Pages

27 November 2011

Paypal ගිණුමට VISA කාර්ඩ් ඒක එකතු කිරීම. පියවරෙන් පියවර සරලව.


ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේක අදාළ වෙන්නේ credit card තියෙන අයට තමා. ( අනිත් අයට වෙනත් ලිපියක් දාන්නම් ) අද කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ paypal ගිණුමට credit card එකක් add කරන්නේ කියලා. හරිම ලේසි වැඩක් වගේම ඉතාමත් ඉවසිල්ලෙන් කල යුතු වැඩක්. අද මම මේ විදියට ඔයාලට HNB බැංකුවෙන් දෙන HNB Visa Debit Card ඒක  ඔයාලගේ paypal ගිණුමට සාර්ථකව එකතු කර ගන්න හැටි කියල දෙනවා. කාර්ඩ් ඒක ගැන කියනවනම් මෙන්න මෙහෙමයි, මේක ගන්න වයස අවුරුදු 18 ක් සම්පුර්ණ වෙලා තියෙන්න ඕනි, ජාතික හැදුනුම් පතත් ඕනි, ගිණුම ආරම්භ කරන්න රුපියල් 2000 ක මුදලක් ඕනි. ඔන්‍න‍ ඔය ටිකත් අරගෙන බැංකුවට ගිහින් ගිණුමක් අරඹ කරන්න පුළුවන්. ඊට පස්සේ එතනදීම එයාල ඔයාට card ඒක දෙනවා. හැබැයි පොඩි කොස්සක් තියෙනවා ඔය දීපු කාර්ඩ් ඒක activate වෙන්න දවස් දෙකක් යනවා.

හරි එහෙනම් දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා මුලින්ම ඔක්කොම කියවලා ඉන්න හොදේ. එහෙනම් දැන් දෙයියනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාල ලංකාවේ විදියට හදා ගත්ත paypal ගිණුමට. ඊට පස්සේ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.


පිතුරේ පැහැදිලි මදිනම් ලොකු කරලා බලන්න පින්තුරේ උඩ click කරන්න හොදේ.ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.


එතැනදී ඔයාලට ඔයාලගේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ Card Type කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.


ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් ඔයාලටත් ඇවිල්ල ඇති.


තව දෙයක් තියෙනවා කියන්න මම මෙතැනදී Add කලේ HNB බැංකුවෙන් දෙන VISA Debit කාර්ඩ් ඒක. එකේදී නම් add කරන්න කලින් බැංකුවට කතා කරලා internet payments සදහා card ඒක acvtive කරන්න කියල කියන්න ඕනි ඊට පස්සේ තමා කාර්ඩ් ඒක paypal එකට එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊලග දවසේ බලමු කොහොමද මේ විදියට එකතු කර ගත්ත card ඒක confirm කරන්නේ කියලා.










ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

31 comments:

  1. @Dilan Dananjaya එල එල ස්තුතියි ..... දිගටම රැදිලා ඉන්න .... facebook fan page එකටත් like එකක් දාන්න ..

    ReplyDelete
  2. අනේ බුදු රත්තරන් කොලුපැටියෝ! HNB කාඩි එක ගැන තව විස්තර ටිකක් කියන්න. රුපියල් 2000කින් ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්ද? ඩොමේන් පොජ්ජක් ගන්න පුලුවන්ද මේකෙන්. වෙන රටක පේපැල් ගිණුමකට මේ කාඩ් එක දාගන්න පුලුවන්ද? මොකද එතකොට සල්ලි ගන්නත් පුලුවන්නෙ! ඒකයි. තවදෙයක් අද උදේ කාඩ් එක ගත්තනම් අන්තර්ජාලයේ ගණුදෙනු කරන තැන දක්වා යන්න කොපමණ කාලයක් ගතවෙනවද? මේටික පැහැදිලි කරල දෙන්න සුදු රත්තරන් මල්ලියේ. පොඩ්ඩක් විතර බටර් පාර ගෑවට. දවසෙ හොඳම කික් එක මේක තමයි මල්ලියෝ. මේකට රිප්ලයි එකක් දානකන් මම දෑස් නොපියා බලා සිටිමි.

