Pages

23 September 2012

Ebay Selling - අනේ පුළුවන් දෙයක් කරහන් බන් !


අද කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. සෑහෙන වෙනස් මර්තුකාවක්. ඔන්න එහෙනම් පටන් ගන්නවා ඇ . මේ ලගදි දවසක ( දවස නම හරියටම මතක නැ ) මට එක්කෙනෙක් gtalk එකන් Request එකක් දාලා තිබුනා. සාමාන්යෙන් මම ඔය ඕනි එකකින් එන req එකක් වැඩියම හොයන්නේ නැතුව add කරනවා. එදත් වෙනදා වගේම මම එක කරා. අදාලා පුද්ගලයා මගේන් ඇහුවා කොහොමද ebay ඒකෙන බඩු විකුනන්නේ කියලා ( බඩු කිව්වේ මේ විකුණන දේවල් ඇ ). මමත් ඉතින් මිනිහට ටිකක් මේ ගැන කිව්වා. ඔන්න එතකොට මේකා අමුතු අමුතු කතා වගේකුත් කියලා මෙන්න මෙහෙමත් කියලා මාව block කරලා දාලා ඇ.

" අනේ පොඩි එකෝ ... පුළුවන් දෙයක් කරහන් බන් ... උබ විකුණන ebay ... "

ඔන්න දැන් මම මෙන්න මේ වැකිය අදාළ පරිදි පරිවර්තනය කරන්නයි යන්නේ. ගැලපීම සහ නොගැලපීම් ටිකත් පැහැදිලි කරනවා ඔන්න  ඇ ... මුලින්ම අපි ගමු " අනේ පොඩි එකෝ " කියන කොටස. හික් ... ඇත්තටම බලනකොට මම පොඩි එකෙක් තමයි ඉතින්. තවම වයස අවුරුදු 19 උනා විතරනේ. අවාසනාවට මම මේ මනුස්සයාගේ වයස දන්නේ නැ. ඉතින් මම පොඩි උනාට කමක් නැ. කව්රු හරි බ්ලොග් ඒකෙන මොන හරි ගන්නවානම් මට ඒ ඇති ඇ.

දෙවෙනි කොටස තමයි " පුළුවන් දෙයක් කරහන් බන් " කියන කොටස. මේ කොටස ගැන නම ඉතින් කියලා වැඩක්ම නැ. මම පුළුවන් ඕනිම දෙයක් කරලා බලනවා. ඒ කිව්වේ කරන්න බැරි දේවලුත් තියෙනවා. එව්වා කරන්න අවශ්‍ය නම උත්සහයක් දානවා. එච්චරයි. බැරි දේවල් ගැන කතා නොකර ඉන්නම්.

ඔන්න එහෙනම් තුන වෙනි කෑල්ල. " උබ විකුණන ebay " හික් ... මෙන්න මේක ගැන මම දීර්ග පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම කව්රු උනත් මගෙන් ebay ඒකෙන බඩු විකුනන්න කලින් මම විකුණනවද කියලා දැන ගෙන ඉන්න ඕනිනේ. එකත ඇත්ත කතාව. ඔන්න මම විකුණන සහ විකුනපු ඉතිහාසය ගැන කියන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ කලින් පොස්ට් දෙකකින් මගේ account වලට කෙල උන හැටි පැහැදිලි කරා. බැලුවේ නැත්තම් මෙන්න මේ පහල ලින්ක් දෙකෙන් ආයිත් ගිහින් බලන්න පුළුවන්.


01). ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ !
02). ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ 2

ඔන්න ඔකේ තියෙන විදියට ඉතින් මගේ A/L විභාගේ කිට්ටුවට ඇවිත් තියෙද්දී තමයි මගේ ebay account එකට කෙල උනේ. ඉතින් දෙක තුනක් හදන්න බැලුවා නමුත් වැඩේ හරි ගියේ නැ. ඉතින් හිතා ගත්තා A/L පහු වෙලාම ආයිත් වැඩේට බහිනවා කියලා. කව්රුත් විශවාස කරන එකක් නම නැ දැන් මම මේ කියන කතාව. එක තමයි ඔය කලින් Suspend කරපු ebay account එකට ලින්ක් කරලා තිබුන paypal එක තමයි දැන් මම sell කරන account එකට ලින්ක් කරලත් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ගේමක් දීලා ebay account එක suspend උන වෙලාවේ මම වටින ගොඩින් paypal account එක shape කර ගත්තා. එක මෙලෙසියාවේ විදියට හදපු HNB Card එක දාලා වෙරිෆයි කරපු paypal එකක්. අම්මෝ මතක වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. හරිම කටුක අත්දැකීමක්.

