Pages

03 February 2012

ලංකාවේ ප්‍රථම Micro Job Posting අඩවිය දියත් කෙරේ !




ඔන්න මේ වතාවේ මම ආවේ ලංකාවේ හැමෝටම ඉතාමත් සතුටුදායක ආරංචියක් අරගෙන. හුගක් කට්ටිය දන්නවා ඇතිනේ www.fiverr.com කියන site එක ගැන. ඇත්තටම ඉතාමත් හොද ඉපයුම් මාර්ගයක් තමයි මේ fiverr කියන්නේ. එත් මෙතැනදී ලංකාවේ අයටනම් තියෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. ඔන්න ඔය හේතුව හින්ද අපි කල්පනා කරා ලංකාවේ මුදල් උපයන අයට වෙනම site එකක් හදන්න. ඇත්තටම අවසානයේදී අපි හැමෝගෙම උත්සාහයේ ප්‍රතිපලයක් විදියට www.lakdeal.com කියන අඩවිය අපි පටන් ගත්තා. මේ අඩවියත් අපි හුගක් දුරට fiverr එකට සමාන වෙන්න හැදුවත් fiverr එකට වඩා ගොඩක් පහසුකම් අපි මේකෙදි ඔයාලට සලසලා දීල තියෙනවා. කව්රුත් දන්නවනේ මොන විදියේ වැඩක් අපි කරත් fiverr එකේදී නම් අපිට ගෙවන්නේ $5 යි. නමුත් අපි ඔයාල වෙනුවෙන් හදපු lakdeal එකේදී එහෙම නැ. ඔයාල කරන්න බලාපොරොත්තු වන දේ අනුව ඔයාලටම පුළුවන් තමන්ගේ මහන්සිය වෙනුවෙන් මිලක් නියම කරන්න. $1 , $5 , $10 , $15 , $20 , $25 , $30 , $40 , $50 කියලා හැමෝටම ගැලපෙන වාසිදායක ක්‍රමේකට අපි මෙතැනදී මිලක් තෝරා ගන්න ඔයාලට අවස්ථාව ලබා දීල තියෙනවා.
මෙතැනදී අපි ලංකාවේ අයට විශේෂ තැනක් දුන්නට ඉදිරියේදී අපි මේක මුළු ලෝක ව්‍යාප්ත ජාලය පුරාම ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතොකොට ඔයාල දාන job වලට පිටරටවලින් හොද ඉල්ලුමක් ලැබෙන තත්වයට එනවා. ඉතින් එහෙනම් ඔයාලටත් පුළුවන් අදම අපිත් එක්ක එකතු වෙලා වැඩ පටන් ගන්න. තමන්ගේ හැකියාවට අනුව වැඩ කරලා සල්ලි හොයන්න.
එහනම් මම අද කියන්නම් මේතැනදී කරන්න ඕනි මුලිකම දේවල් ටික. මුලින්ම ඔයාල මේ අඩවියට ගිහින් ඔයාලගේ account එකක් හදා ගන්න. fiverr එකේදී වගේ job හම්බ වෙන්න පිටරට විදියට account හදන්න ඕනි නැ. ලංකාවේ කෙනෙක් විදියටම account එක හදන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනට ඔයාලගේ හැකියාවන් විස්තර කරලා job එකක් දාන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ ඔයාලගේ account එකට ලොග් උනාම උඩින්ම තියෙන post new කියන එකට ගිහිල්ල වැටෙන විස්තර ටික පුරවල ඔයාලගේ job එක පොස්ට් කරන එක. එතැනදී ඔයාලට job එකත එක්ක youtube video 3 නකුත් එකතු කරන්න අවස්ථාව අපි සලසල දීල තියෙනවා. ඒ වගේම මේකෙන් job ගන්න කට්ටියටත් අර වගේම account එකක් හදලා තමන්ට අවශ්‍ය job එක තෝරාගෙන එකට සල්ලි ගෙවල ගන්න හැකියාව තියෙනවා.

