Pages

22 November 2011

ebay ගැන මුල ඉදන් සරලව !


ඔන්න එහෙනම් අද අලුත්ම ලිපි පෙළක් ආරම්භ කරන්න තමා මේ හදන්නේ කලින් පටන් අරගෙන මග ඇත ඇරලා දාපු අර Sound System ගැන ලියපු එකෙත් තව ටිකක් තියෙනවා කියන්න ඒක හෙමිහිට දාන්නම්. අද කියන්න හදන්නේ ඔයාලා හැමෝම වගේ දැන ගන්න කැමති දෙයක් ගැන. මේක ගැන නම් හුගක් අය දන්නවා මේ කියන්නේ දන්නේ නැති අයට, දන්න අයත් බැලුවට මගේ කිසි අමනාපයක් නැ . මාතෘකාව තමා Ebay , අහන්න දෙයක් නැ හුගක් අය දන්නවා. මම හදන්නේ දන්නේ නැති අයට මුල සිටම මේක කරන විදිය කියල දෙන්න . ඒ කියන්නේ අපි කොහොමද නිවැරදි විදියට ebay එකෙන් මොකක් හරි දෙයක් සල්ලී ගෙවල ගෙන්න ගන්නේ කියන ඒක. මුලින්ම මේ දේ කරන්න ඔයාලට අත්‍යවශ්‍ය දේවල් දෙක තුනක් තියෙන්නේ ඕනි. පහලින් මම දාලා තියෙන්නේ ඒ  ටික තමා. ඔතන තියෙන ටික නම් අනිවාර්යයෙන්ම ඕනි කරනවා මේ වැඩේ කරන්න.

01 )  Ebay ගිණුමක් 
02 )  Paypal ගිණුමක් 

ඔන්න දැන් මේ ගැන දන්න අය හිතනවා ඇති තියෙන්න ඕනිම එකක් මෙතන නැනේ කියලා. ඇත්තටම  ඔයාලට මම කියල දෙන විදියට ebay එකත් එක්ක ගනුදෙනු කරන්න කිසිම විදියක බැංකු card එකක් ඕනි නැ. එකට මම විසදුමක් දෙන්නම්. ඒ විසදුම බැංකුවකින් නිකුත් කරන card එකකින් ඔයාලගේ ගිණුම වලට සල්ලි දානවට වඩා ලබදායකයි. බැංකු card එකක් තියෙන අයටත් එයාලට කරන්න ඕනි දේ මම කියන්නම්. කොහොම හරි ඔයාලට මේ ක්‍රමේ නිසා ebay එකෙන් ගනුදෙනු කරන්න අවස්ථාව උදා කරලා දෙන්න තමා මේ හදන්නේ. ebay ගිණුමක් හදන හැටි මම අද ඔයාලට කියල දෙන්නම්. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ මුලින්ම ඔයාලට මේක කරන්න email ගිණුමක් තියෙන්න ඕනි. එකේ සේවාදායකයා කව්රු උනත් ප්‍රස්නයක් නැ. 



එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ මුලින්ම මෙන්න මෙතන click කරලා ebay sing up පිටුවට යන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ඇත්තම විස්තර දාල මේ ගිණුම සකස් කර ගන්න ඕනි. ඔය පිටුවට ගියාම අහන දේවල් වලට නිවැරදි තොරතුරුම ලබා දෙන්න ඕනි විශේෂයෙන්ම ඔයාලගේ ලිපිනය ඒ වගේම postal code ඒක වගේ දේවල් හරියටම දෙන්න ඕනි.  ඔයාලට postal code ඒක එහෙම හරියටම දන්නේ නැති නම්. ඒක හරියටම හොයාගෙන මිසක් වැරදි විස්තර දාල account හදන්න එපා. එතකොට ඔයා ගන්න දේවල් ලංකාවට ගෙන්න ගනිද්දී විවිධාකාර ගැටළු වලට මුහුණ පාන්න වෙනවා.


Ebay එකේ register වෙන්න මෙතනින් යන්න.

