Pages

07 October 2012

මොනවද මේ ping report සහ tracert report වලින් කියවෙන්නේ !

අපොයි ඔන්න අද වෙනමම දෙයක් ගැන කියන්න යන්නේ. කට්ටිය මේ ගැන ආස ඇති කියලා හිතුනා එකයි හදිස්සියේම ලියන්නේ. දන නම බ්ලොග් එක නිකන් පිස්සිගේ පලා මල්ල වගේ නේද ? තැන් තැන්  වලින් එක එක කතා දාලා. හික් ... කමක් නැ හිතට එන දේවල් ලියලා දානවා. ඕනි කෙනෙක් උදව්වක් ගන්නේ නැතෑ නේද ? අද කියා දෙන්න යන්නේ මේ ping report සහ tracert reprot වල තේරුම ගැන. ඒ කියන්නේ මෙව්වගෙ මේ වැටෙන දත්ත වල තේරුම මොකක්ද කියන එක. තව තව දේවල් මේ ගැන දන්නවනම් ඔයාලත් comment වලින් එකතු කරන්න ඇ.

මුලින්ම අපි බලමු ping report එකක් අරගෙන එහෙනම්. හරි මෙන්න මෙහෙමයි එහෙනම් ping report එකක් අරගන්නේ. මුලින්ම එහෙනම් Start Menu එකේ ගිහිලා Run එකට යන්නකෝ. එහෙමත් නැත්තම් Windows Key එකයි R Button එකයි එබුවත් හරි. ඔන්න එතකොට එනවනේ Run එක. ඊට පස්සේ  එකේ CMD කියලා type කරලා ok කරන්න. එතකොට ඔයාලට එනවා Command Prompt window එක. අන්න එක ආවාම මෙන්න මෙහෙම එකේ type කරන්න. අපි මුලින්ම google එකේ server එකට ping එකක් යවලා බලමු.

හැමෝම දන්නවනේ server එකකට අපි හැම වෙලේම දෙන්නේ request එකක්නේ එතකොට අපි දෙන ඒ request එකට server ඒකෙන අපිට දෙන්නේ response එකක්. මෙන්න මේ එන response එක Negative වෙන්නත් පුළුවන් Positive වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න වෙනම හේතු වගයක් තියෙනවා. එව්වත් දන්නා දන්නා විදියට ඉදිරියට කියන්නම් ඇ.

ඔන්න එහෙනම් අර කලින් ගත්ත CMD එකේ දන මෙන්න මෙහෙම type කරලා enter කරන්න. එතකොට ඔයාලට ඒවි විස්තර වගයක්. මම මට ආපු එක මෙතන දන දාන්නම් ඇ.

Type කරන්න ඕනි " ping www.google.com " කියලා. මේ පෙරලි කොමාද මොනවද එව්වා ගහන්න ඕනි නැ හොදේ. අනිත් කාරනාව තමයි මේ www.google.com කියන එක වෙනුවට ඕනිම domain එකක් හො IP Address එක උනත් කෙලින්ම දෙන්න පුළුවන්.


ඔන්න පෙන්නේ නැත්තම් ඕක උඩ click කරලා පින්තුරේ ලොකු කර ගන්න පුළුවන්.

ඔය උඩින්ම වැටෙන්නේ Pinging www.google.com [74.125.236.176] කියලා. අන්න එකේන් කියවෙන්නේ ඔයා ping කරපු domain එක සහ එකට අදාළ IP Address එක. google එකේ නම් 74.125.236.176 නේ. ඕනිනම් ඕක browser එකේ කෙලින්ම ගහලා enter කරලා බලන්න. කෙලින්ම google එකට තමයි යන්නේ.

