Pages

29 December 2011

ebay ගනුදෙනු කරන්න ආස අයට ටිකක් අඩුවට ..


ඔන්න එහෙනම් අද ලියන්න යන්නේ අර ebay වැඩේ ඉතුරු පොස්ට් එක. මේක පරක්කු උනාට ටිකක් සමා වෙන්න ඕනි.  ඔක්කොමල දැන් කලින් පොස්ට් ටික කියවලා වැඩේ කරන්න ලෑස්ති වෙලා බලාගෙන ඇති. මෙන්න මෙහෙමයි මම පොරොන්දු උනානේ බැංකු කාර්ඩ් නැති අයට විසදුමක් දෙනවා කියලා. ඔන්න දැන් දෙන්නයි යන්නේ. මෙන්න මේකට තමා පිටරට විදියට paypal එකක් හදන්න කිව්වේ. දැන් එහෙනම් එකත් හදලා බලාගෙන ඇති සල්ලි නැතුව. මෙන්න මෙතනට මම යෝජනා කරන්නම් ලාබදායක ක්‍රමයක්. මෙන්න මේකයි ක්‍රමේ. ඔයාලට මම paypal වලට සල්ලි එවන්නම්. ඒ වෙනුවට ඔයාල මට මගේ බැංකු ගිණුමට සල්ලි දාන්න. හැබැයි වාසිම දේ තමයි ඔයාලා $1 කට මට ගෙවන්න ඕනි රුපියල් 110 යි. බැංකු කාර්ඩ් එකක් use කරනවට වඩා මේක ලාබයි. හබැයි මම මෙහෙම සල්ලි පාඩු කරගෙන දෙන්න සක්විති කෙනෙක් නෙවෙයි. එක හින්ද ඉක්මනට තමන්ට ඕනි ප්‍රමාණය ඉල්ලන්න. මටත් මෙහෙම සල්ලි දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේක කරන්නේ බැංකු කාර්ඩ් නැති අයට නිසා කරුනාකාරලා බැංකු කාර්ඩ් තියෙන අය මේ විදියට සල්ලි ගන්න එපා. මොකද එක ඔයාල බැංකු කාර්ඩ් නැති අයට කරන අසාධාරණයක්. මේක සිද්ද වෙන විදිය ගැන දැන ගන්න ඔයාලට අයිතියක් තියෙනවනේ. ඒ වගේම එක කියන එක මගෙත් වගකීමක්. ඕනිම දෙයක් මට email එකක් දාල අහන්න කිසි ප්‍රස්නයක් නැ. තමන්ට මේක සුවර් නැතිනම් මම ඔයාලව මගෙන් සල්ලි ගත්ත කෙනෙකුට අදුන්වල දෙන්නම්. එත් බැ වගේ නම කිසි ගැටළුවක් නැ. මගෙන් සල්ලි නොගෙන ඉන්න. හැබැයි ඉතින් මම නම කවදාවත්ම කාටවත් හොරයක් කරන්න හිතාගෙන කරන වැඩක් නෙවෙයි මේක. අනිත් පැත්තෙන් මටත් මේකෙන් වාසියක් නැතුවාම නෙවෙයි. හැබැයි කිසිම කෙනෙකුට අසාධරණයක් වෙන්නේ නැ. 

එහෙනම් මෙන්න මෙහෙමයි සල්ලි ඕනි අය කරන්න ඕනි. සල්ලි කෙලින්ම ඕනි අය call එකක් ගන්න. මෙන්න මේ number එකට. call එක ගන්න කලින් පොඩියට messages පාරක් දාන්න ඔයාගේ නමයි paypal money සම්බන්දව කතා කරන්නේ කියලයි. ඊට පස්සේ විනාඩි 2 ක් 3 නකින් කොල් කරන්න. එහම නැතුව වැඩිදුර විස්තර ඕනි අය email එකක් දාන්න.   


Tel – 0775 251 479

දැන් ඉතින් එක දිගට ගල් මුල් ප්‍රහාර දියත් වෙයි. අවුලක් නැ. එක්කෙනෙකුගේ හරි අසාවක් ඉස්ට උනොත් ඒ ඇති මොකද මම දන්නවනේ මම උනත් ඒකාලේ ebay එකන් මොනා හරි ගෙන්න ගන්න කොච්චර අසාවෙන්ද හිටියේ  කියලා. ඔන්න එහෙනම් අදට මම ගියා සල්ලි ඕනි අය අර මම කියපු විදියට කරන්න. ඕනිම කෙනෙකුට ඕනෙමනම් facebook chat එකෙනුත් මාව සම්බන්ද කර ගන්න පුළුවන් එකටත් පහලින් ලින්ක් එකක් දාන්නම්