දැන් කස්ටිය බලනවා ඇති මරුනේ යකෝ කියලා .... එත් ඉතින් තවම හොදම හරිය කිව්වේ නැ. ඒ තමයි මෙහෙම හොයන සල්ලි අන්තිමට කොහෙටද එන්නේ. ඔන්න අතනදී අපි හොදම ක්‍රමේ ඔයාලට හදුන්වල දෙනවා. එකේදී අපි ඔයාලව කොටස් තුනකට බෙදනවා. පලවෙනි කොටස Level 1 හැටියටත් දෙවෙනි කොටස Level 2 කියලත් අන්තිම කොටස Top Rated කියලත් නම් කරනවා. මේකෙන් පලවෙනි කොටසට ඇතුළු වෙන්න ඕනි නම් ඔයාල job 10 ක් ඇති සාර්ථකව positive Feedback සමග සම්පුර්ණ කර යුතු වෙනවා. අන්න එහෙම කරලා Level 1 වලට වැටෙන ඕනෙම කෙනෙක්ට දවස් 5 ක් ඇතුලත එයාලගේ බැංකු ගිණුමකට මුදල් දානවා. සාමාන්‍ය අයට තමන්ගේ paypal ගිණුමට මුදල් ලබා ගන්න පුළුවන්. 1 level එකඟ පස්සේ එන ඊලග leval වල අයට තවත් හොද ක්‍රම රැසක් සහ ප්‍රතිලාබ ගොඩක් අපි ඉදිරියේදී හදුන්වල දෙනවා.

එහෙනම් ඉතින් හැමෝටම සතුටු ඇති. අපිටත් ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කරන්න ලැබීම ගැන. අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් මේක තම ලංකාවේ පළවෙනිම සහ එකම Micro Job Posting අඩවිය. ඔයාලගේ සහයෝගය අපි මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැම්ම ගිහින් වැඩ පටන් ගන්න.

ලංකාවේ එකම සහ ප්‍රථම Micro Job Posting අඩවියට මෙතනින් යන්න.

ආ මෙන්න අපේ Facebook Fan page එක. එකටත් like එකක් දාල අපිට සහයෝගයක් දෙන්න. ඒ වගේම ඔයා දන්න අනිත් යාලුවන්ටත් මේ ගැන කියන්න. මේ පොස්ට් එක facebook එකේ share කරලා හැමෝටම මේ ගැන කියන්න. මොකද එක අපි අපිටම කර ගන්න හොද වැඩක්. අන්තර්ජාලයෙන් සල්ලි හොයනකොට කුහක වෙන්න එපා. දන්න දේවල් හැමෝටම කියන්න.
ඔයාලගෙන් ලැබෙන සහයෝගය මත අපි ඉදිරියට තව තවත් වැඩ පිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ පතනවා.

ගිහින් එන්නම්

24 January 2012

මුල සිට අගටම හරියටම, Ebay එකෙන් බඩුවක් ගන්න හැටි !


ඔන්න අද ආවේ ටිකක් විතර පරක්කු උන කතාවක් කියන්න. කතාවේ පටන් ගැන්ම මෙහෙමයි. කස්ටියට මතක ඇති මම Ebay එක ගැනයි paypal එක ගැනයි විස්තර දාලා බ්ලොග් පොස්ට් වගයක් ලියාගෙන ආව. ඒවාට හොද comment එහමත් හම්බ වෙලා තිබුනනේ එත් ඉතින් හිටි ගමන්ම වැඩේ නැවතුනනේ. මතක විදියට අන්තිම පොස්ට් එක දැම්මේ සති තුනකට කලින්. ඉස්කෝලේ වැඩයි පන්තිවල වැඩයි හින්දා බ්ලොග් එක පැත්තේ එන එක පොඩ්ඩක් සීමා කරන්න උනා. එක හින්ද තමයි කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරුව ගියේ. අද ආවේ නම් අර පොස්ට් සෙට් එකේ තව කැල්ලක් දාල යන්න. හුගක් අය මේ වෙනකොට account හදලා ගනුදෙනු කරලත් ඇති. දෙතුන් දෙනෙකුටම email මාර්ගයෙනුත් ebay ඒකෙන් බඩු ගන්න හැටි කියලා දුන්නා. එක හින්ද අද කියන්න ඉතුරු වෙලා  තියෙන්නේ කොහොමද ebay ඒකෙන බඩුවක් අරගෙන එකට සල්ලි ගෙවන්නේ. මේකෙදි සියලුම තැන් Screen Shoots එක්ක කියලා දෙනවා. එක හින්ද මුළු පොස්ට් එකම කියවලා වැඩේ කරා නම් හරි. 

