Pages

28 November 2011

Paypal එකට දාපු card ඒක confirm කරමු.


ඉතින් මෙන්න මෙහෙමයි අද සිද්ධිය. ඔයාලට අර කලින් පොස්ට් එකේ කිව්වා මතක ඇති paypal එකට කාර්ඩ් එකක් add කරන හැටි ගැන. අපරාදේ කියන්න බැ මාර comment එහෙමත් එකට ලැබිල තිබුනනේ. අම්මේ මතක වෙනකොටත් පාන් නිකන් කන්න පුළුවන්. ඉතින් ඔයාල වගේම මමත් එදා තමා කාර්ඩ් ඒක මගේ paypal එකට එකතු කලේ. එදා මම කිව්වනේ ඔය එකතු කරපු කාර්ඩ් ඒක confirm කරන විදියත් කියල දෙනවා කියලා. ඔන්න ඒ ටික කියන්න තමා අද අවේ. මහා දෙයක් නැහැ සුළු දෙයි තියෙන්නේ.

මෙන්න මෙහෙමයි confirm කරන්නේ. මුලින්ම ඔයාලගේ paypal ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට යන්න. එතන ඇති මෙන්න මේ විදියට ඔයාල add කරපු කාර්ඩ් එකේ විස්තර. එකේ Action කියන තීරුවේ තියෙනවා  Confirm My Card කියලා කොටසක් දැන් ඒක click කරන්න. පැහැදිලි මදිනම් පහල රූපේ බලන්නකෝ.


ඊට පස්සේ මෙන්න මෙහෙම පිටුවකට එනවා. එතැනදී අපෙන් අහනවා කාර්ඩ් ඒක confirm කරන්න. $1.95 අපේ කාර්ඩ් එකෙන් කපා ගන්නද කියලා. බය වෙන්න එපා ඔය කාර්ඩ් ඒක confirm කරලා පැය 24 කින් ඒ මුදල අපහු ඔයාට දෙනවා. දැන් තියෙන්නේ continue කියන ඒක උඩ click කරන්න. ඒක ක්‍රම අර කිව්වා වගේම $1.95 ක් අපේ ගිනුමින් කැපෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට අපිට බැංකුවේ ආධාර පතන්න වෙනවා.   


ඉතින් මම මගේ කාර්ඩ් ඒක add කරේ සිකුරාදා දවසක ඊට පස්සේ confirm කරලා එහෙම කතා කලා HNB Card Center එකට මගේ කාර්ඩ් එකේ paypal code ඒක ඉල්ලා ගන්න. මෙන්න මෙහෙමයි ඒක උනේ.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ඔයාල දෙන HNB VISA Card ඒක paypal එකට add කරලා confirm කරා. මට පුලුවන්ද එකේ  paypal code ඒක ඉල්ලා ගන්න.
Card Center - ඔව සර් කවදද ඔයා card eka confirm කලේ කියන්න පුලුවන්ද ?
මම - දැන් confirm කලේ ...
Card Center - සර් එහෙනම් අදම code ඒක ගන්න බැ ඒක අපේ බැංකුවට ලැබෙන්න ටික දවසක් යනවා. සර්ට පුලුවන්ද සදුදට කතා කරන්න.
මම - හරි ok මම සදුදට කතා කරන්නම්.

අෆොයි ඔය කතාව අහපු වෙලාවේ නම් මගේ පපුව හෝස් ගාලා ගියා. ඇයි අප්පේ තව දවස් දෙකක් කියන්නේ සුළු පටු කාලයක්ද ? කොහොම හරි ඉවසගෙන ඉදලා ගත්තා ආයිත් call එකක් හරියට සදුදා උදේ අට පසුවී විනාඩි පහක් විතර ගියාම. ඒක උනේ මෙන්න මෙහෙමයි.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ගිය සිකුරාදා මගේ VISA කාර්ඩ් ඒක paypal එකට add කරලා confirm කලා. මට සිකුරාදා කිව්වා සදුදට කතා කරන්න කියල paypal confirm code ඒක ඉල්ලා ගන්න.
Card Center - සර් අද තවම අපිට codes ලැබිල නැ. සර්ට පුලුවන්ද 12 න් පස්සේ කතා කරලා බලන්න.
මම - ok මම 12 න් පස්සේ කතා කරන්නම්.