ඔන්න ඉතින් වල හිතාගෙන හිටියා වගේම මම විහාගේ ඉවර වෙලා වැඩේට දැන් බැහැලා ඉන්නේ. මෙන්න ඔයාලට මම ලිපි ටික දානකොට තමයි මම මගේ අලුත් ebay account එක හැදුවේ. ඉතින් එකේ කොයින්ද බඩු විකුනන්න feedback නේද ? අලුත්ම account එකනේ. ඔව ඇත්තටම එක feedback එකක්වත් තිබුනේ නැ දැනට දවස තුනකට කලින් නම්. එත් දැන් නම එක feedback එකක් තියෙනවා. එත් ඒ බඩු අරගෙන නෙවේ විකුනලා ඇ.

මෙන්න එහෙනම් ගිහින් බලන්නකෝ. Username - srilankaseller

මේක උනේ කොහොමද කියලා දැන් අහස පොලව ගැටලන්න කල්පනා කොරන්න දෙයක් නැ. මම කරේ සාමාන්‍ය මතය බිද දැමීමක් විතරයි. හුගක් මේ field එකේ කස්ටිය කියනවා feedback නැතුව බඩු විකුනන්න බ කියලා. අනේ මේ වික්කේ මම. කව්ද කියන්නේ බෑ කියලා. ඔන්න එහෙනම් මෙතනින් බලන්න පුළුවන් වික්කට පස්සේ ලැබුන feedback එක.


හොදට බලන්න මෙතන ලැබිලා තියෙන්නේ එකම එක feedback එකයි. එකත ලැබිලා තියෙන්නේ Feedback As A Seller කියන එකට අනුව. ඒ කියන්නේ බඩු විකුනපු එව්වට ලැබුන feedback විය යුතුයි නේ. මෙන්න එහෙනම් ඒ බඩුව end උනාට පස්සේ පෙන්නන විදිය.


හොදට බලන්න කියකටද විකිණිලා තියෙන්නේ කියලා. $1.04 කට නේද ? නමුත් ඕකෙන් මට හම්බ උනේ $0.71 ක් ද කොහෙද මතක විදියට. $0.33 ක් fee එකක් විදියට කපලා තිබුනා. එතොකොට ඕක වික්කට පස්සේ ebay listing fee එක විදියට $0.09 ක් ගෙවන්න ඕනි. අපි දැන් එකත අඩු කරමු ඇ. එතොකොට මට එන සුද්ද ලාබය තමයි $0.62 නේ. හ්ම්ම් ... දැන් හිතලා බලන්න. මට කොහෙන්ද මේ පොත හම්බ උනේ. හික්. මේක මේ නොමිලයේ download කර ගත්ත ebook එකක්. එතොට මට මේකට කිසි වියදමක් ගියේ නැ. ඉතින් ඇයි අර ගත්ත එකා පිස්සෙක්ද ඇ. මට හිතෙන විදියට උ පිස්සෙක් තමයි. මොකද මේකේ තියෙන දේවල් දැක්කම ඒ යකාට මේක ගන්න හිතෙන්න ඇති. එක ඉතින් මට ගැටළුවක් නැනේ. මම වික උ ගත්තා. හික් ... ඇයි යකෝ එහෙනම්.

