන්න තියෙන ඕනිම දෙයක් comment එකක් විදියට අහන්න.







18 November 2011

පැය කාලෙන් $0.01 ක් හොයන්න නියම ක්‍රමේ !


ඔන්න යාලුවනේ කාලෙකින් හම්බ උන ටිකක් හොද දෙයක් ගැන කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම හිතාගෙන හිටියේ BUX Site දැන් නම් නැතුව ඇති කියලා. තියෙනවා තමා දාස් ගණන් එත් සල්ලි දෙන ඒවා නැනේ. මෙන්න මට මේ ලගදි හම්බ උනා නියම එකක්. කිසි කතාවක් නැ සල්ලි ගෙවනවා. මමත් ඒක පාරක් කරලා බලලා පලවෙනි වතාවට මුදල් ගත්තාට පස්සේ තමා මේ බ්ලොග් පොස්ට් ඒක දාන්නේ. මොකද කට්ටියට බොරු කියල අනාත කරන ඒක හොද නැ. හැබැයි ඉතින් මහා ගණන් හොයන්න බැ. පොඩියට පටන් අරගෙන Reffaral ටිකක් එහම දා ගත්තාම වැඩේ වාසි. මුලින්ම site ඒක ගැන පොඩි විස්තරයක් කියන්නම්.


මෙන්න මෙහෙමයි එකේ සිද්ධිය. Add ජාති තුනක් තියෙනවා. පලවෙනි ඒක තමා Standard Ads මේ ජාතියේ add එකකට $0.005 විතර ගෙවනවා. දවසකට මේ ජාතියෙන් දෙකක් හෝ එකක් ලැබෙනවා. ඊලග ජාතිය තමා Mini Ads මේකකට $0.002 ගෙවනවා දවසකට ads හතරක් හෝ පහක් ලැබෙනවා. ඊලග සෙට් ඒක තමා Tiny Ads දවසකට මේ ජාතියේ ads දෙකක් හෝ තුනක් ලැබෙනවා. ඒක add එකකට $0.001 ක් ගෙවනවා.

ads වලට ගෙවන ගාන නම් ටිකක් අඩුයි තමා එත් reffaral හදා ගන්න පුලුවන්නම් ගොඩ. දන්නවද හොදම කාරනාව තමා දැන් කියන්න යන්නේ. මේ site එකෙන් අපිට මුදල් ගන්න පුළුවන් අපේ ගිණුමට $0.01 පිරුනාම. ඉතින් ඔය ගාන ලේසියෙන්ම ඒක දවසෙන් හොයන්න පුළුවන්.  ඒ කියන්නේ තමන් මේක පටන් අරගෙන පැය භාගයක් යන්නත් කලින් අපිට අපේ පලවෙනි payout ඒක ගන්න පුළුවන්. අන්න එහම ගත්ත පළවෙනිම එකේ details මම පහලින් දාන්නම්. එතොට ඔයාලට මේ ගැන විශ්වාසයක් ඇති වෙනවනේ. එහෙනම් මම පහලින්  link ඒක දාන්නම්. එකෙන් ගිහින් register වෙන්න පුළුවන්. නැත්තම් ඔය පහලින් තියෙන banner එකකින් උනත් ගිහින් register වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ පතනවා. අදට මම ගියා ඔන්‍න‍.


click this to register

click this to register


මෙන්න මම සල්ලි ගත්ත ඒවගේ විස්තර.


රූපේ පොඩි වැඩයි වගේනම් ඒක උඩ click කරලා ලොකු කරලා බලන්න.

තව ටිකෙන් හොදම දේ අමතක වෙනවා. ඔයාල සල්ලි ගෙන්න ගන්නේ paypal එකකට නම් ඒ paypal ඒක පිටරට විදියට හදපු එකක් වෙන්න ඕනි හොදේ. ඒ ගැන තව විස්තර ඕනි නම් මෙතනින් ගිහින් බලන්න. 


ප.ලි :- 2012 අවුරද්ද පටන් ගන්න ඔන්න මෙන්න තියලා ඉහත දක්වලා තියෙන site ඒකෙන් මුදල් ගෙවන එක නැවැත්තුවා.

06 November 2011

ebay ඒක ඇත්තටම sure !


