Pages

12 September 2011

මොනාද මේ mono sound system කියන්නේ ?


ඔන්න අද එහෙනම් අලුත්ම කතාවක් අරගෙන ආව. කතාව කියන්නේ හැමදාම හොමෝම ලගින් ආශ්‍රය කරන sound system ගැන. හැමෝමටම ඇතිනේ මොකක්හරි sound system එකක්. හරි වැඩි කතා ඕනේ නැ කෙලින්ම කතාවට බහිමු. ( ලිස්සන සුළු අය පරිස්සමට බහින්න ) !

ඔයාල අහල තියෙනවද speker එකක් විතරක් තියෙන පරණ radio එකක් එහෙම. කොහොමද නියමයි නේද. ඔන්න ඔතනදි වෙන්නේ ඔයාල අහන සින්දුවේ හරි හඩ පටයේ හරි තියෙන ඔක්කොම ශබ්ද ටික ඔය තනි speker ඒකෙන ඇහෙන එකනේ. කොටින්ම කියනවනම් මෙලෝ 3D ගතියක් නැ. ඔක්කොම සද්ද ටික එකම තැනකින් ඇහෙනවා.ඔන්න ඔහොම ඇහෙන එකට කියන්නේ Mono sound system එකක් කියලා. ඔය mono කියන්නේ ටිකක් දිග වචනයක් කොට කරලා හදා ගත්තු වචනයක් ඔකේ දිග වචනේ තමා “ Monaural “ කියල කියන්නේ. හැබැයි ඉතින් දැන් නම් මේ ක්‍රමය බාවිත වෙන්නේ නැති තරම්. ඉස්සර තිබුණු දියුණුම ක්‍රමයක් උනාට දැන් තියන ඒවත් එක්ක බලනකොට මේක හරිම ප්‍රාථමික අවදියේ එකක් විදියට තමා සලකන්නේ. ඕකට ඔහොම වෙන්න හේතුව තමා mono ක්‍රමයේදී එක sound channel එකක් පමණක් බාවිතා කිරීම. තවත් හේතු තියෙනවා ඔය හේතුව තමා ඕක මිනුස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව.




උඩ තියෙන රුප ටිකක් බලන්නකෝ. ඔය තියෙන්නේ mono audio jack ටිකක්. හරිම සිම්පල් කොටස් දෙකයි තියෙන්නේ. ඔන්න ඕකෙන් පුළුවන් එක channel එකක් විතරක් තියෙන audio එකක් හුවමාරු කර ගන්න.



ඔය තියෙන්නේ සිරාම mono casset එකක් එක speker එකක් විතරයි තියෙන්නේ ඇහෙන ඔක්කොම දේවල් ඕකෙන් ඇහෙනවා. ඔන්න දැන් කස්ටියට අස හිතිලා ඇති mono තාක්ෂනය උපයෝගී කරගෙන සින්දුවක් අහන්න. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. එක්කෝ ඔය උඩ තියෙනවා වගේ එක speker එකක් විතරක් තියෙන casset එකක් හොයා ගන්න වෙනවා. අනිත් හොදම ක්‍රමේ තමා mp3 වැඩ කරන chiness speker phone එකක් හොයා ගන්න එක. ඕකට පරණ කලේ සින්දුවක් දාල ඇහුවනම් සිරාම mono තමා. එහනම් ඉතින් අදට මම යනවා. අයිත් දවසක හම්බ වෙමු. ඊලග පාර කියල දෙන්නම් stereo sound system ගැන 

මේ ලිපියේ වැරද්දක් තියෙනවනම් සමාව බාජනයට දාල වැරැද්ද කියල දෙනු මැනවි. 

03 September 2011

"ටොපිය" එළිදැක්වීමට කලියෙන් !