එහෙනම් ඊළගට ඕනි වෙන්නේ paypal ගිනුමක්නේ. මේකෙදි මෙහෙමයි ඔයාල ගනුදෙනු කරන්න හදන්නේ කෙලින්ම බැංකුවෙන් දෙන card ඒක ඔයාලගේ paypal ගිණුමට link කරලනම් ඔයාල ඔයාලගේ paypal ගිණුම ශ්‍රී ලංකාවේ ඔයාලගේ ඇත්තම ලිපිනය දාලා හදන්න. එහම නැතුව ඔයාලා මම කියල දෙන විදියට මේක කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඔයාලගේ paypal ගිණුම වෙන රටක එකක් විදියට හදන්න. ඒ විදියට ගිණුම හදන හැටි මම කලින් දවසක ලිපි වල දාලා තියෙනවා. ඔන්න ඒ ලිපි දෙකේ ලින්ක් දෙකක් මම පහලින් දැම්මා





තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අවුරුද 18 ට අඩු  අයට credit card ගන්න බැරි හින්දා තමා මම අර අනිත් ක්‍රමේ ඔයාලට හදුන්වා දෙන්න යන්නේ. එහෙම අය  පිටරට විදියට ඔයාලගේ paypal ඒක හදා ගන්න UK විදියට හැදුවනම් ගොඩක්ම හොදයි.

ඔන්න එහෙනම් ගිණුම දෙක හදාගෙන ලෑස්ති වෙලා ඉන්න. ඊළගට කියල දෙන්නම් ඔය දෙක කොහොමද එකට ලින්ක් කරන්නේ කියලා. එහෙනම් අදට මම ගියා. දිගටම රැදිලා ඉන්න බ්ලොග් එකත් එක්ක. අලුතින් වැටෙන ලිපි ඔයාලගේ email එකට ගෙන්න ගන්න ඔයාලගේ email ලිපිනයත් subscribe කර ගන්න. අහන්න තියෙන ඕනිම දෙයක් comment එකක් විදියට අහන්න.








ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

24 comments:

  1. මමත් මේ ගැන උනන්දුයි. උනන්දුව කෙසේදයත් මට තාම මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ. ඒත් ට්‍රයි කරනවා. දිගටම ලියන්න. ඇත්තටම වටිනවා. ජය!!!!

    ReplyDelete
  2. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  3. tikak speed wedi wage. credit card thiyena ayata pitarata widiyata ginum hadanna one neha neda?

    ReplyDelete
  4. පොස්ටල් කොඩ් කියන්නෙ මොකද්ද? මට ඕක මාර ප්‍රශ්නයක්

    ReplyDelete
  5. @malmi

    අනිවා දිගටම ලියනවා .... බය වෙන්න එපා පොඩි වැඩක් කරන්න තියෙන්නේ ....

    ReplyDelete
  6. @ලොකු ඡෝන් එල එල ස්තුතියි අදහසට .... දිගටම රැදිලා ඉන්න ...

    ReplyDelete
  7. @Anonymous හරි හෙමිහිට ටික ටික ලියන්නම් එහෙනම් ... credit card තියෙනවනම් ලංකාවේ විදියට හදන්න ....

    ReplyDelete
  8. @ashen18 නැතුවට කමක් නැ .... පිටරට විදියට paypal එකක් හදලා රැදිලා ඉන්න ... ලාබ ක්‍රමේකට ප්‍රස්නේ විසදලා දෙන්නම් ..

    postal code කියන්නේ ඔයාලගේ පළාතේ ඔයාලට අදාළ වන තැපැල් කන්තෝරුවේ හදුනා ගැනීමේ අංකය ..... දන්නෙම නැත්තම් වැඩිහිටි කෙනෙකුගෙන් අහලා බලලා හරිම ඒක දාන්න ... වැරදි ඒවානම් දාන්න එපා ... එහෙමත් හොයා ගන්න බැරි උනොත් මට email එකක් එවනන උදවු කරන්නම් ...