ඔක්කොටම කලින් තමන් ගන්න දේ තෝරා ගන්න ඕනි. එකට ඉතින් ebay site එකට ගිහින් තමන්ට ඕනි දේ search කරලා හොයා ගන්න ඕනි. මුලින් අසාවට පොඩි දෙයක් ගෙන්නලා බලන්න. මම මෙතැනදී පෙන්නනේ මම ගෙනාපු Phone Case එකක් ගත්ත හැටි. ඕනිම බඩුවක් order කරලා සල්ලි ගෙවන්නේ මේ පිළිවෙලටම තමා එක හින්දා තමන් ගන්න දේ එකින එකට වෙනස් උනාට සල්ලි ගෙවන විදිය කොයි බඩුව ගත්තත් එකයි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගම්මු. මුලින්ම යන්නකෝ ඔයා ගන්න අදහස් කරන බඩුව තියෙන page එකට. මෙන්න මම පහලින් දානවා මම ගන්න හිතන් ඉන්න Phone Pouch එකේ page එක. මේක ලංකාවට free shiping එවන බඩුවක් එක හින්ද අපිට shipping වලට අමතරව සල්ලි ගෙවන්න ඕනි වෙන්නේ නැ. බලන්නකෝ එහෙනම් පහල රූපේ. පොඩි වැඩියි වගේ නම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.   


ඔන්න එහෙනම් බලන්නකෝ මේකේ දකුණු පැත්තේ අයිනේ දෙවෙනියට තියෙන්නේ Other Item Info කියල අන්න එතන තියෙනවා අපි දැන් ගන්න හදන item එකේ Item Number එක , මේ බඩුව තියෙන තැන , Shipping කරන රටවල් ටික , Payment බාර ගන්න Payment Processors ටික සහ මේ බඩුව මිට කලින් කීයක්‌ වික්කද කියන එක. මේකේ විදියට නම් 18 sold කියලනේ වැටිලා තියෙන්නේ.  තවත් විස්තර තියෙනවා ඔහොමම තව ටිකක් පහලට වෙන්න. මම පහලින් දාල තියෙන්නේ වැඩි විස්තර තියෙන කොටස.


මෙතන තියෙනවා බඩුවේ Condition එක , Type එක , Compatible Model එක , Material එක සහ Compatible Brand එක. හැම වෙලාවේම මොන හරි දෙයක් ගන්න කලින් ඔය ටික හොදට කියවල ඉන්න. ඊට පස්සේ බලමු එතනම උඩින තියෙන Shipping and payments කොටස ගැන පහල තියෙන රූපේ තියෙනවා ඒ කොටස.





 
ඔන්න මේකේ උඩින්ම තියෙන්නේ Item Location එක ඊට පස්සේ තියෙනවා එවන රටවල් ටික. එතන අපේ රට නැති උනාට අර Change country කියන ඒකෙන ගිහින් අපේ රට තෝරන්න පුළුවන්. එහෙම තේරුවට පස්සේ වැටෙනවා අපේ රටට මේක එවන්න යන මුදල. මෙතන විදියටනම් කිසිම මුදලක් වය වෙන්නේ නැ shipping වලට.

හරි දැන් මේ ඔක්කොම හොදට හොයල බලලා තමන් මේ බඩුව පිළිබධව සැහීමකට පත්වෙනවානම් ඊළගට කරන්න තියෙන්නේ Buy It Now කියන එක click කරන්න. එක click කරාම මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතනත් බඩුව ගානයි තව , shippng වලට යන ගානයි පොඩි විස්තරෙකුයි තියෙනවා. දැන් එහෙනම් ඊළගට අපිට තියෙන්නේ මෙතන තියෙන commit to Buy කියන එක click කරන්න. හොදට මතක තියා ගන්න මේ තියෙන commit to Buy කියන එක click කරට පස්සේ අපිට අපේ order එක අයිත් cancel කරන්න බැ. එකට අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු වෙනවා. එහෙම නොකරොත් හුගක් වෙලාවට අපිට අපේ ගිණුම පවා නැති වෙන්න පුළුවන් ( අත්දැකීමෙන් කියන්නේ  ) ඔතනිනුත් දැන් ඔයාල commit to buy කියන එක click කරා නම් ඊළගට එනවා පහල තියෙනවා වගේ page එකකට 