ඔන්න කියන්න යන්නේ මගේම නිර්මාණයක් ගැන. පොඩියට අටවලා පස්සේ ලොකුවට අදින්න තම හිතාගෙන ඉන්නේ. පීනන්න පුරුදු වෙන්නනම් ඉතින් බැහැලාම බලන්න ඕනේ කියල කතාවක් තියෙනවනේ. ඒ ඔක්කොම ගැන හිතල අන්තිමේදී මම තීරණය කලා බැහැල බලනවා කියලා. මෙන්න මේකයි කතාව මම පොඩියට ඇටෙව්වා සින්ඩිකේටරයක් අනිත් ඒවාට පහර ගහන්න හිතාගෙන නෙවයි. නිකන් ආතල් එකට. තාම ඉතාමත් හොදට ක්‍රියාත්මක වෙනවා. අටවන්න යොදා ගත්තේ කව්රුත් දන්නා www.blogger.com එකේම තමා. ඔක්කොම වැඩ කරන්නේ තවත් එක බ්ලොග් එකක් විදියට. දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවර කරලා තියෙන්නේ එත් එලි දක්වන්න හිතාගෙන ඉන්නේ තව හරියටම දවස් තුනකින්. ඒ අතරේ ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් මේකට දැන්ම තියා එකතු කරන්න. අපායට උනත් කලින් යන්න ඕනි කියල කතාවක් තියෙනවනේ.  ඔන්න එහෙනම් කස්ටියම බ්ලොග් ටික එකතු කරන්න. ඔයාලත් කැමතිනම් සින්ඩියේ පැත්තකට වෙන්න ඔයාලගේ බ්ලොග් එකේ පොඩි add එකක් ද ගන්න එකටත් දැන්මම ඉල්ලුම් කරන්න පුළුවන්. එකට කරන්න ඕනි ඔයාල ඉක්මනටම ඔයාලගේ බ්ලොග් එක ගැන කියලා info.topiyasyndi@ymail.com කියන email ලිපිනයට ලියුමක් එවන එක. එකටනං ඉක්මන් කරන තරමට හොද වෙයි. මොකද හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලම ඉල්ලුම් කරන අයට අවස්ථාවක් දෙන්න තමා. එහෙමත් නැත්තම් මෙන්න මේ ෆෝරම් එක උදවු කරගෙනත් ඔයාලගේ දැන්වීම එවන්න පුළුවන් .

ඔයාලගේ add එකතු කරන්න ෆෝරම් එකට මෙතනින් යන්න 

සින්ඩියට බ්ලොග් එක එකතු කරන්න මෙතනින් යන්න 

ටොපිය සින්ඩියට මෙතනින් යන්න 

ඔයාලට මේ ගැන හිතෙන අදහස් ටිකකුත් පහලින් දාල යන්න. වෙනද වගේම කියන්නේ වැඩිය සැරට දාන්න එපා හොදේ. තව මේ සින්ඩියේ වෙන්න ඕනි වෙනස්කම් අඩුපාඩු වගේ දේවල් ගැනත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගියා අයිත් හමු වෙමු අලුත් බ්ලොග් පොස්ට් එකකින්

26 August 2011

සුපිරි තරු මාවතේ අවසාන මහා තරගය !


ඔන්න එහෙනම් අද තමා දවස. ඔයාලට මතක ඇති මම ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා. මතක නැ වගේනම් අයිත් පාරක් කියවන්නකෝ 


06 August 2011

සිරස සුපිරි තරු මාවතේ නායකවරුන්ගේ තුරුම්පුව !

ලිව්වෙ Shyamin Ayesh වෙලාව 8:19 PM

මොකද හිතෙන්නේ මගේ බ්ලොග් එකට අලුතෙන් දාපු theme එක ගැන හොදයි නේද ? එක නෙවෙයි අද මම බ්ලොග් එක පැත්තේ ආවේ මගේ මේ ජංජාලේ සහෝදරයින්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒක මොකක්ද කියල ඔයාල දැනටමත් දන්නවා ඇති. මේ post එකේ photo එක එහෙම දැකපු ගමන කට්ටියටම වැඩේ වැටහෙන්න ඇති. මෙන්න මේකයි කතාව. සිරස TV  එක බලන නොබලන හැමෝම දන්නවා ඇතිනේ ඔය sirasa super star කියල Reality කියන ජාතියේ අමුතුම මෙව්වා එකක් තියෙන විත්තිය. ඉතින් ඔන්න ඕකට මගේම ඉස්කෝලේ ඒ කියන්නේ නායකවරුන්ගේ මගේම සහෝදරයෙක්  මේ පාර ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් දැන් සියලුම තරග කරුවන් අබිබවා අවසාන දෙදෙනාව තෝරාගෙන අවසන් කරලා තියෙනවා. ඇත්තටම හොදම දෙන්නෙක් තමා තෝරාගෙන තියෙන්නෙ. මට ඒ දෙන්න ගැන විවාද කරන්න දෙයක් නෑ. දෙන්නම super. ඒත් ඉතින් අපේ තිසර අයියට පොඩි සප් එකක් දෙන්න කියල හිතාගෙන මේ පොස්ට් එක දාන්නේ. ලංකාවේ ඉන්න සින්දු අහන ඒ වගේම සින්දු වලට අසා කරන හොද දේ අගයන කට්ටිය මේ දෙන්නව වගේම තව ගොඩක් ගායකයෝ මේ විදියට බිහි කරලා තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ මෙන්න මේ දේ. ඔයාල ඇත්තටම හිතනවානම් තිසර අයියා හොදට සින්දු කියනවා කියලා ඔයාල අර sirasa super star විනිසුරු මඩුල්ලේ ඉන්න මදු අයියා කියනවා වගේ. කියක් හරි වියදම් කරලා SMS එකක් ගැහුවට ඇත්තටම පවු නැ. මොකද එයාලගේ නිර්මාණ තමා අපි ඉදිරියට දකින්නේ. මේකෙදි සමහර විට මම තිසර අයියට විතරක් SMS vote යවන්න කියපු එක වැරදි වෙන්න පුළුවන් එත් මේ Reality කියන එකේදී එහෙම කිව්වට මට පවු නැ. එහෙනම් ඔයාලටත් හිතෙනවනම් මෙයාට sms එකක් යැව්වට වැරද්දක් නැ කියලා වගේම ඔයාගේ ෆෝන් එකෙන් රුපියලක් දෙකක් මේ වෙනුවෙන් වැය උනාට කමක් නෑ කියලා. ඔයාලත් sms එකක් යවන්න. යවන්න ඕනි මෙන්න මෙහෙමයි.