    shyaminf@live.com

    ReplyDelete
  9. E bay ගැන ඉතා හොඳ ලිපි පෙලක් මෙතනත් තියනවා.ලියලා තියේන්නේ SETT Language Decoder එක සෑදූ ධනික සහෝදයා විසින්
    http://dhanikauom.blogspot.com/search/label/eBay

    ReplyDelete
  10. @තීර්ථ යාත්‍රිකයා ඔව සහෝදරයා ..... මමත් ඔය ටික කියවලා ලොකු අත්දැකීම් ගොඩක් ලැබුවා ... ඇත්තටම හොදයි ..

    ReplyDelete
  11. 18 + නැතෝ තමා මටත් .. paypal හදන එක කර ගන්න පුළුවන් උනාට credit card එකක් ගන්න බැනේ නැතුව .. ඉහි හි .

    ReplyDelete
  12. එළ මම ගොඩක් බඩු ගන්නේ..eBay එකෙන්..මම නං යූස් කරන්නේ AMEX ගිෆ්ට් කාඩ් එකක්..ක්‍රෙඩිට් කාඩ් ගන්න බැරි අයට එළ සොලුයුශන් එකක්.....25$ , 50$ , 100$ කාඩ් ගන්න පුළුවන්.....paypal එකට ලින්ක් කරා ඕඩර් කරා...

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක්..... ඇත්තටම මම ඒ ක්‍රමේ දන්නේ නැ .... එකට සල්ලි ගෙවන්නේ කොහොමද ? .....

    ReplyDelete
  14. yaluwa wade nam niyamai eth mata podi aulak thiyanawa mama inne italiye uthin mama kohomada ewa purawanne

    ReplyDelete
  15. දුමිත් මධූෂ - ඔයාට ඉතාලි වලින් VISA හරි Master හරි කාර්ඩ් එකක් ගන්න පුළුවන්නේ .... එතොකොට ඉතුරු වැඩේ සිම්පල් .... කරන්න දෙයක් නැති තරම් ....

    ReplyDelete
  16. postepay කාඩ් එකක් හදා ගත්තොත් පුලුවන්ද යාලුවා

    ReplyDelete
  17. යාළුවා E bay බඩු ගද්දි ගිෆ්ට් විදිහට order කරන හැටි කියල දෙන්න පුලුවන්ද ? අනේ මන්දා මම කලින් වෙන site කක pay කරලා මට ඒවා ගන්න උනේ රේගුවට ගිහින් 1080 tax දාලා අනේ එහෙම නැතුව ගෙදරට ම ගෙන්වා ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද ලොකු දෙයක් ජය වේවා !!!!!

    ReplyDelete
  18. @ඔබ නොදු‍ටු ලොවක්..... මටත් ගිෆ්ට් card 1 ඔර්දෙර් කරන හැටි කියල දෙන්න පුලුවන්ද ..එතකොට කොහොමද එකෙන් payment කරන්නේ

    ReplyDelete
  19. http://www.postepay.it/Postepay_Standard/postepay_standard_home.html


    ඔන්න ඔය කාඩ් එකෙන් උනත් පුලුවන් නේද එබෙයි එකෙන් බඩු මිලදී ගන්න. ඒ වගේම තව දෙයක් දැන ගන්න ඕන සහෝදරයා අපි ඒවාට ගෙවීම් කරද්දි දෙයකට ගෙවීම් කරලා ඉවර උනයින් පසුව බැරිවෙලාවත් අපිට නොදැනිම අපෙන් සල්ලි එහෙම කපා ගන්නවද එහෙම නැත්තම් සල්ලි කපා ගෙන අපිට එමෛල් එනවද අරවට මේවට කපා ගත්ත කියලා අපි නොදැනිම

    ReplyDelete
  20. mage payapal personal eccount ekak thiyanaw eka withdrow karanna puluwan widihata hada ganna hati kiyala dennako...

    ReplyDelete
  21. Actualy I studied a lot of new things. Thanx a lot...

    ReplyDelete