Pages

29 September 2011

paypal කතන්දර . . .



ඔන්න අදත් අවේ මොනා හරිම ලියල යනවා කියල හිතාගෙන. මේ දවස් වල ජිවිතේ නිකන් ඕනෙවට එපාවට වගේ තමා ගෙවීගෙන යන්නේ. ඉස්කෝලේ ගියත් වැඩක් නැ. බාගෙට බාගයක්ම කට්ටිය රිවිෂන් කියලා පන්ති ජාතියකට යනවා. වෙනදා ඉස්කෝලේ  එකට ජෝගි අල්ලපු කස්ටිය දැන් එන්න එන්නම අඩු වේගන යනවා. පන්ති ගියත් එපා වෙනවා. මොනාද ඉතින් උදේම පන්තියට යනවා පැය 3 ක් විතර ඔය පුටුවක් රත් කර කර ඉන්නවා. ඔන්න ඔහොම ඉන්නකොට  interval කියලා මොකක්ද එකක් දෙනවා ඉතින් පන්ති අපු හැමෝම කඩ වලට ඇඩ්මිට් වෙනවා. හොදට බන්ඩිය පිරෙන්න කාලා ආයිත් පන්තියට ගිහින් පැය දෙකක්  විතර ඉදලා ගෙදර එනවා. ඇවිත් බලපුවාම කරලා තියෙන්නේ බන අහනවා වගේ අහන් ඉන්න එක තමා. අනේ මන්දා මේ  උ . පෙ ජිවිතේ ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි වගේ.

වල් පල් කිව්වා ඇති එහෙනම් අපි අද  මාර්තුකාවට එමු. මෙන්න මේකයි කියන්න හදන්නේ ඔයාල දන්නවා ඇතිනේ මේ paypal කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවනම් ඉන්ටර් ජංජාලේ තියෙන බැංකු ගිණුමක් වගේ එකක්. මම ඔය වගේ එකක් කිව්වේ ටිකක් විතර වගේ එකක් නොවෙන හින්දා. මට දැන ගන්න ලැබුන විදියට සහ මම දන්න විදියට ඔය www.paypal.com කියන site එක හදලා තියෙන්නේ www.ebay.com කියන එක හදපු කස්ටියම තමා  එක එහෙම වෙන්න හේතුව තමා ඔය ඉ බොක්කෙන් ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්‍රමයක් ඕනි උන නිසා. පස්සේ පස්සේ ඕක අනිත් දේවල් වලටත් බාවිතා කරන්න පටන් අරන් තියෙනවා. දැන් නම් ඉතින් paypal වලින් හුගක් තැන් වල තියෙන එව්වා මෙව්වට සල්ලි ගෙවන්න පුළුවන්නේ.

හැබැයි එහෙම කියල අපි paypal account එකක් හදපු පලියටම ඔය වැඩ ටික කරන්න බැ. ඒ කිව්වේ අපි ලංකාවේ විදියට හදන paypal account එකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුළුවන්. ( ඒ කියන්නේ අනිත් රට වල් වල ඉන්න අයව පෝසත් කරන්න විතරයි කියන එක  ) කිසිම විදියකට සහ මම දන්න තරමින් අපේ ලංකාවේ විදියට හදපු paypal account එකකින් අපිට මුදල් ලබා ගන්න බැ. මෙහෙම මුදල් ගන්න , ගෙවන්න වගේම බැංකු ගිණුමට එවන්න පුළුවන් එක එක රටවල් ගොඩක් තියෙනවා. ( ගොඩක් කිව්වට ගොඩාක්ම නෙවෙයි හොදේ ) අන්න ඒ රටවල් මේ paypal site එකේ ඉංගිරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා.

ඒ ටික බලන්න මෙන්න මේ පහල තියෙන ලින්ක් ඒකෙන යන්න . . .

ඕක බලපුවාම තේරෙනවනේ අන්තර්ජාලය තුල ලංකාවට තියෙන තැන. අපේ රට තියෙන්නේ මුදල් ගෙවන්න විතරක් පහසුකම් සපයල තියෙන රටවල් අතරේ. වාසනාවන් ඔහොමවත් තියෙන එක. ඔයිං ගිය මදැයි. නොතිබුනානම් මොන කියල කොරන්නද. එක අතකින් බලපුවාම එහෙම උන එකෙත් අරුමයක් නැ අපේ කස්ටිය කරන වැඩ වල හැටියට.

