Pages

06 November 2011

ebay ඒක ඇත්තටම sure !


මේ කතාව එක පාරටම ලියන්න හිතුනේ. එක එක්කෙනා ebay ගැන අහන කතා ගැන හිතිලා. මේ ලගදි මට උන සිදුවීමක් තමා මේ ලියන්න හදන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ උනේ. මම මේ ලගදි දවසක ලගදි කිව්වට මාසෙකට විතර කලින් ebay ඒකෙන් Hard Disk Encloser එකක් ගත්තා. ඔන්න ඉතින් අරගෙන සල්ලි එහෙම ගෙවලා දැන් බලාගෙන ඉන්නවා කොයි වෙලේද එන්නේ කියලා. කොහොමින් කොහොමින් හරි මම ගෙදර නැති වෙලාවක් බලලා පියුම් මාමා ඕක අපේ අම්මට ගෙනත් දීලා ගිහින් තිබුනා. ඉතින් මම ගෙදර ආපු ගමන් පාර්සලේ දිග ඇරලා කරලා බැලුවා. ඔක්කොම හරි එත් පොඩි කොස්සක් තියෙනවා. කියල තියෙන්නේ එකක් එවල තියෙන්නේ වෙන එකක්. ඒ කිව්වේ කියලා තියෙන ජාතියේ cable එකක් නෙවෙයි මට එවල තිබුනේ වෙන එකක්. පහල රූපේ බලන්නකෝ. මට එවනවා කියලා තිබුන cable එකේ තියෙනවා කිව්වේ USB පොර්ට්ම 3 නක් එත් එවල තියෙන එකේ Mini USB පොර්ට් එකකුත් තියෙනවා.





ඉතින් මම ඉක්මනටම ආයිත් ජන්ජාලෙට ගිහින් seller ට වෙච්ච සිද්ධිය කිව්වා. මිනිහටත් ඉතින් එක පාරටම sure නෑ. ඊට පස්සේ අර එවලා තිබුන cable එකේ photo එහෙම යවලා කොහොම හරි වෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නා. 
පස්සේ කොහොම හරි ඒක එවලා තියෙන්නේ වැරදිලා එක වෙනුවට වෙන එකක් එවන්නම් කියලා මට ඒ seller කිව්වා. ඔන්න ඉතින් ආයිත් බලාගෙන ඉන්නකොට පියුම් මාමා ඇවිත් පාර්සලයක් දීලා ගියා. මේ පාරනම් වැඩේ ගොඩ. හරිම cable එක එවලා. කලින් එවපු එකත් මන් ගාව. මේ තියෙන්නේ අලුතින් එවපු ඒක.




මේ කතාව කියන්න හේතුව තමා ගොඩක් අය බයයි ebay ඒකෙන් මොකුත් ගෙන්න ගන්න. මම නම් කියන්නේ එකට බය වෙන්න දෙයක් නෑ. මොනා හරි වැරදීමක් උනොත් එක එයාලා නිවැරදි කරනවා. එක හින්දා ebay එක ඇත්තටම ගොඩක් විශ්වාසයි. හැබැයි ගන්න කලින් අපි ගන්න දේ ගැන දාලා තියෙන මුළු විස්තරේම කියවලා එක ගැන සැක හැර දැන ගන්න ඕනි. එයාල ඒ විස්තරේට පිටින් වෙන කිසිම දෙයක් ආයිත් නිවැරදි කරන්නේ නෑ. විස්තරෙයි එවලා තියෙන එකයි ගැලපෙනවානම් එකට අපිට මුකුත් කරන්න අමාරුයි. මොකද ඒක අපේ වැරදිමක්නේ. ඔන්න ඔයාල මේ කතාව කියවල අදහසක් දාල යන්න. ඔයාලගේ අත්දැකීමුත් තියෙනවනම් ඒවත් දාන්න. එහෙනම් අදට මම යනවා. හැමෝටම ජය. 





ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

18 comments:

  1. e bay බඩු ගන්න නන් මටත් ආසයි .. අව්ලකට තියෙන්නේ මට credit card එකක් නැනේ .. අපි තාම අනුන්ගෙන්නේ යැපෙන්නේ ...