 
දැන් තියෙන්නේ ඔයා මේ ගත්ත item එකට සල්ලි ගෙවන්න එක කරන්න ඔය Pay now කියන එක click කරන්න. එක click කරාම ඊළගට මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතන ඔයා ගත්ත බඩුවේ Total cost එක වැටිලා තියෙනවා. මෙතනිනුත් Confirm Payment කියන එක click කරාම ඊළගට එන page එකේ පහලටම ගියාම මෙන්න මේ වගේ තියෙනවා. පහල රූපේ බලන්නකෝ.



 
මෙතන තියෙනවා අන්තිමටම Choose a payment method කියල කොටසක්. අන්න එතැනදී ඔයාලට පුළුවන් මේ බඩුවට සල්ලි ගෙවන අකාරය තෝරා ගන්න. මම මෙතැනදී තෝරා ගන්නේ Paypal කියන payment processor එක. ඊට පස්සේ එක තෝරලා Continue කියන එක click කරාම ඊලගට මේ පහල තියෙනවා වගේ එකක් එනවා.




මෙන්න මෙතැනදී වම අත පැත්තෙන් වැටෙනවා ඔයාට මේ වෙනකොට ගෙවන්න තියෙන සම්පුර්ණ මුදල. දකුණු අත පැත්තෙන් තියෙන එකට ඔයාගේ paypal email address එකයි password එකයි ඇතුල් කරන්න ඕනි. ඊට පස්සේ Log In කියන එක click කරාම ඔයාගේ paypal එකට ලොග් වෙලා මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක් එනවා.





මෙතනිනුත් continue කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ පහල තියෙනවා වගේ page එකක් ඇවිත් ඔයාගේ order එකට මුදල් ගෙවීම සම්පුර්ණ වෙනවා.






ඔන්න එපමයි එහෙනම් තියෙන්නේ. අද පොස්ට් එක නම් හිතුවට වඩා ගොඩක් දිග උනා. දෙකට කඩන්නත් බැනේ. මේ ටික එක දිගට කරන්න ඕනි වැඩක්නේ. එහෙනම් ඉතින් දැන් ඔයාලත් මේක කරලා බලල comment එකක් එහෙම දාල Facebook Fan Page එකටත් like පාරක් එහෙම දාල යන්න. ඇතිවෙන ඕනෙම ගැටළුවක් comment ඒකෙන අහන්න. හැකි පමණින් උත්තර දෙන්නම්. මම දැනට මේ paypal ගැනයි ebay ගැනයි ලියපු ලිපි ටික ඔක්කොම ebook එකක් වගේ හදලා PDF එකක් විදියට ලගදීම ඔයාලට දෙන්න හිතාගෙන ඉන්නේ එක ගැනත් ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.



29 December 2011

ebay ගනුදෙනු කරන්න ආස අයට ටිකක් අඩුවට ..


