Pages

13 August 2011

වීඩියෝ බාන්න මොකටද downloaders . . . !

ඔන්න ඉතින් ආයිත් ආවා මගේ බ්ලොග්ගේ මතක් වෙලා පොස්ට් එකක් දාල යන්න කියලා.අද කියන්න ලෑස්ති වෙන්නේ ඔය හැමෝම වගේ ඕනේ දෙයක් බලන්න යන යු නලය හෙවත්  ( youtube.com ) ගැන දන්නෝ දන්න එත් නොදන්නා අය නොදන්නා තවත් එක දෙයක් ගැන කියන්න. වැඩි කතා ඕනේ නැ කාරණේ මේකයි. ඔයාල ඔන්න youtube එකේ මොකක් හරි කෙහෙල්මලක් බැලුව කියමුකෝ. ඔන්න ඉතින් ඔය කෙහෙල්මල ඔයාලටත් ඕනේ වෙනවා තවත් කාට හරි පෙන්නන්න. දැන් ඉතින් ඕක download කරන්න ගියාම විවිද විදියේ ප්‍රශ්න ගැටළු මතු වෙනවනේ. මෙන්න ඔය ප්‍රශ්න ටික විසදන ලේසිම විදිය. ලේසියි පහසුයි ඇත්තටම කියනවනම් හරිම සිම්පල් පැලෑන් එකක්. මෙන්න මෙච්චරයි ඕනි. ඔයාලගේ වෙබ් පිරික්සුම් යන්තරේ ඒ කිව්වේ web browser එකේ java වැඩ කරන්න ඕනි. කෙලින්ම කියනවනම් web browser එකේ java enable කරලා තියෙන්න ඕනි. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින් කියවල පස්සේ කරලා බලන්න.

මුලින්ම යන්න youtube එකට දැන් තෝරාගන්න download කරන්න ඕනි කරන video එක. දැන් එකේ උඩින්ම තියෙනවා නේද URL එක තියෙන Address Bar එක එකේ දැන් ඔය පහල රූපේ වගේ වැටිලා ඇති ඔයාල තෝරා ගත්ත video එකේ URL එක. ඔය රතු පාටින් මම දාල තියෙනවා.


ඔන්න ඔහොමනෙ වැටිලා තියෙන්නේ ඒ කියන්නේ මුලින්ම තියෙනවා http://www.youtube.com/ කියලා ඊට පස්සේ තියෙනවා watch?v=******** කියලා video එකට අදාල video URL එක. දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයක් හොදට බලන්න ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔය http://www.youtube.com කියන තැන www කියන අකුරු තුනට පස්සේ තියෙන තිත් සලකුණයි youtube කියන කොටසයි අතරට " kiss " කියලා හරි " save " කියලා හරි දාල enter එක ඔබන්න. ඔන්න බලන්නකෝ ඔය කොටස එකතු කරාම කොහොමද කියලා පහල රූපේ තියෙනවා 


රූපේ උඩ click කරලා ලොකු කරලා බලන්න. මම දැන්මේ " kiss " කියලා හරි දැන් තියෙන්නේ " Enter " එක ඔබන්න. දැන් ඔයාලව ඉබේම යනවා පහල තියෙනවා වගේ page එකකට 


ඔන්න තියෙනවා ඔයාලගේ video එක එකකින් එකකට වෙනස් video file format ගොඩාරියකින් දැන් ඉතින් කැමති එකකින් download කර ගන්න තමා තියෙන්නේ. හැබැයි මතකනේ ඔයාල බාවිතා කරන web browser එකේ අනිවාර්යයෙන්ම java වැඩකරන්න ඕනි. ඔන්න එහෙනම් මැරෙනකන් වීඩියෝ බාලා පොස්ට් එකටත් පොඩි ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා. හොද නරක , ගුණ දොස් , මඩ ප්‍රහාර , කුණු බිත්තර ඔක්කොම ජාති comment විදියට දාන්න හැබැයි වැඩි සැරටම දාන්නත් එපා. 

ඔන්න එහෙනම් අදට මම ගියා ආයිත් හම්බ වෙමු.




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments:

  1. හොද ලිපියක්... හැමොටම වැදගත් එකක්...

    ReplyDelete
  2. @Techmaker - එල එල සහෝ ඔයාගේ comment එකට ගොඩක් ස්තුතියි. කාට හරි ප්‍රයෝජනවත් උනානම් මට ඒ ඇති.

    ReplyDelete
  3. සිරාවටම මාර වැදගත් ලිපියක් මචන්.

    ReplyDelete
  4. @නිකමා - ඇත්තටම සතුටයි මචෝ හැමදාම ඇවිත් comment එකක් දල යන්න ඒ ඇති. මේක හරි ගිය තව අය ඉන්නවනම් comment කරන්න. caffe යන අයට එහෙම හරි වටිනවා මේ ක්‍රමේ youtube ඒකෙන video බාන්න. මම හිතන්නේ ඔකේ ඔය URL එක ගහන තැනට වෙන site වල video URL ගහලත් බාන්න පුළුවන් ඇති එක මම කරලා බලලනම් නැ කව්රු හරි කරලා බැලුවනම් ඒ ගැනත් සදහනක් දාන්න.

    ReplyDelete
  5. hodha lipiyak ,bohoma sthutii..

    ReplyDelete