නමුත් මම මේ ebook විකිනිල්ල නිසාම තමයි කලින් පාර account එකට කෙල කර ගත්තේ. එත් දැන් මම දන්නවා මේක උනත් කරන්න ඕනි හරිම විදිය. හැබැයි වැරදි එකක්වත් තියෙන්න බැ. මම කරන තවත් එක වැරද්දක් ජිවිත කාලෙටම ebay selling අහිමි වීමක් විය හැකියි. එක නිසා මම ඕනිම කෙනෙකුට කියන්නේ හදිස්සි වෙන්න එපා. ඒ වගේම හැම වෙලේම ඉක්මනට විකුනන්න හදන්න එපා. මගේ බ්ලොග් එකේ තියෙන දේවල් කියවලා තමන්ට පුලුවන්නම් කරන්න. නොකර හිටියටත් ගැටළුවක් නැ. මම නිකන් ඕනි කෙනෙකුට බලන්න විතරයි බ්ලොග් එකේ මේ ගැන දාන්නේ. 

ඒ වගේම තමයි ඕනිම කෙනෙක්ට ඇති වෙන ගැටලුවකදී මම හැකි පමණින් සහ දැනුම ඇති පරිදි උදවු කරන්න කැමතියි. දන්නේ නැති දෙයක් නම මම දන්නේ නැ කියනවා. බොරුවට එව්වා මෙව්වා කියලා පොර වෙන්න මට කොහොමත් ඕනි නැ. ඒ වගේම තමයි අද ඉදන් gtalk එකටවත් skype එකටවත් කාවවත් අලුතින් add කරගන්නේ නැ දන්නේ නැතුව. ඕනි කෙනෙකුට මුලින් බුකියෙන් msg එකක් දාන්න හොදේ. තලහා වෙන්න එපා ඇ.

http://facebook.shyamin.com - මෙන්න profile එකේ URL එක ඇ ...

එහෙනම් අවසාන වශයෙන් අර srilankaseller account එක මගේ කියලා ඔප්පු කරන්න මේ පහල screen shoot එක ඇති මයේ හිතේ. මේකේ මම ඒ account ඒකෙන login වෙලා ඉන්න වෙලාවක ගත්ත එකක්.


තව දෙයක්. මගේ මේ බ්ලොග් එකට දාලා තියෙන domain එක මේ නොවැම්බර් මාසේ 24 වෙනිදගෙන් expire වෙනවා. පුලුවන්නම් සහ අකමැත්තක් නැත්තම් මගේ මේ බ්ලොග් එකට දාලා තියෙන adhitz add එකක් උඩ කොටලා සහයෝගයක් දක්වන්න ඇ. එහෙනම් මම ගියා. හැකි හැම වෙලේම පොස්ට් එකක දාන්නම් ඇ ...


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

10 comments:

  1. ela machan...oya eka eka kiyana dewal uba ganan ganda epa bn. Ok machan add ekak kotannam :D

    ReplyDelete
    Replies
    1. එල එල ... දිගටම ඉන්නවා ඇ ... සහයෝගයට ස්තුතියි ඇ ...

      Delete
  2. ela machan...mamath ebay buy witharai akare..[podi aulak thiyenawa mage ebay eke selling karanna baha...acco eka sispend karanawa....mokada mama danne nethiwa issara podi dawaswala fee gewapu nathi nisa,,,,mata aluthin puluwanda aye selling patan ganna....puluwannam=m mata kiyala denna malaya me selling aye pataganna mama makkada karanna one kiyala..oyata pin...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොම්පිතරෙන් නම කරන ටිකක් අමාරුයි ... මේ ගැන ඉස්සරහට දාන්න තමයි හිතන් ඉන්නේ ... රැදිලා ඉන්න ... විශේෂිත ක්‍රමයක් අනුගමනය කොරන්න වෙනවා ...

      Delete
  3. Replies
    1. හික් හික් ... එල එල ...

      Delete
  4. paypal ඒක අයෙත් හදා ගත්තේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉදිරියට හැමදේම ගුරු මුට්ටිය නැතුවම හොදේ ... ඉවසන්න ඇ ...

      Delete
  5. ඇයි බන් මම අහන්නේ ( "ඒ කියන්නේ ලොකු ගේමක් දීලා ebay account එක suspend උන වෙලාවේ මම වටින ගොඩින් paypal account එක shape කර ගත්තා." ) ඔන්න ඕක කරේ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. ඉදිරියට හැමදේම ගුරු මුට්ටිය නැතුවම හොදේ ... ඉවසන්න ඇ ...

      Delete