Pages

31 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ 2

ඔන්න ඉතින් අර කතාවේ ඉතුරු ටික අද කියන්න යන්නේ. දැන් පොඩ්ඩක් මතක කරලා බලන්න කොර කතාවද කියලා. අර අනේ ටිකක් ලියලා නවත්තපු එක. බැලුවේ නැත්තම් මෙතනින් බලන්නකෝ.




ඔන්න ඔකේ ඉතුරු ටික තමයි අද කියන්නේ. ඒ කියන්නේ මට එතනින් පස්සේ උන සිද්දිය. අරකෙ අන්තිමට මම කිව්වේ account එක හදලා දෙන්න නම් දාහක් ජාති ඉල්ලනවා කියලා. දැන් ඕක වෙලා මාස 5 ක් විතර ඇති. ඉල්ලපු බඩු ලිස්ට් එක හරියටම මතක නැ. එකටම ඉල්ලුවේ මම විකුනපු බඩු සහ දැනට ලිස්ට් කරලා තියෙන බඩු මම ගත්ත තැන වලින් නිකුත් කරපු රිසිට් ඒ කියන්නේ එව්වගේ බිල්. අනේ ඉතින් ජංජාලෙන් free බාන ebook වලට කොහෙන්ද යකුනේ බිල්. ඔන්න අසරණයි. එතැනින්ම වැඩේ ඉවරයි. ඊළගට ඉල්ලනවා කාර්ඩ් එකේ මාසිකව නිකුත් කරන බැංකු වාර්තා. ඉන්න ලිපිනය තහවුරු කරන ලියකියවිලි. අම්මෝ හරිම කටුකයි. කොහෙන් දෙන්නද මම. ඊ බොක්ක ලංකාවේ විදියට හදපු එකක් paypal එක මැලේසියා එකක්. මලා වැඩේ අත ඇරියා. ඊට පස්සේ ඒ account එකෙන් වැඩක් නැනේ ඉතින්.

ඔන්න දෙයියනේ කියලා ඊළගට google දෙයියන්ගෙන් අලුත් email පොජ්ජක් එහෙම හදා ගත්තා. ආයිත් එහෙනම් හරි දෙන්නම් වැඩේ කියලා හැදුවා අලුත් email එකට ebay account එකක්. හ්ම්ම්ම් ... මව නවත්තයි ebay නේද ? කිසි අවුලක් නැ. ඔය ටික කොරලා ඉතුරු ටික පස්සේ කොරනවා කියලා හිතා ගෙන හිටියා. මෙන්න බොලේ දවස දෙකකින් විතර අලුත් ebay එකට ලොග් වෙනකොට එනවා නේද ?

තොගේ හොරේ අපිට මාට්ටු තෝ පරණ එකාම තමයි කියලා. මොකා අදහගන්නත් බැ. දෙවෙනියට හදපු එක අර කලින් එක පිටින් දාලා ban කොලා. එක හදන්න නම් කලින් එක හදන්නලු. කලින් එකේ විස්තරේම තමයි. ලස්සනට එවලා තිබුනා. හ්ම්ම්ම් ... ඒ කියන්නේ එකම කොමෙන් හදපු හින්දා වෙන්න ඕනි කියලා හිතාගෙන වෙන කොමකින් අලුත් එකක් හැදුවා. මු හු ... මගේ කොමෙන් ගෙදර ඇවිත් ලොග් උන ගමන නැවතත් පරණ සීන් එකමයි. පිට පිට තුන වෙනි account එකත හබක්.

මොනවා කරන්නද ? ඔන්න මේ පාර නම් දෙනවා වැඩේ කියලා හිතා ගත්තා. ඒ පාර දැම්ම මැසිමට OS දෙකක් Dual Boot විදියට. දැන් අලුතින් දාපු XP එකෙන් තව account එකක් හැදුවා. එකෙන් වැඩ දාන්න ගියේ නැ. පරණ OS එකෙන් ලොග් උනෙත් නැ. දවස දෙක තුනක් තියලා බැලුවා. අවුලක් නැ වගේ. යන්තම් ගොඩ වැඩේ. නමුත් ඉර හද වගේ සුවර් පරණ OS එකෙන් ලොග් උනොත් නම් මේකටත් බබා සෙට් වෙනවා.

ඔන්න තවමත් මගේ මැසිම Dual Boot විදියට ebay account දෙකෙන් වැඩ ගන්නවා. තවමත් මම විකුනන්නේ XP වල ඉදගෙන. හික්. මහා කලේ වල්ගේ පිටින් අලි මැරෙන්නේ ඔව්ව මොනවද අනේ. එත් ඉතින් පරණ කාර්ඩ් එහෙම ඕකට දාන්න බැ. අලුත් කාර්ඩ් එකක් එහෙම දාලා වැඩේ පටන් ගත්තේ.

මම මේක හරිම කෙටියෙන් කිව්වේ. මේ මාස එකහමාරක විතර ස්ටොරියක් තමයි පොස්ට් දෙකෙන් කොට කරලා දැම්මේ. හරිම දුකක් වින්දා. සතියක් විතර ebay එක පැත්තෙවත් ගියේ නැ. අප්පිරියා උනා එච්චරටම. මේක කියලා මම බලාපොරොත්තු උනේ අලුතෙන් මේකට එන අයට පොඩ්ඩක් මේක පිස්සු කෙලින place එකක් නෙවෙයි කියලා පෙන්නන්න.

ebay එකට තියෙන්නේ ෆට්ට tracking system එකක්. අපිට හිතා ගන්නවත් බැ. කොහොම කරත් පොද්ද මිස් උනොත් අහු වෙනවා. එක හින්දා හරිම පරිස්සමින් වැඩ කරන්න ඕනි දෙයක් කරන්න කලින් හැම වෙලේම දෙපාරක් හිතන්න ඕනි. එක පොඩි වැරද්දකින් මුළු වැඩේම එපා වෙනවා. එහෙනම් ඊලග ලිපියෙන් කියන්නම් වැරදි නොකර වැඩේ කරන හැටි.

මෙන්න එහෙනම් සතුටට කරුනකුත් දාන්නම් යටින් හොදේ. එන්න එන්නම rank එක අඩු වේගන යනවා. කට්ටිය වැඩේට හරි උනන්දුයි වගේ. 2012 අගෝස්තු 20 වෙනිදා 1997 තිබුන LK Rank එක අද වෙනකොට 1031 ට අඩු වෙලා. ඒ කියන්නේ ගෙවුන දවස් 10 ට 966 ක අඩු වීමක්. ඇත්තටම සතුටුයි. එහෙනම් ඉස්සරහටත් රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.




මම ගියා හැමෝටම ජය වේවා !

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments:

  1. උබ හරි පව් බං...ඇඩෙනවා...දුකයි...

    ReplyDelete
  2. ඔන්න එහෙනං අපිත් ගොඩ උනා ආ ..... එල එල .. ටිකක් උනන්දු වෙලා බලන්න රෑන්ක් එක එයි ඉක්මනටම ආ ..

    ReplyDelete
  3. මතන් මේ... මම කීන්නද පුන්ති ට්‍රික්ස් එකක්.. හැබැයි ඩොන්ගල් එකකින් යනවනන් විතරයි.. මේක මම ඊ බෙය් වල අත්හදා බැලුවෙ නෑ... මුලින් ඊ මෙල් දෙකක් මොන ගේමක් හරි දීල හදාගන්න.. එකක් බැන්ග් වෙන එක අනික වැඩ කරන එක හරී.. දැන් මුලින්ම දාන ඊ මේල් එක බැන්ග් වෙනවනේ.. බැන්ග් උනාට පස්සෙ කලබලයක් නැතුව... එතනින් ඇවිල්ලා..සේරම ටැබ් ක්ලොස් කරල.. ෆුල් කැශ් කුකි ක්ලියර් එකක් දාන්නකෝ.. ඊට පස්සෙ.. මැශින් එකත් රී ස්ටාර් කොරලා... ආයෙ රෙජිස්ටර් වෙලා බලන්නකො බඩු හෑවු ඈ // ;)

    ReplyDelete
    Replies
    1. අනේ සුදු මහත්තයා විහිලු කරනවා ... හරියන්නේ නැ ... මම කොරලා බැලුවනේ ... හැබැයි මම කොලා එක විදියකට ... දැන් එහෙම තමයි වැඩ ...

      Delete