    ReplyDelete
  3. ආ ප්‍රශ්ණ ඇහුවට ස්තුති කරන්න බැරිඋනානේ! ඔන්න මල්ලි බබාට රත්තරණේ පිහිට ආරක්ෂාවයි. බුක්මාර්ක් කොලා ඔන්න

    ReplyDelete
  4. @Meena Shati අප්පා මෙහෙම බටර් පාරක් මෙලෝ එකෙක් ගෑවේ නැ ..... මෙන්න මෙහෙමයි රුපියල් 2000 ක් හොදටම ඇති ... domain එකකුත් ගන්න පුළුවන් මාත් ගත්තේ මේ කාර්ඩ් එකෙන්... වෙන රටක paypal එකකටත් දාන්න පුළුවන් එත් එපා ඒක ප්‍රස්නයක් වෙන්න පුළුවනි ..... ගනුදෙනු කරන තැන දක්වා යන්න මටනම් ගත උනේ දවස් දෙකයි .... බැංකුවෙන් කියන්නේ සතියක් යනවා කියලා ....

    තවත් විස්තර ඕනි නම් කිසි ගැටළුවක් නැ අහන්න ...

    උම්මා ......

    ReplyDelete
  5. ගොඩාරියක්ම ගොඩාරියක්ම ගොඩාරියක්ම ස්තුතියි මල්ලියෝ! ඇත්තට ඔයා මට කලේ ගොඩාක්ම ලොකු උදව්වක්. මේකට රිප්ලයි කරන්න ඔයාගෙ වටිනා කාලය කැප කලාට ඔයාට ගොඩක් පින්. දැන් මට ඔයාගේ නම මතකයි ශාමින් කියල ගැහැව්ව ගමන් ටක්ගාල සයිට් එකට එන්න පුලුවන්. මේ වගේ ප්‍රයෝජනයක් තියෙන වැදගත් ලිපි මහන්සිවෙලා ලියනවාට මල්ලිට කොහොම ස්තුති කන්නද කියල හිතාගන්න බහැ. බටර් ගානව නෙමේ මල්ලි.සතුටටයි කිව්වෙ. මල්ලිට බුදු සරණයි.

    ලඟ හිටියනම් උම්ම දෙකක්ම දීලයි පස්ස බලන්නෙ.

    ReplyDelete
  6. @Meena Shati අනේ මොන කලත් කමක් නැ ... ස්තුතිය කන්න එපා .... ඉස්සරහට හොද හොද දේවල් හොදේ .....

    ReplyDelete
  7. ad click karana salli BOC eke 14+ atm card ekata yawaganna berida

    ReplyDelete
  8. @saranga - ඔයා සල්ලි දාන්නේ moneybookers එකකට වගේ නම් පුළුවන් .... එත් 14+ එකට කොහොමද දන්නේ නැ....

    ReplyDelete
  9. Sure nada lankawata pay pal haraha salli genna ganna puluwan kiyala?

    ReplyDelete
  10. මල්ලී මට paypal ගනුදෙනු ටිකක් බය හිතෙනව බඩුවක් ගන්න වෙලාවට විතරක් paypal account එකට සල්ලි දාන ක්‍රමයක් තියනවද ?



    neelanuwan@

    ReplyDelete
  11. @Neelanuwan - ඔව එහෙම කරන්න වෙනම කාර්ඩ් එකක් තියා ගන්න . ඔයාට මොකක් හරි ගන්න ඕනි උනාම සල්ලි දාල ගන්න ....

