Pages

13 August 2011

වීඩියෝ බාන්න මොකටද downloaders . . . !

ඔන්න ඉතින් ආයිත් ආවා මගේ බ්ලොග්ගේ මතක් වෙලා පොස්ට් එකක් දාල යන්න කියලා.අද කියන්න ලෑස්ති වෙන්නේ ඔය හැමෝම වගේ ඕනේ දෙයක් බලන්න යන යු නලය හෙවත්  ( youtube.com ) ගැන දන්නෝ දන්න එත් නොදන්නා අය නොදන්නා තවත් එක දෙයක් ගැන කියන්න. වැඩි කතා ඕනේ නැ කාරණේ මේකයි. ඔයාල ඔන්න youtube එකේ මොකක් හරි කෙහෙල්මලක් බැලුව කියමුකෝ. ඔන්න ඉතින් ඔය කෙහෙල්මල ඔයාලටත් ඕනේ වෙනවා තවත් කාට හරි පෙන්නන්න. දැන් ඉතින් ඕක download කරන්න ගියාම විවිද විදියේ ප්‍රශ්න ගැටළු මතු වෙනවනේ. මෙන්න ඔය ප්‍රශ්න ටික විසදන ලේසිම විදිය. ලේසියි පහසුයි ඇත්තටම කියනවනම් හරිම සිම්පල් පැලෑන් එකක්. මෙන්න මෙච්චරයි ඕනි. ඔයාලගේ වෙබ් පිරික්සුම් යන්තරේ ඒ කිව්වේ web browser එකේ java වැඩ කරන්න ඕනි. කෙලින්ම කියනවනම් web browser එකේ java enable කරලා තියෙන්න ඕනි. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින් කියවල පස්සේ කරලා බලන්න.

මුලින්ම යන්න youtube එකට දැන් තෝරාගන්න download කරන්න ඕනි කරන video එක. දැන් එකේ උඩින්ම තියෙනවා නේද URL එක තියෙන Address Bar එක එකේ දැන් ඔය පහල රූපේ වගේ වැටිලා ඇති ඔයාල තෝරා ගත්ත video එකේ URL එක. ඔය රතු පාටින් මම දාල තියෙනවා.


ඔන්න ඔහොමනෙ වැටිලා තියෙන්නේ ඒ කියන්නේ මුලින්ම තියෙනවා http://www.youtube.com/ කියලා ඊට පස්සේ තියෙනවා watch?v=******** කියලා video එකට අදාල video URL එක. දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයක් හොදට බලන්න ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔය http://www.youtube.com කියන තැන www කියන අකුරු තුනට පස්සේ තියෙන තිත් සලකුණයි youtube කියන කොටසයි අතරට " kiss " කියලා හරි " save " කියලා හරි දාල enter එක ඔබන්න. ඔන්න බලන්නකෝ ඔය කොටස එකතු කරාම කොහොමද කියලා පහල රූපේ තියෙනවා 


රූපේ උඩ click කරලා ලොකු කරලා බලන්න. මම දැන්මේ " kiss " කියලා හරි දැන් තියෙන්නේ " Enter " එක ඔබන්න. දැන් ඔයාලව ඉබේම යනවා පහල තියෙනවා වගේ page එකකට 


ඔන්න තියෙනවා ඔයාලගේ video එක එකකින් එකකට වෙනස් video file format ගොඩාරියකින් දැන් ඉතින් කැමති එකකින් download කර ගන්න තමා තියෙන්නේ. හැබැයි මතකනේ ඔයාල බාවිතා කරන web browser එකේ අනිවාර්යයෙන්ම java වැඩකරන්න ඕනි. ඔන්න එහෙනම් මැරෙනකන් වීඩියෝ බාලා පොස්ට් එකටත් පොඩි ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා. හොද නරක , ගුණ දොස් , මඩ ප්‍රහාර , කුණු බිත්තර ඔක්කොම ජාති comment විදියට දාන්න හැබැයි වැඩි සැරටම දාන්නත් එපා. 

ඔන්න එහෙනම් අදට මම ගියා ආයිත් හම්බ වෙමු.



09 August 2011

කැන්ගරුවෝ සිංහයෝ ඉදිරියේ දන නමයි !