Facebook – Shyamin Ayesh



08 December 2011

අමතක වෙන්න ගිය Dynamic Dolby


දැන් කස්ටිය බලනවා ඇති කාටද , මොකක්ද අමතක වෙලා තියෙන්නේ කියලා. අමතක උනේ නම් නැ. ලිපිය දාන්න ටිකක් පරක්කු උනා එච්චරයි. මේ දවස් ටිකේ අපේ වාර විභාගේ එහෙමත් තිබුන හින්දා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේම නැ. අනික් කාරනාව තමා මාත් හීනියට adsense ගිණුමක් හදා ගත්තා. ඉතින් මේ දවස් වල english බ්ලොග් එකකට අත ගහලා තියෙන්නේ. ඉතින් එහෙනම් 

අද කතාව කියන්නම් මෙන්න මෙහෙමයි අද විස්තරේ. ඔයාලට මතක ඇති මම කලින් ලිපි දෙක තුනක් ලිව්වා sound system ගැන. බලපු නැති අය පහලින් බලන්න. ලින්ක් ටික දාන්නම්.




ඔන්න අද කියන්න යන්නේ තවත් එක sound system එකක් ගැන. බලන්නකෝ ඔයාලට අහලා පුරුදු නමක්. Dynamic Dolby කිව්වම පෙළක් අය දන්නවත් ඇති. මේක හදුන්වලා දුන්නේ වර්ෂ 1970 වෙදී Dolby laboratories කියන චිත්‍රපට සමාගමෙන්. ඇත්තටම කියනවනම් මෙයාලා කරපු ඇති දෙයක් නැ. කරේ මොකක්ද දන්නවද ? හරිම පොඩි දෙයක් , ඔයාලට මතක ඇති stereophonic sound system එකේ තිබුනා surround channel එකක් මෙයාල අන්න ඒ channal එකත් ආයිත් දෙකට බෙදුවා left හා right කියලා. පස්සේ එකට නම දැන්මා Dynamic Dolby Sound System කියලා. හැබැයි ඉතින් වැඩේ හොදයි. හොද කොලිටි එකක් මේ වැඩේ හින්දා මේ Dynamic Dolby ක්‍රමයට එකතු උනා. එතොකොට මේ Dynamic Dolby ක්‍රමයේදී sound channel පහක් බාවිතා උනා. එක නෙවෙයි හොදම වැඩේ. මම දන්නා තරමින් ඔය අපි දැන් බාවිතා කරන sub woffer වලත් හොදම place එකක් තමා මේ Dynamic Dolby කියන්නේ. ඒක එහෙම වෙන්නේ මෙහෙමයි චිත්‍රපටි ශාලා වලදී මේ විදියට Dynamic Dolby ක්‍රමය බාවිතා වෙද්දී අමතරව sub woffer කියලා ස්පිකර් එකක් භාවිතා කෙරුණා. මේකෙදි සියලුම channel වලින් එන low frequency ශබ්ධ කොටස් ඔක්කොම ටික Cross Over කියලා පරිපතයකින් යවලා. ඊට පස්සේ ඒවා වෙන් කරගෙන අවශ්‍ය පමණට වර්ධනය කරගෙන අඩු සංඛ්‍යාත sub woffer ස්පිකර් එකට ලබා දුන්නා. මෙන්න මෙහෙම කරපු හින්දා bass ශබ්ධ එහෙම ලෙසටම අහන්න ප්‍රේක්ෂකයාට හැකි උනා. ඒ කිව්වේ ගොඩනැගිලි පුපුරන ඒවා එතොකොට බෝම්බ පුපුරන ඒවා එහෙම නිකන් අපේ කකුල් දෙක යට පුපුරනවා වගේ තේරෙන්න පටන් ගත්තා. ඉතින් කස්ටියම වැඩේට හරි කැමති උනා. ඉතින් මේ තාක්ෂනය ගෙවල් වලට ගෙනියන්න පටන් ගත්තා. වෙළද නාමය උනෙත් Dynamic Dolby ම තමා. බලන්න ඔයාලගේ ගෙදරත් ඇති Dynamic Dolby කියල සලකුණු කරපු කැසට් රෙකෝඩර් එහෙම.

ඕන්න ඉතින් මට දැන් වස කම්මැලියි. අදට යන්න කියලා බැලුවේ. ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා. අනිත් දවසේ කියලා දෙනවා කොහොමද මේ එක එක ජාතියේ Sound System ස්ථානගත කරන්නේ කියලා. 

28 November 2011

Paypal එකට දාපු card ඒක confirm කරමු.