    ReplyDelete
  12. sampath eka hadanna 2700k wage yanawa neda eke 2500ma use karanna puluwan neda card eka heduwata passe HNB eketh a wage card ekata yana2000 use karanna puluwanda

    ReplyDelete
  13. සම්පත් එකේ නම් 2500 ක් යනවා තමයි ... ඒක ඔක්කොම use කරන්න පුලුවන්ද කියන ඒක හරියටම කියන්න දන්නේ නැ ... එත් HNB එකේ හදන Card එකේ 2000 න් රුපියල් 100 ක් විතර ඉතුරු වෙන්න ඉතුරුව වියදම් කරන්න ... ඒ 100 තියන්නෙත් නිකන් කාර්ඩ් ඒක inactive වෙන්න නොදී තිය ගන්න ඕනි නිසා ...

    ReplyDelete
  14. නියමයි මචන් මෙක මම ගොඩක් කල් ඉදල හොය හොය හිටපු එකක් මේක... බොහොම ස්තූතියි.... ඉදිරියටම යන්න සුභ පතනවා.... තව අලුත් දේවල් ටිකක් දෙන්න....

    ReplyDelete
  15. නියමයි මචන් මෙක මම ගොඩක් කල් ඉදල හොය හොය හිටපු එකක් මේක... බොහොම ස්තූතියි.... ඉදිරියටම යන්න සුභ පතනවා.... තව අලුත් දේවල් ටිකක් දෙන්න....

    ReplyDelete
  16. debit card eken pay pal එක verify කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Visa Debit නම් පුළුවන් ... එත් හැම බන්කුවෙනම දෙන ඒවගෙන් බැ ...

      Delete
  17. @Asiri Kaluarachchi - මේ කරලා තියෙන්නේ HNB Visa Debit Card ඒකෙන් තමයි යාලු ...

    ReplyDelete
  18. HNB visa debit card add එක කරන්න යද්දි මෙහම එන්නෙ ඇයි.........(This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer's customer service department. Or, you may want to try adding a different credit card.)

    ReplyDelete
    Replies
    1. යාලුවා මෙහෙම වෙන්නේ මේකයි ... ඔයාගේ කාර්ඩ් ඒක තවම active වෙලා නැති හින්දා ... ATM වලින් ගනුදෙනු කරන්න පුළුවන් උනත් අන්තර්ජාල ගනුදෙනු සදහා කාර්ඩ් ඒක active නැතුව ඇති ... දැනටමත් ඔයාට මේ කාර්ඩ් ඒකෙන ATM වලින් ගනුදෙනු කරන්න පුලුවන්නම් බැංකුවට කතා කරලා කියන්න ඔයාගේ කාර්ඩ් ඒක අන්තර්ජාල ගනුදෙනු සදහාත් active කරන්න කියලා ...

      Delete
  19. HNB visa card add එක කරන්න යද්දි මෙහෙම වෙන්නෙ ඇයි............... (This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer's customer service department. Or, you may want to try adding a different credit card.)

    ReplyDelete
    Replies
    1. යාලුවා මෙහෙම වෙන්නේ මේකයි ... ඔයාගේ කාර්ඩ් ඒක තවම active වෙලා නැති හින්දා ... ATM වලින් ගනුදෙනු කරන්න පුළුවන් උනත් අන්තර්ජාල ගනුදෙනු සදහා කාර්ඩ් ඒක active නැතුව ඇති ... දැනටමත් ඔයාට මේ කාර්ඩ් ඒකෙන ATM වලින් ගනුදෙනු කරන්න පුලුවන්නම් බැංකුවට කතා කරලා කියන්න ඔයාගේ කාර්ඩ් ඒක අන්තර්ජාල ගනුදෙනු සදහාත් active කරන්න කියලා ...

      Delete
  20. machan mama paypal accoumt eka haduwe malayasia wediyata. eeka aulak nadda?. ake address wediyata damme mage geda address eka. ahema haduwama aulak nadda machan. mage debit card ekata aulak weida?




    ReplyDelete
    Replies
    1. නැහැ ගැටළුවක් නැ ... එහෙම හොදයි ... එල එල ...

      Delete
  21. machan mage credit card eke pitapasse expir date ekak nahane moko karanne?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ පැත්තේ ඇති බලන්න ... මාසෙයි අවුරුද්දයි විතරයි ගහලා එන්නේ ...

      Delete