ඊයේ රැ නම් මට මාරෙට happy අපේ සිංහයෝ ටික එකතු වෙලා ඔවෙර් 20 20 match එක ගොඩ දැන්මා. මම නම් හිතුවේ මුල හරියේදී අපි වැඩේ කැවා තමා කියලා අන්තිමට කොහොම හරි කස්ටිය කඩුලු 9 මයම කෙල කොරගෙන ලකුණු 157 ක අටෝ ගත්තා එත් කලින්  match එකේදී අරුන් 160 ත් පන්නල ගහපු නිසා මම හිතුවෙම කැවා තමා කියලා.  වෙලාවට මහේලයා 86 ක් ගැහුවේ. අනිත් ඉතුරු ඔක්කොගෙන්ම ලකුණු 10 ට වැඩියෙන් ගහල තියෙන්නේ දෙන්නයි එක්කෙනෙක් තමා සන්ගා ( ලකුණු 24 ) අනික කෙනා තමා දිනේෂ් චන්දිමාල් ( ලකුණු 13 ) ඔන්න ටික වෙලාවකට පස්සේ කැන්ගරුවෝ ටික අද නම් මරා ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන වැඩේට බැස්සට මොකද ටිකක් විතර වැඩේ අමාරු කරන ගතියක් තමා පෙන්න තිබුනේ. එහෙමයි කියල බලන්නේ නැතුව ඇත්තටම මුල් ටික හොදටම කර ගත්ත. ඔන්න එතොකොට තමා අපේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක  අජන්ත මෙන්ඩිස් ගේමට බහින්නේ. අප්පා කොල්ල අව විතරයි වැඩේ ගොඩ දාන්න පටන් ගත්ත. නිකන් නෙවයි ලෝක වාර්තාවකුත් එක්ක. මෙන්න මෙහෙමලු උනේ ( 20 යි 20 ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවති 20 යි 20  තරගයේදී අජන්ත මෙන්ඩිස්, ඔස්ටේ‍්‍රලියානු පිළේ කඩුළු 6 ක් ලකුණු 16 කට බිඳ හෙලීමට සමත් වුණා.) කොහොමද වැඩේ. මෙයා නිසා නිකන් අමුතු විදියට මුණ එල්ලගෙන ගෙදර ගියේ මෙන්න මේ කස්ටිය මුලින්ම  ආරම්භක පිතිකරුවන් වන ශේන් වොට්සන්  සහ ‍ඩේවිඩ් වෝනර් ඊළගට  ෂෝන් මාෂ් , ස්ටීව් ස්මිත් , බ‍්‍රැඩ් හැඩින් සහ මිචෙල් ජොන්සන්. කොහොමින් කොහොමින් හරි අන්තිමට කඩුළු 9 කට ලකුණු 149 ක් අරගෙන කන්ගරුවෝ ටික ගෙදර ගියා. ( නැ නැ තවම ලංකාවේ - ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර එක්දින ජාත්‍යන්තර තරගාවලිය හෙට ඒ කියන්නේ අගෝස්තු 10 වෙනිදා  ආරම්භ වීමට නියමිතයි. ) ඔන්න එහෙනම් හෙට තරගයට අපේ සිංහ පැටවුන්ට සුබ පතන ගමන්ම මම ගියා .

06 August 2011

සිරස සුපිරි තරු මාවතේ නායකවරුන්ගේ තුරුම්පුව !

මොකද හිතෙන්නේ මගේ බ්ලොග් එකට අලුතෙන් දාපු theme එක ගැන හොදයි නේද ? එක නෙවෙයි අද මම බ්ලොග් එක පැත්තේ ආවේ මගේ මේ ජංජාලේ සහෝදරයින්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒක මොකක්ද කියල ඔයාල දැනටමත් දන්නවා ඇති. මේ post එකේ photo එක එහෙම දැකපු ගමන කට්ටියටම වැඩේ වැටහෙන්න ඇති. මෙන්න මේකයි කතාව. සිරස TV  එක බලන නොබලන හැමෝම දන්නවා ඇතිනේ ඔය sirasa super star කියල Reality කියන ජාතියේ අමුතුම මෙව්වා එකක් තියෙන විත්තිය. ඉතින් ඔන්න ඕකට මගේම ඉස්කෝලේ ඒ කියන්නේ නායකවරුන්ගේ මගේම සහෝදරයෙක්  මේ පාර ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් දැන් සියලුම තරග කරුවන් අබිබවා අවසාන දෙදෙනාව තෝරාගෙන අවසන් කරලා තියෙනවා. ඇත්තටම හොදම දෙන්නෙක් තමා තෝරාගෙන තියෙන්නෙ. මට ඒ දෙන්න ගැන විවාද කරන්න දෙයක් නෑ. දෙන්නම super. ඒත් ඉතින් අපේ තිසර අයියට පොඩි සප් එකක් දෙන්න කියල හිතාගෙන මේ පොස්ට් එක දාන්නේ. ලංකාවේ ඉන්න සින්දු අහන ඒ වගේම සින්දු වලට අසා කරන හොද දේ අගයන කට්ටිය මේ දෙන්නව වගේම තව ගොඩක් ගායකයෝ මේ විදියට බිහි කරලා තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ මෙන්න මේ දේ. ඔයාල ඇත්තටම හිතනවානම් තිසර අයියා හොදට සින්දු කියනවා කියලා ඔයාල අර sirasa super star විනිසුරු මඩුල්ලේ ඉන්න මදු අයියා කියනවා වගේ. කියක් හරි වියදම් කරලා SMS එකක් ගැහුවට ඇත්තටම පවු නැ. මොකද එයාලගේ නිර්මාණ තමා අපි ඉදිරියට දකින්නේ. මේකෙදි සමහර විට මම තිසර අයියට විතරක් SMS vote යවන්න කියපු එක වැරදි වෙන්න පුළුවන් එත් මේ Reality කියන එකේදී එහෙම කිව්වට මට පවු නැ. එහෙනම් ඔයාලටත් හිතෙනවනම් මෙයාට sms එකක් යැව්වට වැරද්දක් නැ කියලා වගේම ඔයාගේ ෆෝන් එකෙන් රුපියලක් දෙකක් මේ වෙනුවෙන් වැය උනාට කමක් නෑ කියලා. ඔයාලත් sms එකක් යවන්න. යවන්න ඕනි මෙන්න මෙහෙමයි.

