Pages

19 September 2011

Stereo Sound System මොන වගේද ?

ඔන්න අද ලියන්න යන්නේ stereo sound system ගැන. කලින් ලිපිය ලිව්වා mono sound system ගැන මතක ඇති කස්ටියට මම හිතන්නේ. එක බැලුවේ නැති බලන්න ඕනි අය ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එහෙනම් 
වැඩි කතා නැතුව අද මාතෘකාවට එමු.




මුලින්ම බලමු මොකක්ද මේ stereo කියන්නේ කියලා. stereo කියන්නේ mono කියන තාක්ෂණය දියණු කරලා හදපු ක්‍රමයක්. මේකෙදි වෙන්නේ mic දෙකක්  හරි වෙන මොනාම හරි Line In දෙකක් වෙන වේනම් channel දෙකක් ඔස්සේ  සංකලනය කරමින් විසිරුවා හැරිම. හරියටම කියනවනම් වම ( left ) හා දකුණ ( right ) ලෙස මයික්‍රොෆෝන ( mic ) දෙකකින් ශබ්ද ලබා ගැනීමත්, එලෙසින්ම ස්පිකර් දෙකකින් ඒවා ඇසීමට පුළුවන් වීමත් stereo ක්‍රමයයි. මේකෙදි කලින් mono ක්‍රමයේදී වගේ නෙවෙයි ටිකක් හොදට ශබ්ද තරංග රස විදින්න පුළුවන්. මේකෙන් මොන හරි අහනකොට අර ස්පිකර් දෙක යා කෙරෙන රේකාව ඔස්සේ විවිද ස්ථාන වල සිට ශබ්දය පැමිණෙන සේ අසන්නාට දැනෙනවා.

ඔන්න ඔය පහල තියෙනවා වගේ jack තමා මේ stereo sound system වලදී යොදා ගන්නේ. පහල පින්තුරේ බලන්නකෝ ඔන්න ඔය විදියට තමා ඔය jack ඒකෙන Audio Gain Signal එක විසුරුවා හරින්නේ. ඕකට කම්බි 3 ක් තියෙන වයර් එකක් ඕනි කරනවා මොකද වම සහ දකුණ කියන audio signal දෙකට වෙන වෙනමත් ඒ දෙකටම පොදු එක අග්‍රයකුත් ඕකෙදි බාවිතා කරනවා.

Stereo jack system
ඔන්න ඔයාලට දැන් මේ jack එක ගැන ටිකක් වැටහෙන්න ඇති නේද ? ඔන්න ඔය පහල තියෙන රුප ටිකත් බලපුවම හොදටම වැටහෙයි එහෙනම්. බලන්නකෝ ඔතන තියෙනවා නිවැරදිව සම්මත ක්‍රමයට ඔය ජාතියේ stereo jack එකකට වයර් සම්බන්ද කරන හැටිත්.


clip wires



මේ විදියට stereo sound system එකකට හොදම උදාහරණ විදියට දෙන්න පුළුවන් ඔයාලගේ ඔය ගෙවල් වල තියෙන ස්පිකර් දෙකේ රේඩියෝ එහෙම. එහෙම උනාට එක පැත්තකින් බලපුවම මේකත් එක surround sound system එකක් තමා. ඔන්න එහෙනම් අදට මම යනවා ඊලග ලිපිය දාන්න හිතන් ඉන්නේ stereophonic sound system ගැන එහෙනං මේකේ වැරද්දක් තිබුනොත් මතක කරලා comment එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ඕනෙම විදියේ අදහසක් දාල යන්නත් අමතක කරන්න එපා  





   




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment