Pages

24 September 2012

ebay selling - ආසා හිතෙන්න මේක කියවන්න !

ඔන්න එහෙනම් අද ටිකක් හිත හදන්නයි යන්නේ කස්ටියගේ. ඕනිම දෙයක් කරන්න කලින් වැදගත්ම දේවල දෙක තුනක් තියෙනවා. දවසකට දාස් ගණන හොයන්න කලින් මුලින් දවසට රුපියල් 10 ක හොයන්න පුලුවන්ද කියලා බලන්න ඕනි. අන්න ඒක තමයි ක්‍රමේ. හැබැයි එහෙමයි කියලා හැමදාම රුපියල් 10 ය ගානේ හොයලා වැඩක නැ. අද දහයක හෙව්වොත් හෙට 20 ක හොයන්න බලන්න ඕනි. ඔන්න එහෙනම් මම කලින් දවසේ 10 ක හෙව්වා මතක ඇති කස්ටියට. මතක නැති අය මෙන්න මෙතනින් බලන්න පුළුවන්.

පලවෙනි Feedback ඒක ලැබුන හැටි ->

ඔන්න ඔකේ මම හදපු account එකේ පලවෙනිම item ඒක විකිණුවා. ඒ feedback 0 තියෙද්දී. ඕනිම කෙනෙක් දන්නවනේ කව්රු උනත් feedback 0 තියෙන seller කෙනෙක්ගෙන් බඩුවක් ගන්න ටිකක් අදී මදි කරනවා. නමුත් ගන්න කැමති අයත් ඉන්නවා. අපි බලන්න ඕනි අන්න ඒ කෙනෙක්ව කොහොමද තොර ගන්න කියලා. හරි ඒක පස්සේ කියන්නම්.

දන බලන්න එදා මම ඒක වික්කේ කියකටද කියලා.


මේක අන්තිමට විකිනුනේ $1.04 කට. නමුත් ඔන්න මම දෙවෙනි පාර මේක ටිකක් වැඩි කරන්න හිතුවා. ඇත්තටම කරන්න පුළුවන්. මොකද දන මට feedback 1 කුත් තියෙනවනේ. ඔන්න එහෙනම් දෙවෙනි පාරට මම මේක list කරා. මේ වෙලාවේ ඒ listing ඒක වැඩ කරනවා. එකට bid තියන්න තව 1day & 2 Hours විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැනටමත් දෙන්නෙක් මේකට bid කරලා තියෙනවා. ඇත්තටම එක්කෙන්ක්ව නම මම දන්නේ නැ. හැබැයි දෙවෙනි එක්කෙනා තමයි මම.

ඔව ගාන ටිකක් වැඩි කර ගන්න මමම මගේම item එකකට bid එකක් තිබ්බ වෙන account එකකින්. හැබැයි මේක මාට්ටු උනොත් නම කෆොතියක් තමයි ගහන්න වෙන්නේ ඊළගට ඇ. මෙන්න එහෙනම් බලන කස්ටියට බලන්න මම මෙතන ලින්ක් එකක් දාන්නම්.

http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251155277454

ඒ වගේම මේක සැහෙන කාලෙකට පස්සේ බලන කෙනෙකුට ලිස්ටින්ග් ඒක ebay ඒකෙන අයින් කරලා තියෙන්න පුළුවන්. ඒක නිසා මම screen shoot එකකුත් දාන්නම්. හොදට බලන්න මේක දැනට අවම bid ඒක $1.29 යි ... කලින් පාරට වඩා ටිකක් ඉදිරියෙන් නේ.


නමුත් මතක තියා ගන්න. මම මේ ebook විකුනන්නේ feedback සදහා පමණයි. මේක ඉතාමත් බයානක සෙල්ලමක්. අහු උනොත් නැවතත් මට මුල ඉදන් පටන් ගන්න වෙනවා. සමහර විට බැරි වේවි.

දන ඔයාලට උනත් මන් ගැන විශ්වාසයක් ඇති වෙනවා ඇති. ඒක තමයි මටත් වෙන්න ඕනි. මම ඔයාලට කියලා දෙන්න කලින් මම මේක කරනවද කියලා දැනගන්න ඕනිනේ. නැත්තම් මම බොරුවට ආසාවට කියවනවද කියලා කියන්න බැනේ. හික්. එහෙනම් මම අදට කැපෙනවා. කස්ටියගේ අදහස් කියලා යන්නකු එහෙනම්. දැන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අනේ මු එකක් විකුණගෙන කැ ගහන හැටි කියලා.

එකට නම කියන්න තියෙන්නේ ඇත්තටම මට සද්ද නැතුව ඉන්න තිබුනා කියලා තමයි.


පසුව ලියමි -





23 September 2012

Ebay Selling - අනේ පුළුවන් දෙයක් කරහන් බන් !


අද කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. සෑහෙන වෙනස් මර්තුකාවක්. ඔන්න එහෙනම් පටන් ගන්නවා ඇ . මේ ලගදි දවසක ( දවස නම හරියටම මතක නැ ) මට එක්කෙනෙක් gtalk එකන් Request එකක් දාලා තිබුනා. සාමාන්යෙන් මම ඔය ඕනි එකකින් එන req එකක් වැඩියම හොයන්නේ නැතුව add කරනවා. එදත් වෙනදා වගේම මම එක කරා. අදාලා පුද්ගලයා මගේන් ඇහුවා කොහොමද ebay ඒකෙන බඩු විකුනන්නේ කියලා ( බඩු කිව්වේ මේ විකුණන දේවල් ඇ ). මමත් ඉතින් මිනිහට ටිකක් මේ ගැන කිව්වා. ඔන්න එතකොට මේකා අමුතු අමුතු කතා වගේකුත් කියලා මෙන්න මෙහෙමත් කියලා මාව block කරලා දාලා ඇ.

" අනේ පොඩි එකෝ ... පුළුවන් දෙයක් කරහන් බන් ... උබ විකුණන ebay ... "

ඔන්න දැන් මම මෙන්න මේ වැකිය අදාළ පරිදි පරිවර්තනය කරන්නයි යන්නේ. ගැලපීම සහ නොගැලපීම් ටිකත් පැහැදිලි කරනවා ඔන්න  ඇ ... මුලින්ම අපි ගමු " අනේ පොඩි එකෝ " කියන කොටස. හික් ... ඇත්තටම බලනකොට මම පොඩි එකෙක් තමයි ඉතින්. තවම වයස අවුරුදු 19 උනා විතරනේ. අවාසනාවට මම මේ මනුස්සයාගේ වයස දන්නේ නැ. ඉතින් මම පොඩි උනාට කමක් නැ. කව්රු හරි බ්ලොග් ඒකෙන මොන හරි ගන්නවානම් මට ඒ ඇති ඇ.

දෙවෙනි කොටස තමයි " පුළුවන් දෙයක් කරහන් බන් " කියන කොටස. මේ කොටස ගැන නම ඉතින් කියලා වැඩක්ම නැ. මම පුළුවන් ඕනිම දෙයක් කරලා බලනවා. ඒ කිව්වේ කරන්න බැරි දේවලුත් තියෙනවා. එව්වා කරන්න අවශ්‍ය නම උත්සහයක් දානවා. එච්චරයි. බැරි දේවල් ගැන කතා නොකර ඉන්නම්.

ඔන්න එහෙනම් තුන වෙනි කෑල්ල. " උබ විකුණන ebay " හික් ... මෙන්න මේක ගැන මම දීර්ග පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම කව්රු උනත් මගෙන් ebay ඒකෙන බඩු විකුනන්න කලින් මම විකුණනවද කියලා දැන ගෙන ඉන්න ඕනිනේ. එකත ඇත්ත කතාව. ඔන්න මම විකුණන සහ විකුනපු ඉතිහාසය ගැන කියන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ කලින් පොස්ට් දෙකකින් මගේ account වලට කෙල උන හැටි පැහැදිලි කරා. බැලුවේ නැත්තම් මෙන්න මේ පහල ලින්ක් දෙකෙන් ආයිත් ගිහින් බලන්න පුළුවන්.


01). ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ !
02). ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ 2

ඔන්න ඔකේ තියෙන විදියට ඉතින් මගේ A/L විභාගේ කිට්ටුවට ඇවිත් තියෙද්දී තමයි මගේ ebay account එකට කෙල උනේ. ඉතින් දෙක තුනක් හදන්න බැලුවා නමුත් වැඩේ හරි ගියේ නැ. ඉතින් හිතා ගත්තා A/L පහු වෙලාම ආයිත් වැඩේට බහිනවා කියලා. කව්රුත් විශවාස කරන එකක් නම නැ දැන් මම මේ කියන කතාව. එක තමයි ඔය කලින් Suspend කරපු ebay account එකට ලින්ක් කරලා තිබුන paypal එක තමයි දැන් මම sell කරන account එකට ලින්ක් කරලත් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ගේමක් දීලා ebay account එක suspend උන වෙලාවේ මම වටින ගොඩින් paypal account එක shape කර ගත්තා. එක මෙලෙසියාවේ විදියට හදපු HNB Card එක දාලා වෙරිෆයි කරපු paypal එකක්. අම්මෝ මතක වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. හරිම කටුක අත්දැකීමක්.

ඔන්න ඉතින් වල හිතාගෙන හිටියා වගේම මම විහාගේ ඉවර වෙලා වැඩේට දැන් බැහැලා ඉන්නේ. මෙන්න ඔයාලට මම ලිපි ටික දානකොට තමයි මම මගේ අලුත් ebay account එක හැදුවේ. ඉතින් එකේ කොයින්ද බඩු විකුනන්න feedback නේද ? අලුත්ම account එකනේ. ඔව ඇත්තටම එක feedback එකක්වත් තිබුනේ නැ දැනට දවස තුනකට කලින් නම්. එත් දැන් නම එක feedback එකක් තියෙනවා. එත් ඒ බඩු අරගෙන නෙවේ විකුනලා ඇ.

මෙන්න එහෙනම් ගිහින් බලන්නකෝ. Username - srilankaseller

මේක උනේ කොහොමද කියලා දැන් අහස පොලව ගැටලන්න කල්පනා කොරන්න දෙයක් නැ. මම කරේ සාමාන්‍ය මතය බිද දැමීමක් විතරයි. හුගක් මේ field එකේ කස්ටිය කියනවා feedback නැතුව බඩු විකුනන්න බ කියලා. අනේ මේ වික්කේ මම. කව්ද කියන්නේ බෑ කියලා. ඔන්න එහෙනම් මෙතනින් බලන්න පුළුවන් වික්කට පස්සේ ලැබුන feedback එක.


හොදට බලන්න මෙතන ලැබිලා තියෙන්නේ එකම එක feedback එකයි. එකත ලැබිලා තියෙන්නේ Feedback As A Seller කියන එකට අනුව. ඒ කියන්නේ බඩු විකුනපු එව්වට ලැබුන feedback විය යුතුයි නේ. මෙන්න එහෙනම් ඒ බඩුව end උනාට පස්සේ පෙන්නන විදිය.


හොදට බලන්න කියකටද විකිණිලා තියෙන්නේ කියලා. $1.04 කට නේද ? නමුත් ඕකෙන් මට හම්බ උනේ $0.71 ක් ද කොහෙද මතක විදියට. $0.33 ක් fee එකක් විදියට කපලා තිබුනා. එතොකොට ඕක වික්කට පස්සේ ebay listing fee එක විදියට $0.09 ක් ගෙවන්න ඕනි. අපි දැන් එකත අඩු කරමු ඇ. එතොකොට මට එන සුද්ද ලාබය තමයි $0.62 නේ. හ්ම්ම් ... දැන් හිතලා බලන්න. මට කොහෙන්ද මේ පොත හම්බ උනේ. හික්. මේක මේ නොමිලයේ download කර ගත්ත ebook එකක්. එතොට මට මේකට කිසි වියදමක් ගියේ නැ. ඉතින් ඇයි අර ගත්ත එකා පිස්සෙක්ද ඇ. මට හිතෙන විදියට උ පිස්සෙක් තමයි. මොකද මේකේ තියෙන දේවල් දැක්කම ඒ යකාට මේක ගන්න හිතෙන්න ඇති. එක ඉතින් මට ගැටළුවක් නැනේ. මම වික උ ගත්තා. හික් ... ඇයි යකෝ එහෙනම්.