කෙටි පණිවිඩ යැවිය හැකි ඕනෙම දුරකතනයකින්  SSS (space) 2 යොදා 7788 ට send කරන්න. එක දුරකතනයකින් මේ විදියට කෙටි පණිවිඩ මනාප 10 ක යවන්න පුළුවන් ඊට වඩා යවන ඒවා ප්‍රතික්ෂේප වෙනවා.

ආ තව ටිකෙන් අමතක වෙනවා. අවසාන මහා තරගය තියෙන්නේ අගෝස්තු මාසේ 26 වෙනිදා. එදා රැට තමා sms ගහන්න පුළුවන් වෙන්නේ.

ඔන්න එහෙනම් ඕක තමා ඉල්ලන උදව්ව. පුළුවන් කට්ටිය උදවු කරන්න. ඒ වගේම මගේ theme එක ගැනයි post එක ගැනයි හිතෙන ඕනෙම දෙයක් comment විදියට දාන්න. එහෙනම් අදට මම ගියා පස්සේ වෙලාවක එන්නම් තව අලුත් දෙයක් හොයාගෙන කට්ටිය බලල යන්න. එතකන් ඔක්කොමල පරිස්සමට ඉන්ඩෝ . . .


Labels - අනන් මනං 





ඔන්න එහෙනම් අද තමා මේ සිරස සුපිරි තරු තොරා ගැනීමේ අවසාන දිනය. ඒ කියන්නේ අද තමයි අවසාන දෙදෙනාගෙන් එක්කෙනෙක්ව තොරා ගන්න අවසාන මහා වටය. එහෙනම්  ඉතින් අද රැ කස්ටියම super star බලන්න හිතාගෙන ඇතිනේ. කස්ටියම බලලා තිසර අයියට ඔයාලගේ SMS මනාපය යවන්න. අකමැති කෙනෙක් ඉන්නවනම් අනිත් කෙනාට යවන්න මේක බල කිරීමක් විදියට ගණන් ගන්න එපා.  ඔයාලට හිතෙනවනම් තිසර අයියට වඩා අනිත් කෙනා හොදයි කියලා. එකට මට කිසි ප්‍රස්නයක් නැ. අපේ කෙනෙක් වෙනුවෙන් මම කරන උදව්වක් තමා  මේ. එයාලගේ මනාප යවන්න ඕනි අංකය එහෙම ඒ වෙලාවට කියනවා. එහෙනම් හැමෝම තමන්ගේ නිදහස් ඡන්දය බාවිතා කරයි කියල හිතෙනවා. ( මන් මෙහෙම කිවා කියල නිදහස බාධා උනානම් සමාව බාජනයට දාන්න හොදේ  )  ගිහින් එන්නම් !


 සුබ පතන්න ඕනේ අය උඩ මම දාල තියෙන facebook fan page එක බාවිතා කරන්න පුළුවන්.  

16 August 2011

නොමිලයේ MMS යවමු !

