Pages

03 November 2011

stereophonic sound system ගැන !




ඔන්න අදත් අවේ බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් එකතු කරනවයි කියල හිතාගෙන කට්ටියට මතක ඇති sound systrm ගැන ඒ දවස් වල පොස්ට් 2 ක් දැන්මා එක දිගටම ලියාගෙන යනවා කියල හිතුවට කොහොම හරි වැඩේ පොඩ්ඩක් කණපිට ගැහුවා. ඔන්න අද හිත ගත්තා එකේ 3 වෙනි කොටස ලියනවා කියලා. කව්රු හරි මුල් කොටස් කියව්වේ නැත්තම් පහලින් ඒ පොස්ට් දෙකට ලින්ක් දෙකක් දාන්නම්.



ඔන්න අද ලියන්න යන්නේ ඔකේ 3 වෙනි කොටස එකේදී කියන්න හිතාගෙන ඉන්නේ මේ stereo වලට පස්සේ එකම දියුණු කරලා හදපු stereophonic sound system එක ගැන. මේකේ කතාව මෙහෙමයි ඔයාල කව්රුත් දන්නවා ඇතිනේ මේ දැන් තියෙන සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ( sorround sound system ) ගැන, ඕක  හදන්න මුල පිරුවේ බටහිර චිත්‍රපට කර්මාන්තය. එයාලට ඕනේ උනේ මේ චිත්‍රපටි වල එන ත්‍රාසයජනක , බිහිසුණු , ඉතාමත් සංවේදී අවස්ථා බලන කෙනාට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට ඉතාමත් සමීප වන විදියට ඉදිරිපත් කරන්න. එකේදී තමා ප්‍රථම වතාවට ඔය sorround sound system බිහි වෙන්නේ.
හරියටම කියනවනම් 1941 දී විතර “වෝල්ට් ඩිස්නි” කියන චිත්‍රපට සමාගම ප්‍රථම වතාවට “ Fantasia “ කියන චිත්‍රපටියට ඕඩියෝ චැනල් ( audio channel ) විදියට ශබ්දය පටිගත කරලා තියෙනවා. එකේදී එකිනෙකට වෙනස් දිශා හතරකින් ශබ්දය පටිගත කරලා ඊට පස්සේ ඒවා එකට මිශ්‍ර කරලා sound system එක හදාගෙන තියෙනවා. මම දන්න විදියට එක තමා ලෝකේ පළවෙනිම sorround sound system එක. ඔන්න ඔය ක්‍රමය පස්සේ වෙනම ප්‍රමිතියකට සකසලා  stereophonic sound system කියන නම දාලා තියෙනවා.