ඔන්න එහෙනම් අද ලියන්න යන්නේ අර ebay වැඩේ ඉතුරු පොස්ට් එක. මේක පරක්කු උනාට ටිකක් සමා වෙන්න ඕනි.  ඔක්කොමල දැන් කලින් පොස්ට් ටික කියවලා වැඩේ කරන්න ලෑස්ති වෙලා බලාගෙන ඇති. මෙන්න මෙහෙමයි මම පොරොන්දු උනානේ බැංකු කාර්ඩ් නැති අයට විසදුමක් දෙනවා කියලා. ඔන්න දැන් දෙන්නයි යන්නේ. මෙන්න මේකට තමා පිටරට විදියට paypal එකක් හදන්න කිව්වේ. දැන් එහෙනම් එකත් හදලා බලාගෙන ඇති සල්ලි නැතුව. මෙන්න මෙතනට මම යෝජනා කරන්නම් ලාබදායක ක්‍රමයක්. මෙන්න මේකයි ක්‍රමේ. ඔයාලට මම paypal වලට සල්ලි එවන්නම්. ඒ වෙනුවට ඔයාල මට මගේ බැංකු ගිණුමට සල්ලි දාන්න. හැබැයි වාසිම දේ තමයි ඔයාලා $1 කට මට ගෙවන්න ඕනි රුපියල් 110 යි. බැංකු කාර්ඩ් එකක් use කරනවට වඩා මේක ලාබයි. හබැයි මම මෙහෙම සල්ලි පාඩු කරගෙන දෙන්න සක්විති කෙනෙක් නෙවෙයි. එක හින්ද ඉක්මනට තමන්ට ඕනි ප්‍රමාණය ඉල්ලන්න. මටත් මෙහෙම සල්ලි දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේක කරන්නේ බැංකු කාර්ඩ් නැති අයට නිසා කරුනාකාරලා බැංකු කාර්ඩ් තියෙන අය මේ විදියට සල්ලි ගන්න එපා. මොකද එක ඔයාල බැංකු කාර්ඩ් නැති අයට කරන අසාධාරණයක්. මේක සිද්ද වෙන විදිය ගැන දැන ගන්න ඔයාලට අයිතියක් තියෙනවනේ. ඒ වගේම එක කියන එක මගෙත් වගකීමක්. ඕනිම දෙයක් මට email එකක් දාල අහන්න කිසි ප්‍රස්නයක් නැ. තමන්ට මේක සුවර් නැතිනම් මම ඔයාලව මගෙන් සල්ලි ගත්ත කෙනෙකුට අදුන්වල දෙන්නම්. එත් බැ වගේ නම කිසි ගැටළුවක් නැ. මගෙන් සල්ලි නොගෙන ඉන්න. හැබැයි ඉතින් මම නම කවදාවත්ම කාටවත් හොරයක් කරන්න හිතාගෙන කරන වැඩක් නෙවෙයි මේක. අනිත් පැත්තෙන් මටත් මේකෙන් වාසියක් නැතුවාම නෙවෙයි. හැබැයි කිසිම කෙනෙකුට අසාධරණයක් වෙන්නේ නැ. 

එහෙනම් මෙන්න මෙහෙමයි සල්ලි ඕනි අය කරන්න ඕනි. සල්ලි කෙලින්ම ඕනි අය call එකක් ගන්න. මෙන්න මේ number එකට. call එක ගන්න කලින් පොඩියට messages පාරක් දාන්න ඔයාගේ නමයි paypal money සම්බන්දව කතා කරන්නේ කියලයි. ඊට පස්සේ විනාඩි 2 ක් 3 නකින් කොල් කරන්න. එහම නැතුව වැඩිදුර විස්තර ඕනි අය email එකක් දාන්න.   


Tel – 0775 251 479

දැන් ඉතින් එක දිගට ගල් මුල් ප්‍රහාර දියත් වෙයි. අවුලක් නැ. එක්කෙනෙකුගේ හරි අසාවක් ඉස්ට උනොත් ඒ ඇති මොකද මම දන්නවනේ මම උනත් ඒකාලේ ebay එකන් මොනා හරි ගෙන්න ගන්න කොච්චර අසාවෙන්ද හිටියේ  කියලා. ඔන්න එහෙනම් අදට මම ගියා සල්ලි ඕනි අය අර මම කියපු විදියට කරන්න. ඕනිම කෙනෙකුට ඕනෙමනම් facebook chat එකෙනුත් මාව සම්බන්ද කර ගන්න පුළුවන් එකටත් පහලින් ලින්ක් එකක් දාන්නම්