නමුත් මම මේ ebook විකිනිල්ල නිසාම තමයි කලින් පාර account එකට කෙල කර ගත්තේ. එත් දැන් මම දන්නවා මේක උනත් කරන්න ඕනි හරිම විදිය. හැබැයි වැරදි එකක්වත් තියෙන්න බැ. මම කරන තවත් එක වැරද්දක් ජිවිත කාලෙටම ebay selling අහිමි වීමක් විය හැකියි. එක නිසා මම ඕනිම කෙනෙකුට කියන්නේ හදිස්සි වෙන්න එපා. ඒ වගේම හැම වෙලේම ඉක්මනට විකුනන්න හදන්න එපා. මගේ බ්ලොග් එකේ තියෙන දේවල් කියවලා තමන්ට පුලුවන්නම් කරන්න. නොකර හිටියටත් ගැටළුවක් නැ. මම නිකන් ඕනි කෙනෙකුට බලන්න විතරයි බ්ලොග් එකේ මේ ගැන දාන්නේ. 

ඒ වගේම තමයි ඕනිම කෙනෙක්ට ඇති වෙන ගැටලුවකදී මම හැකි පමණින් සහ දැනුම ඇති පරිදි උදවු කරන්න කැමතියි. දන්නේ නැති දෙයක් නම මම දන්නේ නැ කියනවා. බොරුවට එව්වා මෙව්වා කියලා පොර වෙන්න මට කොහොමත් ඕනි නැ. ඒ වගේම තමයි අද ඉදන් gtalk එකටවත් skype එකටවත් කාවවත් අලුතින් add කරගන්නේ නැ දන්නේ නැතුව. ඕනි කෙනෙකුට මුලින් බුකියෙන් msg එකක් දාන්න හොදේ. තලහා වෙන්න එපා ඇ.

http://facebook.shyamin.com - මෙන්න profile එකේ URL එක ඇ ...

එහෙනම් අවසාන වශයෙන් අර srilankaseller account එක මගේ කියලා ඔප්පු කරන්න මේ පහල screen shoot එක ඇති මයේ හිතේ. මේකේ මම ඒ account ඒකෙන login වෙලා ඉන්න වෙලාවක ගත්ත එකක්.


තව දෙයක්. මගේ මේ බ්ලොග් එකට දාලා තියෙන domain එක මේ නොවැම්බර් මාසේ 24 වෙනිදගෙන් expire වෙනවා. පුලුවන්නම් සහ අකමැත්තක් නැත්තම් මගේ මේ බ්ලොග් එකට දාලා තියෙන adhitz add එකක් උඩ කොටලා සහයෝගයක් දක්වන්න ඇ. එහෙනම් මම ගියා. හැකි හැම වෙලේම පොස්ට් එකක දාන්නම් ඇ ...

11 September 2012

ebay selling මිස් වෙච්ච පොස්ට් එකක් ... !



අෆොයි ... අද කෙනෙක් අහපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඇත්තටම මට ebay selling ගැන කියනකොට මිස් වෙච්ච කොටසක් තමයි මේ අද කියන්න යන්නේ. ඒ තමයි විකුනන්න පාවිච්චි කරන ebay account එක කොහොම විය යුතුද කියන එක. හැබැයි මේක කියන්න ඕනි ඔය අනිත් පොස්ට් ටික දාන්න කලින්. ඒ වෙච්ච අතපසු වීමට සමාව බාජනයට දාන්න හොදේ. එල එහෙනම් ඔන්න අහ ගන්න කොහොමද ebay එකෙන් විකුනන්න ebay account එක හදන්න ඕනි කියලා. මේකේ කියන්න මහා ලොකු දෙයක් නම් නැ. එක හින්දා screen shoot ගැහුවෙත් නැ.

හොදම දේ තමයි දැන් ඔයාලා බඩු ගන්න account එක මේ සදහා බාවිතා නොකර ඉන්න එක. මොකද හදිස්සියක් උනොත් කියලා හොදේ. එහෙනම් අලුත් account එක හදනකොට සාමාන්‍ය ලංකාවේ address එහෙම දාලා account එක හදන්න. මෙහෙම හැදුවා කියලා ගැටළුවක් වෙන්නේ නැ. හේතුව තමයි කොහොමත් ebay එකෙන් දන්නවා මේ විකුනන්නේ අසිරිමත් සිරි ලංකාවේ ඩයල් එකක් කියලා. account එක කොහොම හැදුවත් උන් එක දාන්නවා. නමුත් seller කෙනෙක් කියන්නේ ebay සයිට් එකේ profit එකට බලපාන දෙයක් නිසා උන් එක කරගෙන යන්න දෙනවා. නමුත් හදිස්සියකදී උපරිම result එකකුත් දෙනවා. ඒ කියන්නේ අපි අතින් වැරදීම් වෙන්න බැ.