මදැයි කොලා දැන් ඉතින් 12 වෙනකම් බලන ඉන්න වෙනවා. කොහොමින් කොහොමින් හරි දහවල් 12 හ පසු වී මිනිත්තු 30 ක් යන්නත් කලින් ආයිත් කතා කලා. ඒ පාරනම් කෝඩ් ඒක දුන්නා. ඉලක්කම් 4 ක කෝඩ් එකක් තමා දුන්නේ. ඉතින් දැන් බලමු කොහොමද ඒක paypal එකට දාන්නේ කියලා.

දැන් ඉතින් සුපුරුදු පරිදි paypal ගිණුමට ලොග් වෙලා. Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට ගියාම මෙන්න මෙහෙම ඇති. 




දැන් අර අන්තිමටම තියෙන Action කියන කොටසේ වැටිලා ඇති Enter Paypal Code කියලා. රතු පාටින් මම ලකුණු කරලා තියෙන්නේ. හොදට බලන්න. දැන් තියෙන්නේ ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා හොදට බලන්න එකේ තියෙනවා මම රතු පාට ඊතලෙකින් දක්වල පොඩි කොටුවක්. දැන් කරන්න තියෙන්නේ අර බැංකුවෙන් දීපු ඉලක්කම් 4 රේ කෝඩ් ඒක ඔතනට දාන්න. ඊට පස්සේ Confirm Card කියන ඒක click කරන්න.


ඕන ඉතින් ඔය වැඩේ හරියටම කලා නම් මේ වෙනකොට මේ වගේ එකක් ඇවිල්ල ඇති.


එහෙනම් ඉතින් දැන් ඔයාට තියෙනවා. card එකක් එකතු කරලා confirm කර ගත්ත. Verified Paypal account එකක්. එහෙනම් අදට ඇති. මොකක් හරි අවුලක් ගියොත් කියන්න. ඊලග දවසේ දානවා අර මම කාර්ඩ් නැති අයට කාර්ඩ් එකක් භාවිතා කරනවට වැඩිය ලාබෙට තමන්ගේ paypal එකට සල්ලි දා ගන්න විදිය. එහෙනම් එතකන් රැදිලා ඉන්න . මේක ගැන හිතෙන දේවල් comment එකකින් දාන්න අමතක කරන්න එපා හොදේ  .








ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

30 comments:

  1. සම්පත් වෙබ් කාඩ් එකේ නම් ඒ වෙලාවෙම කෝල් කලාම කෝඩ් එක දෙනවා.. :D :D

    ReplyDelete
  2. @චතුවාඑහනම් web card එකේ එච්චරයි හොදේ ... මටනම් web card මෙලෝ රහක් නැ.... දාපු සල්ලි ආයිත් ගන්නත් බැ .... HNB ඒක අපිට internet එකේ නොවෙන තැන් වලත් පාවිච්චි කරන්නත් පුළුවන් ... ATM වලටත් වැඩ .....

    ReplyDelete
  3. balanna amarui blog 1 color 1 wenas karanna saho

    ReplyDelete
  4. pay pal කිව්වම ඉතින් ඊ මනි ගැනත් නොකියම බැහැනේ..

    http://www.e-mudal.blogspot.com/

    ReplyDelete
  5. ආ මල්ලියෝ අද රූං ගාල ඔයාගේ බ්ලොග් එකට ආවම දැක්ක, ඔයා අලුතෙන් පෝස්ට් එකක් දාල තියෙනව. බලාපොරොත්තු උන විදි‍යටම ඒ පේපැල් දෙවන කොටස. මට නම් හරිම සතුටුයි. නරක කොල්ල පටන්ගන්නකොටම මට බැනලනෙ පටන්ගෙන තියෙන්නෙ. හම්.... එහෙනම් අද බටර් නොගාම ඔයාට බොහොම ස්තුතියි කියන්නම්කෝ, ඒ වගේම ඔයාට සුබම සුබ අනාගතයක්.

    මල්ලී ඔන්න අද බටර් නෑ හොඳද!! ඔයට අද පාන් කන්න වෙන්නෙ නිකන් තමයි! හී... හී.... විහිලුවක් කරේ.

    ReplyDelete
  6. @Anonymous theme ඒක මාරු කරනවා කියන්නේ හෙනම ගේම මටනම් try එකක් දෙන්නම්කො ...