මේ කතාව එක පාරටම ලියන්න හිතුනේ. එක එක්කෙනා ebay ගැන අහන කතා ගැන හිතිලා. මේ ලගදි මට උන සිදුවීමක් තමා මේ ලියන්න හදන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ උනේ. මම මේ ලගදි දවසක ලගදි කිව්වට මාසෙකට විතර කලින් ebay ඒකෙන් Hard Disk Encloser එකක් ගත්තා. ඔන්න ඉතින් අරගෙන සල්ලි එහෙම ගෙවලා දැන් බලාගෙන ඉන්නවා කොයි වෙලේද එන්නේ කියලා. කොහොමින් කොහොමින් හරි මම ගෙදර නැති වෙලාවක් බලලා පියුම් මාමා ඕක අපේ අම්මට ගෙනත් දීලා ගිහින් තිබුනා. ඉතින් මම ගෙදර ආපු ගමන් පාර්සලේ දිග ඇරලා කරලා බැලුවා. ඔක්කොම හරි එත් පොඩි කොස්සක් තියෙනවා. කියල තියෙන්නේ එකක් එවල තියෙන්නේ වෙන එකක්. ඒ කිව්වේ කියලා තියෙන ජාතියේ cable එකක් නෙවෙයි මට එවල තිබුනේ වෙන එකක්. පහල රූපේ බලන්නකෝ. මට එවනවා කියලා තිබුන cable එකේ තියෙනවා කිව්වේ USB පොර්ට්ම 3 නක් එත් එවල තියෙන එකේ Mini USB පොර්ට් එකකුත් තියෙනවා.





ඉතින් මම ඉක්මනටම ආයිත් ජන්ජාලෙට ගිහින් seller ට වෙච්ච සිද්ධිය කිව්වා. මිනිහටත් ඉතින් එක පාරටම sure නෑ. ඊට පස්සේ අර එවලා තිබුන cable එකේ photo එහෙම යවලා කොහොම හරි වෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නා. 
පස්සේ කොහොම හරි ඒක එවලා තියෙන්නේ වැරදිලා එක වෙනුවට වෙන එකක් එවන්නම් කියලා මට ඒ seller කිව්වා. ඔන්න ඉතින් ආයිත් බලාගෙන ඉන්නකොට පියුම් මාමා ඇවිත් පාර්සලයක් දීලා ගියා. මේ පාරනම් වැඩේ ගොඩ. හරිම cable එක එවලා. කලින් එවපු එකත් මන් ගාව. මේ තියෙන්නේ අලුතින් එවපු ඒක.




මේ කතාව කියන්න හේතුව තමා ගොඩක් අය බයයි ebay ඒකෙන් මොකුත් ගෙන්න ගන්න. මම නම් කියන්නේ එකට බය වෙන්න දෙයක් නෑ. මොනා හරි වැරදීමක් උනොත් එක එයාලා නිවැරදි කරනවා. එක හින්දා ebay එක ඇත්තටම ගොඩක් විශ්වාසයි. හැබැයි ගන්න කලින් අපි ගන්න දේ ගැන දාලා තියෙන මුළු විස්තරේම කියවලා එක ගැන සැක හැර දැන ගන්න ඕනි. එයාල ඒ විස්තරේට පිටින් වෙන කිසිම දෙයක් ආයිත් නිවැරදි කරන්නේ නෑ. විස්තරෙයි එවලා තියෙන එකයි ගැලපෙනවානම් එකට අපිට මුකුත් කරන්න අමාරුයි. මොකද ඒක අපේ වැරදිමක්නේ. ඔන්න ඔයාල මේ කතාව කියවල අදහසක් දාල යන්න. ඔයාලගේ අත්දැකීමුත් තියෙනවනම් ඒවත් දාන්න. එහෙනම් අදට මම යනවා. හැමෝටම ජය. 




03 November 2011

stereophonic sound system ගැන !




ඔන්න අදත් අවේ බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් එකතු කරනවයි කියල හිතාගෙන කට්ටියට මතක ඇති sound systrm ගැන ඒ දවස් වල පොස්ට් 2 ක් දැන්මා එක දිගටම ලියාගෙන යනවා කියල හිතුවට කොහොම හරි වැඩේ පොඩ්ඩක් කණපිට ගැහුවා. ඔන්න අද හිත ගත්තා එකේ 3 වෙනි කොටස ලියනවා කියලා. කව්රු හරි මුල් කොටස් කියව්වේ නැත්තම් පහලින් ඒ පොස්ට් දෙකට ලින්ක් දෙකක් දාන්නම්.



ඔන්න අද ලියන්න යන්නේ ඔකේ 3 වෙනි කොටස එකේදී කියන්න හිතාගෙන ඉන්නේ මේ stereo වලට පස්සේ එකම දියුණු කරලා හදපු stereophonic sound system එක ගැන. මේකේ කතාව මෙහෙමයි ඔයාල කව්රුත් දන්නවා ඇතිනේ මේ දැන් තියෙන සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ( sorround sound system ) ගැන, ඕක  හදන්න මුල පිරුවේ බටහිර චිත්‍රපට කර්මාන්තය. එයාලට ඕනේ උනේ මේ චිත්‍රපටි වල එන ත්‍රාසයජනක , බිහිසුණු , ඉතාමත් සංවේදී අවස්ථා බලන කෙනාට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට ඉතාමත් සමීප වන විදියට ඉදිරිපත් කරන්න. එකේදී තමා ප්‍රථම වතාවට ඔය sorround sound system බිහි වෙන්නේ.
හරියටම කියනවනම් 1941 දී විතර “වෝල්ට් ඩිස්නි” කියන චිත්‍රපට සමාගම ප්‍රථම වතාවට “ Fantasia “ කියන චිත්‍රපටියට ඕඩියෝ චැනල් ( audio channel ) විදියට ශබ්දය පටිගත කරලා තියෙනවා. එකේදී එකිනෙකට වෙනස් දිශා හතරකින් ශබ්දය පටිගත කරලා ඊට පස්සේ ඒවා එකට මිශ්‍ර කරලා sound system එක හදාගෙන තියෙනවා. මම දන්න විදියට එක තමා ලෝකේ පළවෙනිම sorround sound system එක. ඔන්න ඔය ක්‍රමය පස්සේ වෙනම ප්‍රමිතියකට සකසලා  stereophonic sound system කියන නම දාලා තියෙනවා.

