Pages

16 August 2011

නොමිලයේ MMS යවමු !

ඔයාලට මතක ඇති මම කලින් පොස්ට් එකකදී කියල දුන්න කොහොමද Free SMS යවන්නේ කියලා ඒ ලිපියටත් හොද ප්‍රතිචාර වගයක් හම්බු වෙලා තිබුනා. ඔන්න අද කියන්න යන්නේ කොහොමද මේ විදියට Free MMS යවන්නේ කියලා.හැබැයි පොඩි දුකට කරනයකුත් තියෙනවා මේ විදියට මේ සේවාව බවිත කරලා MMS යවන්න පුළුවන් Dialog සහ Mobitel දුරකථන වලට විතරයි. එත් මදෑ නේද. මම පොඩි site එකකුත් ඇටෙව්වා මේ MMS වැඩේට. හැබැයි ඉතින් මේ පහසුකම ලබා දෙන්නේ " MMSLANKA " කියන site ඒකෙන තමා. ඔන්න එහෙනම් මම කියන්නම් විස්තර ටිකක්. මුලින්ම කියන්න ඕනි මේ පොස්ට් එක දාන මේ වෙලාව වෙනකනුත් මේ විදියට MMS යවන්න පුළුවන්. මම එහෙම කිව්වේ මේ ලංකාවේ හින්දා. අනිත් එක තමා මේ විදියට MMS යවන්න පුළුවන් 200kb වලට වඩා පොඩි ගොනු විතරයි. මෙහෙම MMS යවන්න කලින් MMS එක ලැබෙන දුරකතනයේ MMS activate කරලා තියෙන්න ඕනි. එක කර ගන්නේ මෙහෙමයි.


Dialog දුරකථන සදහා.

ඔබේ දුරකථනයේ “ MMS ” ලෙස type කර “ 678 “ වෙත යවන්න. නැවත “ GPRS “ ලෙස type කර “ 678 “ ට යවන්න දැන් ලැබෙන settings ඔබේ දුරකතනයේ පිහිටුවා ගන්න. වැඩි විස්තර සදහා පාරිබෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.


වැඩි විස්තර කිව්වේ ඔය විදියට කරලා හරි යන්නේ නැත්තම් ටිකක් අමතල බලන්න වෙනවා ඉතින්. හුගක් වෙලාවට Nokia , Sony සහ තවත් ෆෝන් ජාති ගොඩකට ඔය ක්‍රමේ වඩා කරනවා එත් ඔය චිනේ හදන එව්වට ඉතින් කතා කරන්නම වෙනවා. ( චීනයේ නිෂ්පාදිත දුරකථන සදහා මගේ බලවත් කණගාටුව )


Mobitel දුරකථන සදහා


071 2755777 අංකයෙන් පාරිබෝගික සේවාව අමතා MMS සහ GPRS සැකසුම් ලබා ගත යුතු වේ.


මොබිටෙල් වලටනම් ඉතින් සොරිම තමා මම දන්නා තරමට කතා කරන්න වෙනවා. කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් ඔයිට වඩා ලේසියෙන් ඔය සැකසුම් ලබා ගන්න Comment එකක් දල ඒ බව කියල යනවනම් එය ඉතා අගය කොට සලකන බවත් ප්‍රකාශ කරනවා.


අනිත් කරණය තම ඔය සැකසුම් එක පාරක් හදපුවාම ඇති හොදේ. සරින් සැරේට හදන්න ඕනි නැ. ඔන්න එහෙනම් මෙහෙමයි යවන්නේ. මුලින්ම ඔය පහල ලින්ක් ඒකෙන මම හදපු site එකට යන්න.


මෙතනින් යන්න -->


ඔන්න ඊට පස්සේ වැටෙනවා කොහොමද සැකසුම් එහෙම හදා ගන්නේ කියල ඒවා ඉතින් මෙතනත් තියෙනවානේ ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔය උඩින්ම තියෙන Send MMS කියන තැනට ගිහින් යවන්න ඕනි file එක එහෙම තෝරලා Dialog ද Mobitel ද කියල තෝරලා. මර්තුකාවකුත්  ගහලා පහලින් තියෙන Send MMS කියන එක click කරන්න.


ඔන්න අනිවා දැන් ඔයාලගේ MMS එක යනවා ප්‍රමාද දෝෂ වලට ඉතින් දුරකථන ජාල වලින් වග කියන්න ඕනි. අහිංසක මම නම පලි නැ. මටනම් එහෙම ප්‍රමාදයක් අවේ නැ. කියන්න බැ නේ යවන මනුස්සයාගේ තත්වේ එහෙමත් ඕවට ටික ටික හරි බලපානවා ඇති. ඔන්න එහෙනම් පොඩි ප්‍රතිචාරයක් එහෙමත් මතක කරලා දාල යන්න. බනින්න එහෙම ඕනෙනං mail එකක් එවන්න. වැඩි සැරටමත් එවන්න එපා හොදේ.
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

5 comments:

  1. වැඩේ නම එල මචෝ එත ඕක හැමතැනම තියෙනවා.අනික කෝර්ඩ් ටිකත් පල්ලහ තියෙනවා.

    ReplyDelete
  2. @Anonymous - ඔව් ඕක හදල තියෙන්නේ ඕනේ කෙනෙකුට තමන්ගේ වෙබ් අඩවියට එකතු කර ගන්න පුළුවන් වෙන විදියට. මම ඉතින් පොඩි මොඩ් පාරක දීලා ගත්තා.

    ReplyDelete
  3. මචං ඕක කෙලින්ම තමන්ගේ ඊ-මේල් එකවුන්ට් එකෙන්ම යවන්න පුලුවන්නේ...

    ReplyDelete
  4. @තාරක Dilsh@n - ඔව ඔව කිසි අවුලක් නැ යවන්න පුළුවන්. එක එහෙමයි මේක මෙහෙමයි. දැන් gmail වලින් free SMS හිටන් යවන්න පුළුවන්නේ. ස්තුතියි යාළුවා comment එකට.

    ReplyDelete