මේ ක්‍රමයේදී ඒ කියන්නේ stereophonic sound system එකේදී සියලුම ශබ්ද කොටස් ලේෆ්ට් ( left ) , සෙන්ටර් ( center ) , රයිට් ( right ) සහ සරවුන්ඩ් (  sorround ) කියල චැනල් ( channel ) 4 කට වෙන් කරනවා ඊට පස්සේ ඒවා විකාශය කරද්දී ලේෆ්ට්  , සෙන්ටර් , රයිට් ස්පිකර් දර්ශන තලය පිටුපස පිලිවෙලින් වම මැද හා දකුණ විදියට ස්ථාන ගත කරලා තියෙනවා.  ඊට පස්සේ  සරවුන්ඩ් ස්පිකර් ශාලාවේ දෙපැත්තේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි තියල තියෙනවා. ඔන්න ඔහොම කරාට පස්සේ චිත්‍රපටිය විකාශය වෙනකොට ඒ දර්ශනයේ කතා කරන කෙනා ඉන්නේ වම් පැත්තේ නම් එයා  කියන දේවල් ඇහෙන්නේ ලේෆ්ට් ස්පිකර් ඒකෙන් , දකුණේ ඉදන් කතා කරොත් ඒවා ඇහෙන්නේ රයිට් ස්පිකර් ඒකෙන් , ඒ වගේම මැද ඉදන් කතා කරොත් ඒවා ඇහෙන්නේ  මොකෙන්ද ? ( හිකිස්‌ ..... ) වෙන මොකෙන්වත් නෙවෙයි සෙන්ටර් ස්පිකර් ඒකෙන්.  මේ විදියට එක එක දර්ශන තල වලට අදාලව තිරයට අනුරුප වෙන විදියට ඒ ඒ ස්පිකර් වලින් ශබ්දය පිට වෙන හින්දා බලන කෙනාට මේක දැනෙන්නේ කතා කරන කේනැ ඉන්න තැනින්ම ශබ්දය එනවා වගේ. සෝයි නේද ? ...... අපොයි දැන් ඔයාලට හිතෙනවා ඇති මොකටද මේ  සරවුන්ඩ් කියල ස්පිකර් වගයක් ශාලාවේ දෙපැත්තේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි තියල තියෙන්නේ ඒවා කිසි වැඩකට නැනේ කියලා. නැ නැ එහෙම හිතන්න එපා ඒවා තමා වැදගත්ම වැඩේ කරන්නේ. මුළු ෆිල්ම් එකේම තියෙන පසුබිම් ශබ්ද ( love seen එකක නම් කුරුල්ලෝ කැ ගහන ඒවා එහෙම ...... ) සහ ඉතා සියුම් හඩවල් ඔක්කොම මේවගෙන් තමා විකාශය වෙන්නේ එතොකොට තමා මේක බලන කෙනාට නරබන දසුන් ඉතාමත් තාත්වික විදියට ඇහෙන්නේ. පස්සේ පස්සේ මේ ක්‍රමයේ හඩේ තිවුරතා පාලනය කරන්න ලේෆ්ට් හා සෙන්ටර් අතරටත් සෙන්ටර් හා රයිට් කියන ස්පිකර් අතරටත් තවත් අමතර ස්පිකර් දෙකක් එකතු කෙරුණා.



ඔන්න ඕක තමා මේ අපි දැන් අත් විදින stereo sound system වල මුලාරම්භය. අර කලින් ලිපි දෙකේදී මතක ඇති ඔයාලට මම මේවා අත්හදා බලන්න මොකක් හරි ක්‍රමයක් කිව්වා. එත් මේකට මොකක්ද කරන්න කියන්නේ කියල හිත ගන්න අමාරුයි. ලොකු හෝල් එකක ඔය කියපු විදියට ස්පිකර් තියලා ඔය ෆිල්ම් එක බැලුවනම් වැඩේ ගොඩ. ඊට වඩා හොද ක්‍රමයක් දන්නවනම් comment එකක් විදියට දාන්න. අදට ඇති වගේ. එහෙනම් මේක බලලා ඔයාලට හිතෙන දෙයක් ප්‍රතිචාරයක් විදියට දක්වල යන්න අමතක කරන්නත් එපා. ඊලග ලිපිය Dynamic Dolby sound system ගැන ලියන්න තමා හිතාගෙන ඉන්නේ එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

7 comments:

  1. කියවන්න වටින ලිපියක්. ඔයාට good luck

    ReplyDelete
  2. macn blog eka kiyawanna amaruiii teme eka wenas karapan ban...ela post eka

    ReplyDelete
  3. na macn tika welawakin hari giya aulak na ela ela digatama liyapan

    ReplyDelete
  4. @sandunrox - thanx කොල්ලා දිගටම බ්ලොග් එකත් එක්ක හිටහන් ...

    ReplyDelete
  5. @young zezar - එල එල ස්තුතියි ප්‍රතිචාරයක් දැක්වුවාට .... දිගටම රැදිලා ඉන්න ... facebook fan page එකටත් like එකක් දාන්න ....

    http://www.facebook.com/pages/Shyamins-Blog/244587045573223

    ReplyDelete
  6. @මාධව - එල එල තැන්කු අදහසක් දැම්මට ...

    ReplyDelete