අප්පෝ දැන් නම් මේක කොටලා ඇති වෙලා අත් දෙකත් රිදෙනවා. පස්සේ වෙලාවක කියල දෙන්නම්කො ලංකාවේ විදියට හරි  වෙන රටක විදියට හරි කොහොමද paypal ගිණුමක් හදා ගන්නේ කියලා. එපා වෙනවා අමුණලා කරලා ලියන්න ගියාම. එක නෙවෙයි ඔන්න දැන් ලෑස්ති වෙන්නේ පොඩි වෙළද දැන්වීමක් දාන්න මෙන්න මේකයි මගේ බ්ලොග් එකට faceබුකියේ fan page එකක් මේ වෙනකොට අටවල තියෙනවා. එකටත් පොඩි like පාරක් දාන්න.

මේ තියෙන්නේ faceබුකියේ fan page එකේ ලින්ක් එක  à Shyamin's Blog

අනිත් කාරණාව තමා දැන් ඔයාලට මගේ බ්ලොග් එක ලාංකීය බ්ලොග් සින්ඩිය හරහාත් කියවන්න පුළුවන්.
එහෙනම් අදට යන්න කියලයි ලෑස්ති වෙන්නේ හැමෝටම ජය වේවා. මේ ලිපියේ තියෙන වැරදි අඩුපාඩු එහෙමත් පෙන්නලා දීල comment එකක් කොටලා ගියොත් මාර වටිනවා. තියෙන ඕනෙම දෙයක් ලියලා යන්න.
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

15 comments:

  1. Macho, wenarataka widihata account ekak hadana widiha kiyala senna. eka godak wadagath wei

    ReplyDelete
  2. @antechno - එල එල දිගටම රැදිලා ඉන්න . . . . හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ . . . . . හිකිස්‌ ....

    ReplyDelete
  3. @sandunrox - අනිවා කියල දෙන්නම් ..... මහා දෙයක් නැ පොඩි සින් එකක් තියෙන්නේ ඊලග පොස්ට් ඒකෙන එක දාන්නම් ..

    ReplyDelete
  4. නියමයි මල්ලි දිගටම ලියමු

    ReplyDelete
  5. @Sanjaya සිතුවිලි - තැන්කු වේවා අයියේ ප්‍රතිචාරයක් දැක්කුවට මේකේ ඊලග පොස්ට් එකත් ඉක්මනටම දානවා ලගදීම.. coming soon..

    ReplyDelete
  6. Machan ubata poddk weradila......e cmz site 1 one tharam lankawe thiyanwa....eya genath poddk research karala balanna kollo...

    ReplyDelete
  7. @Dilshan Subasinghe - මට තේරෙන්නේ නැනේ මේ කියන දේ ... තව විස්තර සහිතව comment එක දාන්නකෝ ... ඒ වගේම ගොඩක් තැන්කු වේවා ප්‍රතිචාරයක් දක්කුවාට

    ReplyDelete
  8. I have a Problem..... mage paypal account 1 okkoma hariyata tiyenawa.man e mail/ card hamadaema conform karala tiyenne.....bt pelak welawata mata paypal 1n salli gewanna ba....mokakda error 1k enawa......
    mara wade...e nisa mata mokakwath genna ganna ba ban.....

    ReplyDelete
  9. @MBM HASHEEM - මොකක්ද එන පණිවිඩය කියන්න පුලුවන්නම් මට පුළුවන් වෙයි උදවු කරන්න ...

    ReplyDelete
  10. ඒ මට පේපැල් එකක් හදල දියන්කෝ නැත්තම් හදන හැටි දාහන්කො

    ReplyDelete
    Replies
    1. එල එල ... හදන හැටි දාන්නම් ඉක්මනටම ඇ ...

      Delete
    2. pay pal& Ebay wala postal code 1 widihata danne api inna area 1 postal code 1 da??

      Delete
  11. Pay pal & Ebay walapostal code 1 widihata danne api inna area 1 postal code1da

    ReplyDelete