මේ ක්‍රමයේදී ඒ කියන්නේ stereophonic sound system එකේදී සියලුම ශබ්ද කොටස් ලේෆ්ට් ( left ) , සෙන්ටර් ( center ) , රයිට් ( right ) සහ සරවුන්ඩ් (  sorround ) කියල චැනල් ( channel ) 4 කට වෙන් කරනවා ඊට පස්සේ ඒවා විකාශය කරද්දී ලේෆ්ට්  , සෙන්ටර් , රයිට් ස්පිකර් දර්ශන තලය පිටුපස පිලිවෙලින් වම මැද හා දකුණ විදියට ස්ථාන ගත කරලා තියෙනවා.  ඊට පස්සේ  සරවුන්ඩ් ස්පිකර් ශාලාවේ දෙපැත්තේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි තියල තියෙනවා. ඔන්න ඔහොම කරාට පස්සේ චිත්‍රපටිය විකාශය වෙනකොට ඒ දර්ශනයේ කතා කරන කෙනා ඉන්නේ වම් පැත්තේ නම් එයා  කියන දේවල් ඇහෙන්නේ ලේෆ්ට් ස්පිකර් ඒකෙන් , දකුණේ ඉදන් කතා කරොත් ඒවා ඇහෙන්නේ රයිට් ස්පිකර් ඒකෙන් , ඒ වගේම මැද ඉදන් කතා කරොත් ඒවා ඇහෙන්නේ  මොකෙන්ද ? ( හිකිස්‌ ..... ) වෙන මොකෙන්වත් නෙවෙයි සෙන්ටර් ස්පිකර් ඒකෙන්.  මේ විදියට එක එක දර්ශන තල වලට අදාලව තිරයට අනුරුප වෙන විදියට ඒ ඒ ස්පිකර් වලින් ශබ්දය පිට වෙන හින්දා බලන කෙනාට මේක දැනෙන්නේ කතා කරන කේනැ ඉන්න තැනින්ම ශබ්දය එනවා වගේ. සෝයි නේද ? ...... අපොයි දැන් ඔයාලට හිතෙනවා ඇති මොකටද මේ  සරවුන්ඩ් කියල ස්පිකර් වගයක් ශාලාවේ දෙපැත්තේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි තියල තියෙන්නේ ඒවා කිසි වැඩකට නැනේ කියලා. නැ නැ එහෙම හිතන්න එපා ඒවා තමා වැදගත්ම වැඩේ කරන්නේ. මුළු ෆිල්ම් එකේම තියෙන පසුබිම් ශබ්ද ( love seen එකක නම් කුරුල්ලෝ කැ ගහන ඒවා එහෙම ...... ) සහ ඉතා සියුම් හඩවල් ඔක්කොම මේවගෙන් තමා විකාශය වෙන්නේ එතොකොට තමා මේක බලන කෙනාට නරබන දසුන් ඉතාමත් තාත්වික විදියට ඇහෙන්නේ. පස්සේ පස්සේ මේ ක්‍රමයේ හඩේ තිවුරතා පාලනය කරන්න ලේෆ්ට් හා සෙන්ටර් අතරටත් සෙන්ටර් හා රයිට් කියන ස්පිකර් අතරටත් තවත් අමතර ස්පිකර් දෙකක් එකතු කෙරුණා.



ඔන්න ඕක තමා මේ අපි දැන් අත් විදින stereo sound system වල මුලාරම්භය. අර කලින් ලිපි දෙකේදී මතක ඇති ඔයාලට මම මේවා අත්හදා බලන්න මොකක් හරි ක්‍රමයක් කිව්වා. එත් මේකට මොකක්ද කරන්න කියන්නේ කියල හිත ගන්න අමාරුයි. ලොකු හෝල් එකක ඔය කියපු විදියට ස්පිකර් තියලා ඔය ෆිල්ම් එක බැලුවනම් වැඩේ ගොඩ. ඊට වඩා හොද ක්‍රමයක් දන්නවනම් comment එකක් විදියට දාන්න. අදට ඇති වගේ. එහෙනම් මේක බලලා ඔයාලට හිතෙන දෙයක් ප්‍රතිචාරයක් විදියට දක්වල යන්න අමතක කරන්නත් එපා. ඊලග ලිපිය Dynamic Dolby sound system ගැන ලියන්න තමා හිතාගෙන ඉන්නේ එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.