Pages

08 December 2011

අමතක වෙන්න ගිය Dynamic Dolby


දැන් කස්ටිය බලනවා ඇති කාටද , මොකක්ද අමතක වෙලා තියෙන්නේ කියලා. අමතක උනේ නම් නැ. ලිපිය දාන්න ටිකක් පරක්කු උනා එච්චරයි. මේ දවස් ටිකේ අපේ වාර විභාගේ එහෙමත් තිබුන හින්දා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේම නැ. අනික් කාරනාව තමා මාත් හීනියට adsense ගිණුමක් හදා ගත්තා. ඉතින් මේ දවස් වල english බ්ලොග් එකකට අත ගහලා තියෙන්නේ. ඉතින් එහෙනම් 

අද කතාව කියන්නම් මෙන්න මෙහෙමයි අද විස්තරේ. ඔයාලට මතක ඇති මම කලින් ලිපි දෙක තුනක් ලිව්වා sound system ගැන. බලපු නැති අය පහලින් බලන්න. ලින්ක් ටික දාන්නම්.




ඔන්න අද කියන්න යන්නේ තවත් එක sound system එකක් ගැන. බලන්නකෝ ඔයාලට අහලා පුරුදු නමක්. Dynamic Dolby කිව්වම පෙළක් අය දන්නවත් ඇති. මේක හදුන්වලා දුන්නේ වර්ෂ 1970 වෙදී Dolby laboratories කියන චිත්‍රපට සමාගමෙන්. ඇත්තටම කියනවනම් මෙයාලා කරපු ඇති දෙයක් නැ. කරේ මොකක්ද දන්නවද ? හරිම පොඩි දෙයක් , ඔයාලට මතක ඇති stereophonic sound system එකේ තිබුනා surround channel එකක් මෙයාල අන්න ඒ channal එකත් ආයිත් දෙකට බෙදුවා left හා right කියලා. පස්සේ එකට නම දැන්මා Dynamic Dolby Sound System කියලා. හැබැයි ඉතින් වැඩේ හොදයි. හොද කොලිටි එකක් මේ වැඩේ හින්දා මේ Dynamic Dolby ක්‍රමයට එකතු උනා. එතොකොට මේ Dynamic Dolby ක්‍රමයේදී sound channel පහක් බාවිතා උනා. එක නෙවෙයි හොදම වැඩේ. මම දන්නා තරමින් ඔය අපි දැන් බාවිතා කරන sub woffer වලත් හොදම place එකක් තමා මේ Dynamic Dolby කියන්නේ. ඒක එහෙම වෙන්නේ මෙහෙමයි චිත්‍රපටි ශාලා වලදී මේ විදියට Dynamic Dolby ක්‍රමය බාවිතා වෙද්දී අමතරව sub woffer කියලා ස්පිකර් එකක් භාවිතා කෙරුණා. මේකෙදි සියලුම channel වලින් එන low frequency ශබ්ධ කොටස් ඔක්කොම ටික Cross Over කියලා පරිපතයකින් යවලා. ඊට පස්සේ ඒවා වෙන් කරගෙන අවශ්‍ය පමණට වර්ධනය කරගෙන අඩු සංඛ්‍යාත sub woffer ස්පිකර් එකට ලබා දුන්නා. මෙන්න මෙහෙම කරපු හින්දා bass ශබ්ධ එහෙම ලෙසටම අහන්න ප්‍රේක්ෂකයාට හැකි උනා. ඒ කිව්වේ ගොඩනැගිලි පුපුරන ඒවා එතොකොට බෝම්බ පුපුරන ඒවා එහෙම නිකන් අපේ කකුල් දෙක යට පුපුරනවා වගේ තේරෙන්න පටන් ගත්තා. ඉතින් කස්ටියම වැඩේට හරි කැමති උනා. ඉතින් මේ තාක්ෂනය ගෙවල් වලට ගෙනියන්න පටන් ගත්තා. වෙළද නාමය උනෙත් Dynamic Dolby ම තමා. බලන්න ඔයාලගේ ගෙදරත් ඇති Dynamic Dolby කියල සලකුණු කරපු කැසට් රෙකෝඩර් එහෙම.

ඕන්න ඉතින් මට දැන් වස කම්මැලියි. අදට යන්න කියලා බැලුවේ. ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා. අනිත් දවසේ කියලා දෙනවා කොහොමද මේ එක එක ජාතියේ Sound System ස්ථානගත කරන්නේ කියලා. 


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments: