Pages

24 January 2012

මුල සිට අගටම හරියටම, Ebay එකෙන් බඩුවක් ගන්න හැටි !


ඔන්න අද ආවේ ටිකක් විතර පරක්කු උන කතාවක් කියන්න. කතාවේ පටන් ගැන්ම මෙහෙමයි. කස්ටියට මතක ඇති මම Ebay එක ගැනයි paypal එක ගැනයි විස්තර දාලා බ්ලොග් පොස්ට් වගයක් ලියාගෙන ආව. ඒවාට හොද comment එහමත් හම්බ වෙලා තිබුනනේ එත් ඉතින් හිටි ගමන්ම වැඩේ නැවතුනනේ. මතක විදියට අන්තිම පොස්ට් එක දැම්මේ සති තුනකට කලින්. ඉස්කෝලේ වැඩයි පන්තිවල වැඩයි හින්දා බ්ලොග් එක පැත්තේ එන එක පොඩ්ඩක් සීමා කරන්න උනා. එක හින්ද තමයි කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරුව ගියේ. අද ආවේ නම් අර පොස්ට් සෙට් එකේ තව කැල්ලක් දාල යන්න. හුගක් අය මේ වෙනකොට account හදලා ගනුදෙනු කරලත් ඇති. දෙතුන් දෙනෙකුටම email මාර්ගයෙනුත් ebay ඒකෙන් බඩු ගන්න හැටි කියලා දුන්නා. එක හින්ද අද කියන්න ඉතුරු වෙලා  තියෙන්නේ කොහොමද ebay ඒකෙන බඩුවක් අරගෙන එකට සල්ලි ගෙවන්නේ. මේකෙදි සියලුම තැන් Screen Shoots එක්ක කියලා දෙනවා. එක හින්ද මුළු පොස්ට් එකම කියවලා වැඩේ කරා නම් හරි. 

ඔක්කොටම කලින් තමන් ගන්න දේ තෝරා ගන්න ඕනි. එකට ඉතින් ebay site එකට ගිහින් තමන්ට ඕනි දේ search කරලා හොයා ගන්න ඕනි. මුලින් අසාවට පොඩි දෙයක් ගෙන්නලා බලන්න. මම මෙතැනදී පෙන්නනේ මම ගෙනාපු Phone Case එකක් ගත්ත හැටි. ඕනිම බඩුවක් order කරලා සල්ලි ගෙවන්නේ මේ පිළිවෙලටම තමා එක හින්දා තමන් ගන්න දේ එකින එකට වෙනස් උනාට සල්ලි ගෙවන විදිය කොයි බඩුව ගත්තත් එකයි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගම්මු. මුලින්ම යන්නකෝ ඔයා ගන්න අදහස් කරන බඩුව තියෙන page එකට. මෙන්න මම පහලින් දානවා මම ගන්න හිතන් ඉන්න Phone Pouch එකේ page එක. මේක ලංකාවට free shiping එවන බඩුවක් එක හින්ද අපිට shipping වලට අමතරව සල්ලි ගෙවන්න ඕනි වෙන්නේ නැ. බලන්නකෝ එහෙනම් පහල රූපේ. පොඩි වැඩියි වගේ නම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.   


ඔන්න එහෙනම් බලන්නකෝ මේකේ දකුණු පැත්තේ අයිනේ දෙවෙනියට තියෙන්නේ Other Item Info කියල අන්න එතන තියෙනවා අපි දැන් ගන්න හදන item එකේ Item Number එක , මේ බඩුව තියෙන තැන , Shipping කරන රටවල් ටික , Payment බාර ගන්න Payment Processors ටික සහ මේ බඩුව මිට කලින් කීයක්‌ වික්කද කියන එක. මේකේ විදියට නම් 18 sold කියලනේ වැටිලා තියෙන්නේ.  තවත් විස්තර තියෙනවා ඔහොමම තව ටිකක් පහලට වෙන්න. මම පහලින් දාල තියෙන්නේ වැඩි විස්තර තියෙන කොටස.


මෙතන තියෙනවා බඩුවේ Condition එක , Type එක , Compatible Model එක , Material එක සහ Compatible Brand එක. හැම වෙලාවේම මොන හරි දෙයක් ගන්න කලින් ඔය ටික හොදට කියවල ඉන්න. ඊට පස්සේ බලමු එතනම උඩින තියෙන Shipping and payments කොටස ගැන පහල තියෙන රූපේ තියෙනවා ඒ කොටස.