ඉතින් මෙන්න මෙහෙමයි අද සිද්ධිය. ඔයාලට අර කලින් පොස්ට් එකේ කිව්වා මතක ඇති paypal එකට කාර්ඩ් එකක් add කරන හැටි ගැන. අපරාදේ කියන්න බැ මාර comment එහෙමත් එකට ලැබිල තිබුනනේ. අම්මේ මතක වෙනකොටත් පාන් නිකන් කන්න පුළුවන්. ඉතින් ඔයාල වගේම මමත් එදා තමා කාර්ඩ් ඒක මගේ paypal එකට එකතු කලේ. එදා මම කිව්වනේ ඔය එකතු කරපු කාර්ඩ් ඒක confirm කරන විදියත් කියල දෙනවා කියලා. ඔන්න ඒ ටික කියන්න තමා අද අවේ. මහා දෙයක් නැහැ සුළු දෙයි තියෙන්නේ.

මෙන්න මෙහෙමයි confirm කරන්නේ. මුලින්ම ඔයාලගේ paypal ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට යන්න. එතන ඇති මෙන්න මේ විදියට ඔයාල add කරපු කාර්ඩ් එකේ විස්තර. එකේ Action කියන තීරුවේ තියෙනවා  Confirm My Card කියලා කොටසක් දැන් ඒක click කරන්න. පැහැදිලි මදිනම් පහල රූපේ බලන්නකෝ.


ඊට පස්සේ මෙන්න මෙහෙම පිටුවකට එනවා. එතැනදී අපෙන් අහනවා කාර්ඩ් ඒක confirm කරන්න. $1.95 අපේ කාර්ඩ් එකෙන් කපා ගන්නද කියලා. බය වෙන්න එපා ඔය කාර්ඩ් ඒක confirm කරලා පැය 24 කින් ඒ මුදල අපහු ඔයාට දෙනවා. දැන් තියෙන්නේ continue කියන ඒක උඩ click කරන්න. ඒක ක්‍රම අර කිව්වා වගේම $1.95 ක් අපේ ගිනුමින් කැපෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට අපිට බැංකුවේ ආධාර පතන්න වෙනවා.   


ඉතින් මම මගේ කාර්ඩ් ඒක add කරේ සිකුරාදා දවසක ඊට පස්සේ confirm කරලා එහෙම කතා කලා HNB Card Center එකට මගේ කාර්ඩ් එකේ paypal code ඒක ඉල්ලා ගන්න. මෙන්න මෙහෙමයි ඒක උනේ.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ඔයාල දෙන HNB VISA Card ඒක paypal එකට add කරලා confirm කරා. මට පුලුවන්ද එකේ  paypal code ඒක ඉල්ලා ගන්න.
Card Center - ඔව සර් කවදද ඔයා card eka confirm කලේ කියන්න පුලුවන්ද ?
මම - දැන් confirm කලේ ...
Card Center - සර් එහෙනම් අදම code ඒක ගන්න බැ ඒක අපේ බැංකුවට ලැබෙන්න ටික දවසක් යනවා. සර්ට පුලුවන්ද සදුදට කතා කරන්න.
මම - හරි ok මම සදුදට කතා කරන්නම්.

අෆොයි ඔය කතාව අහපු වෙලාවේ නම් මගේ පපුව හෝස් ගාලා ගියා. ඇයි අප්පේ තව දවස් දෙකක් කියන්නේ සුළු පටු කාලයක්ද ? කොහොම හරි ඉවසගෙන ඉදලා ගත්තා ආයිත් call එකක් හරියට සදුදා උදේ අට පසුවී විනාඩි පහක් විතර ගියාම. ඒක උනේ මෙන්න මෙහෙමයි.

ටික් .... ටික් ....
Card Center - හෙලෝ සුබ උදැසනක් !  HNB Card Center.
මම - සුබ උදැසනක්. මම ගිය සිකුරාදා මගේ VISA කාර්ඩ් ඒක paypal එකට add කරලා confirm කලා. මට සිකුරාදා කිව්වා සදුදට කතා කරන්න කියල paypal confirm code ඒක ඉල්ලා ගන්න.
Card Center - සර් අද තවම අපිට codes ලැබිල නැ. සර්ට පුලුවන්ද 12 න් පස්සේ කතා කරලා බලන්න.
මම - ok මම 12 න් පස්සේ කතා කරන්නම්.

මදැයි කොලා දැන් ඉතින් 12 වෙනකම් බලන ඉන්න වෙනවා. කොහොමින් කොහොමින් හරි දහවල් 12 හ පසු වී මිනිත්තු 30 ක් යන්නත් කලින් ආයිත් කතා කලා. ඒ පාරනම් කෝඩ් ඒක දුන්නා. ඉලක්කම් 4 ක කෝඩ් එකක් තමා දුන්නේ. ඉතින් දැන් බලමු කොහොමද ඒක paypal එකට දාන්නේ කියලා.