    ReplyDelete
  2. ගන්න කලින් හොඳට කියවල බලල ගන්න තාක් කල් ebay ෂුවර්..
    මට දැනට තුන් පාරක් විතර වැරදි බඩු එවල, ආයෙ කියල දෙවැනි පාර ගෙන්නගෙන තියෙනවා..

    ReplyDelete
  3. මං ගොඩාක් ආස කලා ඇපල් අයි-ෆෝන් 4 එකක් ගෙන්න ගන්න. මමත් ඉතිං ඔය කිවිව විදිහටම තමයී ට්‍රයී කලේ. අපරාද් කියන්න බැහැ. වැඩෙි නමි මම කරගත්තා. හේ....හේ..!!!!!

    ReplyDelete
  4. @danulatb : sampath web කාඩ් එකක් ගන්න

    ReplyDelete
  5. mmmmm! top rates thiyana seller kenek nam godakma hodailu needa bNZ! mmmM! man cam 1k gennanna giyama eeka balapu yaluwek mata qwa eeka vikunanna hitapu seller sure na bn top rate ekak hoyala balamu kiyala! mmm! ee ganath kiyahankoo machooo!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මම Android Tablet M1006S එකක් ගත්තා ebay ඒකෙන් Skype video වැඩ කරන්නේ නෑ...මම සෙලර්ට කිව්වා ආයිත් අරක ඇරියා මට සල්ලි දුන්නා ...

    ReplyDelete
  8. @danulatb
    http://dhanikauom.blogspot.com/p/ebay.html

    ReplyDelete
  9. මචං, මම අහලා තියනවා Ebay එකෙන් සල්ලි හොයන්න පුඑවන් කියලා. ඒක ඇත්තක්ද?

    ReplyDelete
  10. @danulatb - කාර්ඩ් එකක් ගෙදර කගේ හරි නමකට අරගන්න වයස මදිනම් ... නැත්තම් ඉතින් වෙබ් කාර්ඩ් එකක් හරි HNB Visa Debit කාර්ඩ් ඒක හරි ගන්න ....

    ReplyDelete
  11. @sandunrox - ඔව ඔව drop ship වගේ දේවල් වලින් පුළුවන් ..... ඒවා ගැනත් ඉස්සරහට කියන්නම් ... දිගටම ඉන්නෝ ....

    ReplyDelete
  12. BOC credit card එකෙන් ගන්න බැරිද

    ReplyDelete
  13. @Tharindu - එකනම් මම හරියටම දන්නේ නැ ... VISA Support කරනවානම් දාන්න පුළුවන් .... බැංකුවෙන් අහල බලන ඒක තමා කරන්න තියෙන්නේ ....

    ReplyDelete
  14. ebay එකේ බඩු ගෙන්නනන එක නම් sure තමා. ගන්නකොට හොදට බලන්න ගන්න බඩුවේ quality එක. මොකද ගොඩක් තියෙන්නේ hongkong.

    ReplyDelete
  15. @Anonymous - එකනම් ඇත්ත තමා .... හොදට බලලා ගන්න ඕනි .. ප්‍රතිචාරයට ස්තුතියි ...

    ReplyDelete
  16. එක එක එක්කෙනා දේවල් කිව්වට මටත් ඊබේ ගැන ෂුවර් එකක් තිබුණේ නැහැ. මේ වෙන කොට මම පොඩි පොඩි ගණන් වල බඩු 10 ක් විතර ගෙන්න ගත්තා.එයාල‍ගේ විස්තරෙත් අපේ අවශ්‍යතාවත් හොදට බලන්නයි ඕනේ.

    ReplyDelete
  17. @kandyangateඇත්තටම ඒක තමා වෙන්න ඕනි ... එල එල ...

    ReplyDelete
  18. machan mata danaganna puluwanda use 4n ekak ganna pay karoth eka gedaratama enawada naththan custom ekata gihin ganna oneda kiyala? 4n custom eken release karanne na kiyala kathawak thiye neda?

    ReplyDelete