 
ඔන්න මේකේ උඩින්ම තියෙන්නේ Item Location එක ඊට පස්සේ තියෙනවා එවන රටවල් ටික. එතන අපේ රට නැති උනාට අර Change country කියන ඒකෙන ගිහින් අපේ රට තෝරන්න පුළුවන්. එහෙම තේරුවට පස්සේ වැටෙනවා අපේ රටට මේක එවන්න යන මුදල. මෙතන විදියටනම් කිසිම මුදලක් වය වෙන්නේ නැ shipping වලට.

හරි දැන් මේ ඔක්කොම හොදට හොයල බලලා තමන් මේ බඩුව පිළිබධව සැහීමකට පත්වෙනවානම් ඊළගට කරන්න තියෙන්නේ Buy It Now කියන එක click කරන්න. එක click කරාම මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතනත් බඩුව ගානයි තව , shippng වලට යන ගානයි පොඩි විස්තරෙකුයි තියෙනවා. දැන් එහෙනම් ඊළගට අපිට තියෙන්නේ මෙතන තියෙන commit to Buy කියන එක click කරන්න. හොදට මතක තියා ගන්න මේ තියෙන commit to Buy කියන එක click කරට පස්සේ අපිට අපේ order එක අයිත් cancel කරන්න බැ. එකට අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු වෙනවා. එහෙම නොකරොත් හුගක් වෙලාවට අපිට අපේ ගිණුම පවා නැති වෙන්න පුළුවන් ( අත්දැකීමෙන් කියන්නේ  ) ඔතනිනුත් දැන් ඔයාල commit to buy කියන එක click කරා නම් ඊළගට එනවා පහල තියෙනවා වගේ page එකකට 




 
දැන් තියෙන්නේ ඔයා මේ ගත්ත item එකට සල්ලි ගෙවන්න එක කරන්න ඔය Pay now කියන එක click කරන්න. එක click කරාම ඊළගට මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතන ඔයා ගත්ත බඩුවේ Total cost එක වැටිලා තියෙනවා. මෙතනිනුත් Confirm Payment කියන එක click කරාම ඊළගට එන page එකේ පහලටම ගියාම මෙන්න මේ වගේ තියෙනවා. පහල රූපේ බලන්නකෝ.



 
මෙතන තියෙනවා අන්තිමටම Choose a payment method කියල කොටසක්. අන්න එතැනදී ඔයාලට පුළුවන් මේ බඩුවට සල්ලි ගෙවන අකාරය තෝරා ගන්න. මම මෙතැනදී තෝරා ගන්නේ Paypal කියන payment processor එක. ඊට පස්සේ එක තෝරලා Continue කියන එක click කරාම ඊලගට මේ පහල තියෙනවා වගේ එකක් එනවා.




මෙන්න මෙතැනදී වම අත පැත්තෙන් වැටෙනවා ඔයාට මේ වෙනකොට ගෙවන්න තියෙන සම්පුර්ණ මුදල. දකුණු අත පැත්තෙන් තියෙන එකට ඔයාගේ paypal email address එකයි password එකයි ඇතුල් කරන්න ඕනි. ඊට පස්සේ Log In කියන එක click කරාම ඔයාගේ paypal එකට ලොග් වෙලා මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක් එනවා.





මෙතනිනුත් continue කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ පහල තියෙනවා වගේ page එකක් ඇවිත් ඔයාගේ order එකට මුදල් ගෙවීම සම්පුර්ණ වෙනවා.