ඔයාලට මතක ඇති මම කලින් පොස්ට් එකකදී කියල දුන්න කොහොමද Free SMS යවන්නේ කියලා ඒ ලිපියටත් හොද ප්‍රතිචාර වගයක් හම්බු වෙලා තිබුනා. ඔන්න අද කියන්න යන්නේ කොහොමද මේ විදියට Free MMS යවන්නේ කියලා.හැබැයි පොඩි දුකට කරනයකුත් තියෙනවා මේ විදියට මේ සේවාව බවිත කරලා MMS යවන්න පුළුවන් Dialog සහ Mobitel දුරකථන වලට විතරයි. එත් මදෑ නේද. මම පොඩි site එකකුත් ඇටෙව්වා මේ MMS වැඩේට. හැබැයි ඉතින් මේ පහසුකම ලබා දෙන්නේ " MMSLANKA " කියන site ඒකෙන තමා. ඔන්න එහෙනම් මම කියන්නම් විස්තර ටිකක්. මුලින්ම කියන්න ඕනි මේ පොස්ට් එක දාන මේ වෙලාව වෙනකනුත් මේ විදියට MMS යවන්න පුළුවන්. මම එහෙම කිව්වේ මේ ලංකාවේ හින්දා. අනිත් එක තමා මේ විදියට MMS යවන්න පුළුවන් 200kb වලට වඩා පොඩි ගොනු විතරයි. මෙහෙම MMS යවන්න කලින් MMS එක ලැබෙන දුරකතනයේ MMS activate කරලා තියෙන්න ඕනි. එක කර ගන්නේ මෙහෙමයි.


Dialog දුරකථන සදහා.

ඔබේ දුරකථනයේ “ MMS ” ලෙස type කර “ 678 “ වෙත යවන්න. නැවත “ GPRS “ ලෙස type කර “ 678 “ ට යවන්න දැන් ලැබෙන settings ඔබේ දුරකතනයේ පිහිටුවා ගන්න. වැඩි විස්තර සදහා පාරිබෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.


වැඩි විස්තර කිව්වේ ඔය විදියට කරලා හරි යන්නේ නැත්තම් ටිකක් අමතල බලන්න වෙනවා ඉතින්. හුගක් වෙලාවට Nokia , Sony සහ තවත් ෆෝන් ජාති ගොඩකට ඔය ක්‍රමේ වඩා කරනවා එත් ඔය චිනේ හදන එව්වට ඉතින් කතා කරන්නම වෙනවා. ( චීනයේ නිෂ්පාදිත දුරකථන සදහා මගේ බලවත් කණගාටුව )


Mobitel දුරකථන සදහා. 


071 2755777 අංකයෙන් පාරිබෝගික සේවාව අමතා MMS සහ GPRS සැකසුම් ලබා ගත යුතු වේ.


මොබිටෙල් වලටනම් ඉතින් සොරිම තමා මම දන්නා තරමට කතා කරන්න වෙනවා. කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් ඔයිට වඩා ලේසියෙන් ඔය සැකසුම් ලබා ගන්න Comment එකක් දල ඒ බව කියල යනවනම් එය ඉතා අගය කොට සලකන බවත් ප්‍රකාශ කරනවා.


අනිත් කරණය තම ඔය සැකසුම් එක පාරක් හදපුවාම ඇති හොදේ. සරින් සැරේට හදන්න ඕනි නැ. ඔන්න එහෙනම් මෙහෙමයි යවන්නේ. මුලින්ම ඔය පහල ලින්ක් ඒකෙන මම හදපු site එකට යන්න.


මෙතනින් යන්න -->


ඔන්න ඊට පස්සේ වැටෙනවා කොහොමද සැකසුම් එහෙම හදා ගන්නේ කියල ඒවා ඉතින් මෙතනත් තියෙනවානේ ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔය උඩින්ම තියෙන Send MMS කියන තැනට ගිහින් යවන්න ඕනි file එක එහෙම තෝරලා Dialog ද Mobitel ද කියල තෝරලා. මර්තුකාවකුත්  ගහලා පහලින් තියෙන Send MMS කියන එක click කරන්න.


ඔන්න අනිවා දැන් ඔයාලගේ MMS එක යනවා ප්‍රමාද දෝෂ වලට ඉතින් දුරකථන ජාල වලින් වග කියන්න ඕනි. අහිංසක මම නම පලි නැ. මටනම් එහෙම ප්‍රමාදයක් අවේ නැ. කියන්න බැ නේ යවන මනුස්සයාගේ තත්වේ එහෙමත් ඕවට ටික ටික හරි බලපානවා ඇති. ඔන්න එහෙනම් පොඩි ප්‍රතිචාරයක් එහෙමත් මතක කරලා දාල යන්න. බනින්න එහෙම ඕනෙනං mail එකක් එවන්න. වැඩි සැරටමත් එවන්න එපා හොදේ.