දැන් ඉතින් සුපුරුදු පරිදි paypal ගිණුමට ලොග් වෙලා. Profile යටතේ තියෙන Add/Edit Credit Card කියන එකට ගියාම මෙන්න මෙහෙම ඇති. 




දැන් අර අන්තිමටම තියෙන Action කියන කොටසේ වැටිලා ඇති Enter Paypal Code කියලා. රතු පාටින් මම ලකුණු කරලා තියෙන්නේ. හොදට බලන්න. දැන් තියෙන්නේ ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා හොදට බලන්න එකේ තියෙනවා මම රතු පාට ඊතලෙකින් දක්වල පොඩි කොටුවක්. දැන් කරන්න තියෙන්නේ අර බැංකුවෙන් දීපු ඉලක්කම් 4 රේ කෝඩ් ඒක ඔතනට දාන්න. ඊට පස්සේ Confirm Card කියන ඒක click කරන්න.


ඕන ඉතින් ඔය වැඩේ හරියටම කලා නම් මේ වෙනකොට මේ වගේ එකක් ඇවිල්ල ඇති.


එහෙනම් ඉතින් දැන් ඔයාට තියෙනවා. card එකක් එකතු කරලා confirm කර ගත්ත. Verified Paypal account එකක්. එහෙනම් අදට ඇති. මොකක් හරි අවුලක් ගියොත් කියන්න. ඊලග දවසේ දානවා අර මම කාර්ඩ් නැති අයට කාර්ඩ් එකක් භාවිතා කරනවට වැඩිය ලාබෙට තමන්ගේ paypal එකට සල්ලි දා ගන්න විදිය. එහෙනම් එතකන් රැදිලා ඉන්න . මේක ගැන හිතෙන දේවල් comment එකකින් දාන්න අමතක කරන්න එපා හොදේ  .







27 November 2011

Paypal ගිණුමට VISA කාර්ඩ් ඒක එකතු කිරීම. පියවරෙන් පියවර සරලව.


ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේක අදාළ වෙන්නේ credit card තියෙන අයට තමා. ( අනිත් අයට වෙනත් ලිපියක් දාන්නම් ) අද කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ paypal ගිණුමට credit card එකක් add කරන්නේ කියලා. හරිම ලේසි වැඩක් වගේම ඉතාමත් ඉවසිල්ලෙන් කල යුතු වැඩක්. අද මම මේ විදියට ඔයාලට HNB බැංකුවෙන් දෙන HNB Visa Debit Card ඒක  ඔයාලගේ paypal ගිණුමට සාර්ථකව එකතු කර ගන්න හැටි කියල දෙනවා. කාර්ඩ් ඒක ගැන කියනවනම් මෙන්න මෙහෙමයි, මේක ගන්න වයස අවුරුදු 18 ක් සම්පුර්ණ වෙලා තියෙන්න ඕනි, ජාතික හැදුනුම් පතත් ඕනි, ගිණුම ආරම්භ කරන්න රුපියල් 2000 ක මුදලක් ඕනි. ඔන්‍න‍ ඔය ටිකත් අරගෙන බැංකුවට ගිහින් ගිණුමක් අරඹ කරන්න පුළුවන්. ඊට පස්සේ එතනදීම එයාල ඔයාට card ඒක දෙනවා. හැබැයි පොඩි කොස්සක් තියෙනවා ඔය දීපු කාර්ඩ් ඒක activate වෙන්න දවස් දෙකක් යනවා.

හරි එහෙනම් දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා මුලින්ම ඔක්කොම කියවලා ඉන්න හොදේ. එහෙනම් දැන් දෙයියනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාල ලංකාවේ විදියට හදා ගත්ත paypal ගිණුමට. ඊට පස්සේ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.


පිතුරේ පැහැදිලි මදිනම් ලොකු කරලා බලන්න පින්තුරේ උඩ click කරන්න හොදේ.ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.


එතැනදී ඔයාලට ඔයාලගේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ Card Type කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.


ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් ඔයාලටත් ඇවිල්ල ඇති.


තව දෙයක් තියෙනවා කියන්න මම මෙතැනදී Add කලේ HNB බැංකුවෙන් දෙන VISA Debit කාර්ඩ් ඒක. එකේදී නම් add කරන්න කලින් බැංකුවට කතා කරලා internet payments සදහා card ඒක acvtive කරන්න කියල කියන්න ඕනි ඊට පස්සේ තමා කාර්ඩ් ඒක paypal එකට එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊලග දවසේ බලමු කොහොමද මේ විදියට එකතු කර ගත්ත card ඒක confirm කරන්නේ කියලා.