ඔන්න එපමයි එහෙනම් තියෙන්නේ. අද පොස්ට් එක නම් හිතුවට වඩා ගොඩක් දිග උනා. දෙකට කඩන්නත් බැනේ. මේ ටික එක දිගට කරන්න ඕනි වැඩක්නේ. එහෙනම් ඉතින් දැන් ඔයාලත් මේක කරලා බලල comment එකක් එහෙම දාල Facebook Fan Page එකටත් like පාරක් එහෙම දාල යන්න. ඇතිවෙන ඕනෙම ගැටළුවක් comment ඒකෙන අහන්න. හැකි පමණින් උත්තර දෙන්නම්. මම දැනට මේ paypal ගැනයි ebay ගැනයි ලියපු ලිපි ටික ඔක්කොම ebook එකක් වගේ හදලා PDF එකක් විදියට ලගදීම ඔයාලට දෙන්න හිතාගෙන ඉන්නේ එක ගැනත් ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

22 comments:

  1. ela machan

    ebay phoen 1k return karna vidya kiynako ?? TAX gewana onada aluth ekak aith retturn kaloth

    ReplyDelete
  2. machan buyincoins.com try karanna. ganath aduyi. Mamath badu deka thunakma aragena thiyenava

    ReplyDelete
  3. @Anonymous - ගෙවන්න වෙනවා කොල්ලෝ ....

    ReplyDelete
  4. @දුෂාන් - එල එල මම ඒකෙන් ගෙන්නලා තියෙනවා .... ebay කතා ටික කියල හෙමිහිට කියන්නම්කො .....

    ReplyDelete
  5. machan ikmanta post ekak daenako return karna 1 gana

    ReplyDelete
  6. @Anonymous - කරන එකේදී කරන්න විශේෂ දෙයක් නැ සහෝදරයා ..... එකේදී අදාළ seller ව contact කරලා වැඩේ කර ගන්න තමයි තියෙන්නේ ...

    ReplyDelete
  7. Api phone ekak wage deyak buy kaloth eka gedarata enna koi tharam kalayak yanawada?please help me

    ReplyDelete
  8. @New Gossip lanka - ඒ seller කියල තියෙන කාලය යනවා .... සාමාන්‍ය විදියට නම් වැඩ කරන දවස් 21 ක් විතර ... මේක seller ගෙන් seller ට වෙනස් වෙන්න පුළුවන් ....

    ReplyDelete
  9. machan ebay wage thiyena wenath site walin badu ganna hetith kiyahanko..

    ReplyDelete
  10. මේ Item එක ගෙදරටම එන්න ගියේ දවස් 17 යි...

    Anonymous - වෙලාවක් ලද සැනින් ලියන්නම් යාලු ...

    ReplyDelete
  11. එල එල මචන් ඔහොම යන් සුපිරි

    ReplyDelete
  12. @උදිතගේ අලවංගුව - එල එල මචෝ .... තැන්කු ප්‍රතිචාරයට ...

    ReplyDelete
  13. නියමයි මචන් මෙක මම ගොඩක් කල් ඉදල හොය හොය හිටපු එකක් මේක... බොහොම ස්තූතියි.... ඉදිරියටම යන්න සුභ පතනවා.... තව අලුත් දේවල් ටිකක් දෙන්න....

    ReplyDelete
  14. godak hodai,dannathi dewal godak danagattha,pdf eka ikkmanta denna.kaala balaa aye ennam.....

    ReplyDelete
  15. දැම්ම බෑ 18+ වෙනකම් ඉන්නේ :p

    ReplyDelete
  16. නියමයි මචන් මෙක මම ගොඩක් කල් ඉදල හොය හොය හිටපු එකක් මේක... බොහොම ස්තූතියි.... ඉදිරියටම යන්න සුභ පතනවා.... තව අලුත් දේවල් ටිකක් දෙන්න....

    ReplyDelete
  17. @SRK_93 - මේක කියවලා හිතෙන දේ පහලින් කොටලා ගියාට ගොඩක් ස්තුතියි මචෝ ...

    ReplyDelete
  18. එල..එල..

    ReplyDelete
  19. Very important article.. Thank you very much.

    ReplyDelete
  20. විස්තර ටික ගොඩක් වටිනවා මචං ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  21. machoo use 4n ekakata pay karoth eka gedaratama enawada? naththan custom eken allanawada? custom ekata gihin 4n eka ganna oneda? kathawak thiye 4n ebay eken gedaratama genna ganna ba kiyala.meka gana mokada kiyanne??

    ReplyDelete
    Replies
    1. ඔය දෙවිදියටම වෙන්න පුළුවන් ... එක්කෝ අහු වෙනවා ... නැත්තම් ගෙදරටම එනවා ... අහුවෙන පැත්තට තමයි බර වැඩි ...

      Delete