Facebook – Shyamin Ayesh



08 December 2011

අමතක වෙන්න ගිය Dynamic Dolby


දැන් කස්ටිය බලනවා ඇති කාටද , මොකක්ද අමතක වෙලා තියෙන්නේ කියලා. අමතක උනේ නම් නැ. ලිපිය දාන්න ටිකක් පරක්කු උනා එච්චරයි. මේ දවස් ටිකේ අපේ වාර විභාගේ එහෙමත් තිබුන හින්දා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේම නැ. අනික් කාරනාව තමා මාත් හීනියට adsense ගිණුමක් හදා ගත්තා. ඉතින් මේ දවස් වල english බ්ලොග් එකකට අත ගහලා තියෙන්නේ. ඉතින් එහෙනම් 

අද කතාව කියන්නම් මෙන්න මෙහෙමයි අද විස්තරේ. ඔයාලට මතක ඇති මම කලින් ලිපි දෙක තුනක් ලිව්වා sound system ගැන. බලපු නැති අය පහලින් බලන්න. ලින්ක් ටික දාන්නම්.




ඔන්න අද කියන්න යන්නේ තවත් එක sound system එකක් ගැන. බලන්නකෝ ඔයාලට අහලා පුරුදු නමක්. Dynamic Dolby කිව්වම පෙළක් අය දන්නවත් ඇති. මේක හදුන්වලා දුන්නේ වර්ෂ 1970 වෙදී Dolby laboratories කියන චිත්‍රපට සමාගමෙන්. ඇත්තටම කියනවනම් මෙයාලා කරපු ඇති දෙයක් නැ. කරේ මොකක්ද දන්නවද ? හරිම පොඩි දෙයක් , ඔයාලට මතක ඇති stereophonic sound system එකේ තිබුනා surround channel එකක් මෙයාල අන්න ඒ channal එකත් ආයිත් දෙකට බෙදුවා left හා right කියලා. පස්සේ එකට නම දැන්මා Dynamic Dolby Sound System කියලා. හැබැයි ඉතින් වැඩේ හොදයි. හොද කොලිටි එකක් මේ වැඩේ හින්දා මේ Dynamic Dolby ක්‍රමයට එකතු උනා. එතොකොට මේ Dynamic Dolby ක්‍රමයේදී sound channel පහක් බාවිතා උනා. එක නෙවෙයි හොදම වැඩේ. මම දන්නා තරමින් ඔය අපි දැන් බාවිතා කරන sub woffer වලත් හොදම place එකක් තමා මේ Dynamic Dolby කියන්නේ. ඒක එහෙම වෙන්නේ මෙහෙමයි චිත්‍රපටි ශාලා වලදී මේ විදියට Dynamic Dolby ක්‍රමය බාවිතා වෙද්දී අමතරව sub woffer කියලා ස්පිකර් එකක් භාවිතා කෙරුණා. මේකෙදි සියලුම channel වලින් එන low frequency ශබ්ධ කොටස් ඔක්කොම ටික Cross Over කියලා පරිපතයකින් යවලා. ඊට පස්සේ ඒවා වෙන් කරගෙන අවශ්‍ය පමණට වර්ධනය කරගෙන අඩු සංඛ්‍යාත sub woffer ස්පිකර් එකට ලබා දුන්නා. මෙන්න මෙහෙම කරපු හින්දා bass ශබ්ධ එහෙම ලෙසටම අහන්න ප්‍රේක්ෂකයාට හැකි උනා. ඒ කිව්වේ ගොඩනැගිලි පුපුරන ඒවා එතොකොට බෝම්බ පුපුරන ඒවා එහෙම නිකන් අපේ කකුල් දෙක යට පුපුරනවා වගේ තේරෙන්න පටන් ගත්තා. ඉතින් කස්ටියම වැඩේට හරි කැමති උනා. ඉතින් මේ තාක්ෂනය ගෙවල් වලට ගෙනියන්න පටන් ගත්තා. වෙළද නාමය උනෙත් Dynamic Dolby ම තමා. බලන්න ඔයාලගේ ගෙදරත් ඇති Dynamic Dolby කියල සලකුණු කරපු කැසට් රෙකෝඩර් එහෙම.

ඕන්න ඉතින් මට දැන් වස කම්මැලියි. අදට යන්න කියලා බැලුවේ. ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා. අනිත් දවසේ කියලා දෙනවා කොහොමද මේ එක එක ජාතියේ Sound System ස්ථානගත කරන්නේ කියලා.