දැන් මේ සාමාන්‍ය විදියටම තව ebay account එකක් හදලා ඇර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ paypal එක ලින්ක් කර ගන්න. ඒ ලින්ක් කරන paypal එක මෙන්න මේ ජාති වලින් එකක් උනාට කමක් නැ. හැබැයි මේ කියන ජාති වලට risk එක බලපාන්නේ අවස්ථා දෙකකට. මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙන් ඔයාලා වික්කත් වැඩේ හරියට කරගෙන යනවනම් ebay account එකට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැ . ඒ වගේම ebay එකට ලින්ක් කරලා තියෙන paypal එකටත් එහෙම තමයි. නමුත් එහෙම නොවෙනවා කියලා කියන්නත් බැ. මොකෝ අපි කරන්නේ  කරන්න පුළුවන් ජිල්මාට් වැඩක්නේ. හික්.

අහ ඔය අලුතෙන් හදන account එකෙන් feedback එහෙම නැති හින්දා කව්රුත් මුකුත් අරගන්න පැකිළෙනවා . අන්න එකටත් විසදුමක් ඉදිරියේදී කියන්නම් ඇ. මේක මේ හදිස්සියෙන් දාපු පොස්ට් එකක්. අමතක වීමක් නිසා එවෙලේම දැම්මා. එහෙනම් හැමෝටම ජය වේවා !

31 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ 2

ඔන්න ඉතින් අර කතාවේ ඉතුරු ටික අද කියන්න යන්නේ. දැන් පොඩ්ඩක් මතක කරලා බලන්න කොර කතාවද කියලා. අර අනේ ටිකක් ලියලා නවත්තපු එක. බැලුවේ නැත්තම් මෙතනින් බලන්නකෝ.




ඔන්න ඔකේ ඉතුරු ටික තමයි අද කියන්නේ. ඒ කියන්නේ මට එතනින් පස්සේ උන සිද්දිය. අරකෙ අන්තිමට මම කිව්වේ account එක හදලා දෙන්න නම් දාහක් ජාති ඉල්ලනවා කියලා. දැන් ඕක වෙලා මාස 5 ක් විතර ඇති. ඉල්ලපු බඩු ලිස්ට් එක හරියටම මතක නැ. එකටම ඉල්ලුවේ මම විකුනපු බඩු සහ දැනට ලිස්ට් කරලා තියෙන බඩු මම ගත්ත තැන වලින් නිකුත් කරපු රිසිට් ඒ කියන්නේ එව්වගේ බිල්. අනේ ඉතින් ජංජාලෙන් free බාන ebook වලට කොහෙන්ද යකුනේ බිල්. ඔන්න අසරණයි. එතැනින්ම වැඩේ ඉවරයි. ඊළගට ඉල්ලනවා කාර්ඩ් එකේ මාසිකව නිකුත් කරන බැංකු වාර්තා. ඉන්න ලිපිනය තහවුරු කරන ලියකියවිලි. අම්මෝ හරිම කටුකයි. කොහෙන් දෙන්නද මම. ඊ බොක්ක ලංකාවේ විදියට හදපු එකක් paypal එක මැලේසියා එකක්. මලා වැඩේ අත ඇරියා. ඊට පස්සේ ඒ account එකෙන් වැඩක් නැනේ ඉතින්.

ඔන්න දෙයියනේ කියලා ඊළගට google දෙයියන්ගෙන් අලුත් email පොජ්ජක් එහෙම හදා ගත්තා. ආයිත් එහෙනම් හරි දෙන්නම් වැඩේ කියලා හැදුවා අලුත් email එකට ebay account එකක්. හ්ම්ම්ම් ... මව නවත්තයි ebay නේද ? කිසි අවුලක් නැ. ඔය ටික කොරලා ඉතුරු ටික පස්සේ කොරනවා කියලා හිතා ගෙන හිටියා. මෙන්න බොලේ දවස දෙකකින් විතර අලුත් ebay එකට ලොග් වෙනකොට එනවා නේද ?

තොගේ හොරේ අපිට මාට්ටු තෝ පරණ එකාම තමයි කියලා. මොකා අදහගන්නත් බැ. දෙවෙනියට හදපු එක අර කලින් එක පිටින් දාලා ban කොලා. එක හදන්න නම් කලින් එක හදන්නලු. කලින් එකේ විස්තරේම තමයි. ලස්සනට එවලා තිබුනා. හ්ම්ම්ම් ... ඒ කියන්නේ එකම කොමෙන් හදපු හින්දා වෙන්න ඕනි කියලා හිතාගෙන වෙන කොමකින් අලුත් එකක් හැදුවා. මු හු ... මගේ කොමෙන් ගෙදර ඇවිත් ලොග් උන ගමන නැවතත් පරණ සීන් එකමයි. පිට පිට තුන වෙනි account එකත හබක්.

මොනවා කරන්නද ? ඔන්න මේ පාර නම් දෙනවා වැඩේ කියලා හිතා ගත්තා. ඒ පාර දැම්ම මැසිමට OS දෙකක් Dual Boot විදියට. දැන් අලුතින් දාපු XP එකෙන් තව account එකක් හැදුවා. එකෙන් වැඩ දාන්න ගියේ නැ. පරණ OS එකෙන් ලොග් උනෙත් නැ. දවස දෙක තුනක් තියලා බැලුවා. අවුලක් නැ වගේ. යන්තම් ගොඩ වැඩේ. නමුත් ඉර හද වගේ සුවර් පරණ OS එකෙන් ලොග් උනොත් නම් මේකටත් බබා සෙට් වෙනවා.

ඔන්න තවමත් මගේ මැසිම Dual Boot විදියට ebay account දෙකෙන් වැඩ ගන්නවා. තවමත් මම විකුනන්නේ XP වල ඉදගෙන. හික්. මහා කලේ වල්ගේ පිටින් අලි මැරෙන්නේ ඔව්ව මොනවද අනේ. එත් ඉතින් පරණ කාර්ඩ් එහෙම ඕකට දාන්න බැ. අලුත් කාර්ඩ් එකක් එහෙම දාලා වැඩේ පටන් ගත්තේ.

මම මේක හරිම කෙටියෙන් කිව්වේ. මේ මාස එකහමාරක විතර ස්ටොරියක් තමයි පොස්ට් දෙකෙන් කොට කරලා දැම්මේ. හරිම දුකක් වින්දා. සතියක් විතර ebay එක පැත්තෙවත් ගියේ නැ. අප්පිරියා උනා එච්චරටම. මේක කියලා මම බලාපොරොත්තු උනේ අලුතෙන් මේකට එන අයට පොඩ්ඩක් මේක පිස්සු කෙලින place එකක් නෙවෙයි කියලා පෙන්නන්න.

ebay එකට තියෙන්නේ ෆට්ට tracking system එකක්. අපිට හිතා ගන්නවත් බැ. කොහොම කරත් පොද්ද මිස් උනොත් අහු වෙනවා. එක හින්දා හරිම පරිස්සමින් වැඩ කරන්න ඕනි දෙයක් කරන්න කලින් හැම වෙලේම දෙපාරක් හිතන්න ඕනි. එක පොඩි වැරද්දකින් මුළු වැඩේම එපා වෙනවා. එහෙනම් ඊලග ලිපියෙන් කියන්නම් වැරදි නොකර වැඩේ කරන හැටි.

මෙන්න එහෙනම් සතුටට කරුනකුත් දාන්නම් යටින් හොදේ. එන්න එන්නම rank එක අඩු වේගන යනවා. කට්ටිය වැඩේට හරි උනන්දුයි වගේ. 2012 අගෝස්තු 20 වෙනිදා 1997 තිබුන LK Rank එක අද වෙනකොට 1031 ට අඩු වෙලා. ඒ කියන්නේ ගෙවුන දවස් 10 ට 966 ක අඩු වීමක්. ඇත්තටම සතුටුයි. එහෙනම් ඉස්සරහටත් රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.




මම ගියා හැමෝටම ජය වේවා !