මේ විදියට ඔයාලා ගන්න සාමාන්‍ය ping report එකකදී Packet 4 ක යවලා බලනවා. ඒකෙන පලවෙනි එක තමයි ඔය මුල්ම ලයින් ඒකෙන පෙන්නන්නේ. ඔන්න එකේ වැටිලා තියෙනවා reply from 74.125.236.176 කියලා. ඒ කියන්නේ මේ යවපු පලවෙනි packet එකට google server ඒකෙන response එකක් එවනවාද බලනවා. මේකේ මේ ඊළගට bytes = 32 යි කියලා වැටෙන්නේ යවපු packet එකේ ප්‍රමාණය. ඊළගට වැටෙනවා time = 267ms කියලා. මේ කියන්නේ මේ යවපු request එකට google server එක Response එකක් එන්න කොච්චර වෙලාවක් යනවද කියන එක. ඊළගට තියෙනවා TTL කියලා එකක්. අන්න එකේ තේරුම තමයි Time To Live කියන එක. ඒ කියන්නේ මේ packet එක google server ඒකෙන කොතරම් වෙලාවක් තියාගෙන ඉන්නවද response කරන්න කියන එක. 

දැන් ටිකක් හිතලා බලන්න. ඔයා google එකට මේ විදියට request එකක් දාපුවාම එක ඔය cable දිගේ ගිහිල්ලා tower වලින් කැරකිලා ලෝකේ හතර වටේම කරක් ගහලා ඔයාට කොම්පිතරේට ආපහු response එකක් දෙන්න මිලි තප්පර 267 ක යනවා. කොතරම් අඩු වේලාවකද නේද ? තප්පරයකටත් අඩු කාලයක්. මේ වෙලාවේ ඔයා මේ ping report එක ගනිද්දී තවත් කෝටි ගානක් සෙනග මේ විදියට google එකට විවිද request දානවා. ඔයාට විතරක්ම නෙවේ google server ඒකෙන response කරන්නේ. ඉතින් හිතා ගන්නවත් බැරි තරම් ලොකු ක්‍රියාවලියක් මෙතැනදී වෙනවා. google කියන්නේ ඉතාමත් ලොකු server එකක්. capacity එක ගොඩාක් වැඩියි. ඒ වගේම එක වෙලාවකට process කරන්න පුළුවන් request ගැනත් ඉතාමත් ඉහල අගයක් ගන්නවා. එහෙම නොවුනානම් කොහොමද ආතල් එක. කොයි වෙලෙත් down උනා නම එහෙම නේ. අනික google ලගේ මේ servers එකක් නෙවේ තියෙන්නේ. එක ලොකු ජාලයක්. එක ගැනත් වෙන වෙලාවක කියන්නම් ඇ.

දැන් කෙලින්ම යමු මේ ping report එකේ පහල ටිකට. ඒ කියන්නේ ping statics කියන එකට. අන්න එතන තියෙනවා යවපු packet ගාන වගේම ඒ යවපු එව්වට ආපු response ගාන. මෙන්න මෙතැනදී නම 4 ක යවලා තියෙනවා 4 රකම ආපහු ඇවිත් තියෙනවා. ඒ කියන්නේ Data කිසිම දෙයක් loss වෙලා නැ. ඊට යටින් අවම ping time එක සහ උපරිම වෙලාවත් යටින් වැටිලා තියෙනවා. 

ඔන්න ඔහොම තමයි ping report ගැන කතාව. එහෙනම් ඉතින් tracert report ගැනත් දාගෙන හිතාගෙන තමයි ආවේ. දැන් කම්මැලි වගේ. එක ගැනත් වෙනම පොස්ට් එකක් මේ වගේ දාන්නම්. එහෙනම්  හැමෝටම ජය වේවා !


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments:

  1. As far as I know TTL is just a counter.not a timer.It decrements its value by 1 when it passes a router in the network.
    Simply, this determines lifetime of the packet in the network.

    ReplyDelete
    Replies
    1. oh ... thank you so much for your comment ... very important for me ...

      Delete
    2. @mali_89 - i take as both explanations are same , coz Ayesh was saying its a time that packets are living in the server , and you are saying its count from the router ,
      TTL - Time to Live refers to how many routers your packet can go through before it expires.

      After all , Nice post Ayesh <3 :)

      Delete
  2. දැනගෙන නොහිටපු කරුණු ටිකක් දැනගත්ත.
    //බ්ලොග් එක නිකන් පිස්සිගේ පලා මල්ල වගේ නේද ?// හික්ස් ලොල්..
    google ලගේ servers ගැනත් ලියනවනම් වටිනවා. මාත් ආසයි දැනගන්න. :)

    ReplyDelete
    Replies
    1. හුම් ... දාන්නම්කො දන්නා එව්වා ටිකක් & තව හොයලා ...

      Delete