කෙටි පණිවිඩ යැවිය හැකි ඕනෙම දුරකතනයකින්  SSS (space) 2 යොදා 7788 ට send කරන්න. එක දුරකතනයකින් මේ විදියට කෙටි පණිවිඩ මනාප 10 ක යවන්න පුළුවන් ඊට වඩා යවන ඒවා ප්‍රතික්ෂේප වෙනවා.

ආ තව ටිකෙන් අමතක වෙනවා. අවසාන මහා තරගය තියෙන්නේ අගෝස්තු මාසේ 26 වෙනිදා. එදා රැට තමා sms ගහන්න පුළුවන් වෙන්නේ.

ඔන්න එහෙනම් ඕක තමා ඉල්ලන උදව්ව. පුළුවන් කට්ටිය උදවු කරන්න. ඒ වගේම මගේ theme එක ගැනයි post එක ගැනයි හිතෙන ඕනෙම දෙයක් comment විදියට දාන්න. එහෙනම් අදට මම ගියා පස්සේ වෙලාවක එන්නම් තව අලුත් දෙයක් හොයාගෙන කට්ටිය බලල යන්න. එතකන් ඔක්කොමල පරිස්සමට ඉන්ඩෝ . . .

02 August 2011

සල්ලි හොයන්න අලුත් තැනක් !



ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ තවත් අලුත් site එකක් ගැන විස්තරයක්. මේක ඉතින් සල්ලි හොයන අයට තමා. ගොඩක් ලොකු ගානක් එක පාරට හොයන්න නම් බැ ඒ උනාට ටිකක් මහන්සි වෙලා තව කට්ටිය එහෙම හොයාගෙන කරොත් සාර්ථක වෙන්න පුළුවන්. මමත් දැනට මේක කරනවා මට නම් තාම මේකෙන් සල්ලි අරන් බලන්න බැරි උනා. ඒ උනාට මම අදුරන යාලුවෝ කීප දෙනෙක්ම මේකෙන් සල්ලි අරන් තියෙනවා ඔයාල කව්රු හරි මේ site එකෙන් සල්ලි ගන්න ගිහින් මොකක් හරි ප්‍රස්නයක් වෙලා තියෙනවනම් එක comment එකක් විදියට දාන්න. මොකද නිකන් කව්රුත් මුලා වෙන්න ඕනි නැ පිටරට එවුන්ට. register වෙන්න මේ ලින්ක් එකෙන් හරි පහල දල තියෙන banner එකකින් හරි පුළුවන්.

Click To Register With ClixSense
ඔන්න banner එක. ඕකෙන් ගිහින් register වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි අර මම කලින් post එකක් දල තිබුන  onbux.com කියන site එකෙන් දන සල්ලි දෙන්නේ නැ. 

ආ කව්රු හරි ඉන්නවනම් add click කරන්න දන්නේ නැති කෙනෙක් මෙන්න මෙතන තියෙනවා add click කරන්නේ කොහොමද කියල විස්තර ඇතුව. 

Add Click කරන්නේ කොහොමද ?  -  මෙතන බලන්න -->

මේ පොස්ට් එක බලලා comment එකක් එහෙම දල යන්න එහෙනම් අදට එහෙනම් මම ගියා පස්සේ හම්බ වෙමු. ආයිත් එන්නම්කෝ මොනා හරි හම්බ උනොත්.