Pages

09 August 2011

කැන්ගරුවෝ සිංහයෝ ඉදිරියේ දන නමයි !

ඊයේ රැ නම් මට මාරෙට happy අපේ සිංහයෝ ටික එකතු වෙලා ඔවෙර් 20 20 match එක ගොඩ දැන්මා. මම නම් හිතුවේ මුල හරියේදී අපි වැඩේ කැවා තමා කියලා අන්තිමට කොහොම හරි කස්ටිය කඩුලු 9 මයම කෙල කොරගෙන ලකුණු 157 ක අටෝ ගත්තා එත් කලින්  match එකේදී අරුන් 160 ත් පන්නල ගහපු නිසා මම හිතුවෙම කැවා තමා කියලා.  වෙලාවට මහේලයා 86 ක් ගැහුවේ. අනිත් ඉතුරු ඔක්කොගෙන්ම ලකුණු 10 ට වැඩියෙන් ගහල තියෙන්නේ දෙන්නයි එක්කෙනෙක් තමා සන්ගා ( ලකුණු 24 ) අනික කෙනා තමා දිනේෂ් චන්දිමාල් ( ලකුණු 13 ) ඔන්න ටික වෙලාවකට පස්සේ කැන්ගරුවෝ ටික අද නම් මරා ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන වැඩේට බැස්සට මොකද ටිකක් විතර වැඩේ අමාරු කරන ගතියක් තමා පෙන්න තිබුනේ. එහෙමයි කියල බලන්නේ නැතුව ඇත්තටම මුල් ටික හොදටම කර ගත්ත. ඔන්න එතොකොට තමා අපේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක  අජන්ත මෙන්ඩිස් ගේමට බහින්නේ. අප්පා කොල්ල අව විතරයි වැඩේ ගොඩ දාන්න පටන් ගත්ත. නිකන් නෙවයි ලෝක වාර්තාවකුත් එක්ක. මෙන්න මෙහෙමලු උනේ ( 20 යි 20 ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවති 20 යි 20  තරගයේදී අජන්ත මෙන්ඩිස්, ඔස්ටේ‍්‍රලියානු පිළේ කඩුළු 6 ක් ලකුණු 16 කට බිඳ හෙලීමට සමත් වුණා.) කොහොමද වැඩේ. මෙයා නිසා නිකන් අමුතු විදියට මුණ එල්ලගෙන ගෙදර ගියේ මෙන්න මේ කස්ටිය මුලින්ම  ආරම්භක පිතිකරුවන් වන ශේන් වොට්සන්  සහ ‍ඩේවිඩ් වෝනර් ඊළගට  ෂෝන් මාෂ් , ස්ටීව් ස්මිත් , බ‍්‍රැඩ් හැඩින් සහ මිචෙල් ජොන්සන්. කොහොමින් කොහොමින් හරි අන්තිමට කඩුළු 9 කට ලකුණු 149 ක් අරගෙන කන්ගරුවෝ ටික ගෙදර ගියා. ( නැ නැ තවම ලංකාවේ - ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර එක්දින ජාත්‍යන්තර තරගාවලිය හෙට ඒ කියන්නේ අගෝස්තු 10 වෙනිදා  ආරම්භ වීමට නියමිතයි. ) ඔන්න එහෙනම් හෙට තරගයට අපේ සිංහ පැටවුන්ට සුබ පතන ගමන්ම මම ගියා .
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment