Pages

03 September 2011

"ටොපිය" එළිදැක්වීමට කලියෙන් !

ඔන්න කියන්න යන්නේ මගේම නිර්මාණයක් ගැන. පොඩියට අටවලා පස්සේ ලොකුවට අදින්න තම හිතාගෙන ඉන්නේ. පීනන්න පුරුදු වෙන්නනම් ඉතින් බැහැලාම බලන්න ඕනේ කියල කතාවක් තියෙනවනේ. ඒ ඔක්කොම ගැන හිතල අන්තිමේදී මම තීරණය කලා බැහැල බලනවා කියලා. මෙන්න මේකයි කතාව මම පොඩියට ඇටෙව්වා සින්ඩිකේටරයක් අනිත් ඒවාට පහර ගහන්න හිතාගෙන නෙවයි. නිකන් ආතල් එකට. තාම ඉතාමත් හොදට ක්‍රියාත්මක වෙනවා. අටවන්න යොදා ගත්තේ කව්රුත් දන්නා www.blogger.com එකේම තමා. ඔක්කොම වැඩ කරන්නේ තවත් එක බ්ලොග් එකක් විදියට. දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවර කරලා තියෙන්නේ එත් එලි දක්වන්න හිතාගෙන ඉන්නේ තව හරියටම දවස් තුනකින්. ඒ අතරේ ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් මේකට දැන්ම තියා එකතු කරන්න. අපායට උනත් කලින් යන්න ඕනි කියල කතාවක් තියෙනවනේ.  ඔන්න එහෙනම් කස්ටියම බ්ලොග් ටික එකතු කරන්න. ඔයාලත් කැමතිනම් සින්ඩියේ පැත්තකට වෙන්න ඔයාලගේ බ්ලොග් එකේ පොඩි add එකක් ද ගන්න එකටත් දැන්මම ඉල්ලුම් කරන්න පුළුවන්. එකට කරන්න ඕනි ඔයාල ඉක්මනටම ඔයාලගේ බ්ලොග් එක ගැන කියලා info.topiyasyndi@ymail.com කියන email ලිපිනයට ලියුමක් එවන එක. එකටනං ඉක්මන් කරන තරමට හොද වෙයි. මොකද හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලම ඉල්ලුම් කරන අයට අවස්ථාවක් දෙන්න තමා. එහෙමත් නැත්තම් මෙන්න මේ ෆෝරම් එක උදවු කරගෙනත් ඔයාලගේ දැන්වීම එවන්න පුළුවන් .

ඔයාලගේ add එකතු කරන්න ෆෝරම් එකට මෙතනින් යන්න 

සින්ඩියට බ්ලොග් එක එකතු කරන්න මෙතනින් යන්න 

ටොපිය සින්ඩියට මෙතනින් යන්න 

ඔයාලට මේ ගැන හිතෙන අදහස් ටිකකුත් පහලින් දාල යන්න. වෙනද වගේම කියන්නේ වැඩිය සැරට දාන්න එපා හොදේ. තව මේ සින්ඩියේ වෙන්න ඕනි වෙනස්කම් අඩුපාඩු වගේ දේවල් ගැනත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගියා අයිත් හමු වෙමු අලුත් බ්ලොග් පොස්ට් එකකින්
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

2 comments:

  1. domain 1k gathhtanam wade elatama thiyei needa machoo! ehema adahasak nadda?

    ReplyDelete
  2. @මාධව - දැනට free Domain එකක් තමා දාලා තියෙන්නේ ... නැගලා ගියොත් අනිවා හොදටම කරනවා .....

    http://www.topiyasyndi.tk/

    ReplyDelete