Pages

12 September 2011

මොනාද මේ mono sound system කියන්නේ ?


ඔන්න අද එහෙනම් අලුත්ම කතාවක් අරගෙන ආව. කතාව කියන්නේ හැමදාම හොමෝම ලගින් ආශ්‍රය කරන sound system ගැන. හැමෝමටම ඇතිනේ මොකක්හරි sound system එකක්. හරි වැඩි කතා ඕනේ නැ කෙලින්ම කතාවට බහිමු. ( ලිස්සන සුළු අය පරිස්සමට බහින්න ) !

ඔයාල අහල තියෙනවද speker එකක් විතරක් තියෙන පරණ radio එකක් එහෙම. කොහොමද නියමයි නේද. ඔන්න ඔතනදි වෙන්නේ ඔයාල අහන සින්දුවේ හරි හඩ පටයේ හරි තියෙන ඔක්කොම ශබ්ද ටික ඔය තනි speker ඒකෙන ඇහෙන එකනේ. කොටින්ම කියනවනම් මෙලෝ 3D ගතියක් නැ. ඔක්කොම සද්ද ටික එකම තැනකින් ඇහෙනවා.ඔන්න ඔහොම ඇහෙන එකට කියන්නේ Mono sound system එකක් කියලා. ඔය mono කියන්නේ ටිකක් දිග වචනයක් කොට කරලා හදා ගත්තු වචනයක් ඔකේ දිග වචනේ තමා “ Monaural “ කියල කියන්නේ. හැබැයි ඉතින් දැන් නම් මේ ක්‍රමය බාවිත වෙන්නේ නැති තරම්. ඉස්සර තිබුණු දියුණුම ක්‍රමයක් උනාට දැන් තියන ඒවත් එක්ක බලනකොට මේක හරිම ප්‍රාථමික අවදියේ එකක් විදියට තමා සලකන්නේ. ඕකට ඔහොම වෙන්න හේතුව තමා mono ක්‍රමයේදී එක sound channel එකක් පමණක් බාවිතා කිරීම. තවත් හේතු තියෙනවා ඔය හේතුව තමා ඕක මිනුස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව.




උඩ තියෙන රුප ටිකක් බලන්නකෝ. ඔය තියෙන්නේ mono audio jack ටිකක්. හරිම සිම්පල් කොටස් දෙකයි තියෙන්නේ. ඔන්න ඕකෙන් පුළුවන් එක channel එකක් විතරක් තියෙන audio එකක් හුවමාරු කර ගන්න.



ඔය තියෙන්නේ සිරාම mono casset එකක් එක speker එකක් විතරයි තියෙන්නේ ඇහෙන ඔක්කොම දේවල් ඕකෙන් ඇහෙනවා. ඔන්න දැන් කස්ටියට අස හිතිලා ඇති mono තාක්ෂනය උපයෝගී කරගෙන සින්දුවක් අහන්න. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. එක්කෝ ඔය උඩ තියෙනවා වගේ එක speker එකක් විතරක් තියෙන casset එකක් හොයා ගන්න වෙනවා. අනිත් හොදම ක්‍රමේ තමා mp3 වැඩ කරන chiness speker phone එකක් හොයා ගන්න එක. ඕකට පරණ කලේ සින්දුවක් දාල ඇහුවනම් සිරාම mono තමා. එහනම් ඉතින් අදට මම යනවා. අයිත් දවසක හම්බ වෙමු. ඊලග පාර කියල දෙන්නම් stereo sound system ගැන 

මේ ලිපියේ වැරද්දක් තියෙනවනම් සමාව බාජනයට දාල වැරැද්ද කියල දෙනු මැනවි. 


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

2 comments:

  1. ela ela niyama lipiyak. . . .

    ReplyDelete
  2. @Anonymous - තැන්කු වේවා මචෝ ප්‍රතිචාරයක් දැක්වුවාට

    ReplyDelete