    ReplyDelete
  7. @MoneyMaker e money හොයන්න පුළුවන් බව ඇත්ත .... එත් internet කියන්නේ දන්සලක් නෙවෙයි යාලු .... හරිම විදියට කරන කෙනෙකුට වරදින්නෙත් නැ ...

    ReplyDelete
  8. @Meena Shati අනේ අෆොයි ... බැන්නා නෙවෙයි අලේ .... හැමදාම මේ පැත්තේ එන්න හොදේ ... facebook fan page එකටත් Like පාරක් දාන්න ....

    ReplyDelete
  9. හප්පේ මේක ගැන අහන්නේ කාගෙන්ද කියල හිත හිතා හිටියෙ. තැන්ක්ස් හොදේ..

    ReplyDelete
  10. HNB VISA debit card eka dannath puluwan neda

    ReplyDelete
  11. Anonymous - එක නේන්නම් මේ දාලා තියෙන්නේ ....

    ReplyDelete
  12. yaluwa paypal me vidihata confirm karagaththahama paypal eke thiyana salli HNB account ekata daganna barida.

    ReplyDelete
  13. @Anonymous - එක තමයි මේ දාල තියෙන්නේ ....

    ReplyDelete
  14. නියමයි මචන් මෙක මම ගොඩක් කල් ඉදල හොය හොය හිටපු එකක් මේක... බොහොම ස්තූතියි.... ඉදිරියටම යන්න සුභ පතනවා.... තව අලුත් දේවල් ටිකක් දෙන්න....

    ReplyDelete
  15. ede hodai age ,,mulatikanam hari. balamu balamu

    ReplyDelete
  16. machoo me credit card eken verify karana vidiyada? debit card eken verify karana vidiyada??

    ReplyDelete
    Replies
    1. මේ HNB Visa Debit කාර්ඩ් එකෙන් කරන විදිය ... Credit කාර්ඩ් එකකින් කරත් මෙහෙම්මම තමයි වෙනසක් නැ ...

      Delete
  17. machan paypal account eka visa card ekata ekatu karala kochara time ekakinada conform karanne?

    ReplyDelete
    Replies
    1. paypal එකේ කාර්ඩ් එක එකතු කරලා paypal එක ලිමිට‍ වෙන්න කලින් කරා නම් හරි ... කොහොමත් HNB බැංකුවේ නම් කෝඩ් එක දෙන්න දවස තුනක් යනවා ... සම්පත් බැංකුවේ නම් එවලේම දෙනවා ...

      Delete
  18. machan oyage skype hari facebook name eka hari denawada? mata oyagen podi karunu wagayak dana ganna thiyenawa

    ReplyDelete
  19. machan oyage skype id eka denna puluwanda mata mata podi karunu wagayak dana ganna ooni machan?

    ReplyDelete
  20. HNB internet banking පාවිච්චි කරන අයට බැරිද ඔය debit card-paypal කෝඩ් එක එවලෙම බලාගන්න?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් බැංකුවට කතා කරලා අරන්න ඕක ගන්න විදියක් නැ ... කතා කරාම කියනවා දවස් තුනකින් ගන්න කියලා ...

      Delete
  21. දැන් HNB එකෙන් සල්ලි ගන්න ලෙසි නැහැ රු 10000ට අඩු එවා විතරයි දෙන්නේගමගේ $1000ක් නවත්තන් ඉන්නවා දැන් මාසයක් තිස්සේ.කටිටියටත් මේ ගැටළුව තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය වැඩේ කරන්නේ නැ ... කොහොමත් ඉස්සරහට HNB බැංකුවේ කාර්ඩ් paypal එකෙන් ban වෙනවා කියලා තමයි ආරංචිය ...

      Delete
  22. machan card eka confirm kalata passe apita puluwanda ebay eken shopping karanna.naththam card eke salli payapal ekata daganna onada.ehema karanawanam kohomada karanne?

    ReplyDelete
  23. machan card eka confirm kalata passe apita puluwanda ebay eken shopping karaganna.naththam paypal ekata card eken salli daganna onada.eka ehemanam kohomada eka karanne?

    ReplyDelete
  24. Thanks hamadeetama...
    meeka kiyeuwahama karanna ona dee hodatama theerenawa, hamadeema hodin..
    dan itin cord 1ka enakan idahanko... :p

    ReplyDelete