Pages

30 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ !



ඔන්න දැන් නම් ලියන්න යන්නේ සුපිරි අත්දැකීම් සමුදායක්. මෙන්න මේකයි මේක කියන්න හේතුව. කට්ටිය ගොඩාක් දැන් අර කලින් ලිපි කියවලා ebay එකෙන් බඩු විකුනන්න ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ඒ හැමෝටම ඕනි ඉක්මනට විකුනන්න. හැමෝම අහනවා මට කියලා දෙන්නකෝ විකුනන්න කියලා. කියලා දෙන්නම් අනේ. ඇයි මෙච්චර හදිස්සියක්. මේක එහෙම එක පාරටම කරන්න බැරි වැඩක්. හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. හරිම අමාරු වැඩක්. අපි අතින් වෙන පොඩි අතපසු වීමකින් වැඩ ඔක්කොම කොට උද යනවා. අයිත ebay එක පැත්තෙවත් යන්න හිතෙන්නේ නැති තරමට.

මෙන්න මම කියන්නම් දැන් මට උන සීන් කෝන් එකක්. මමත් මේ ඉ බොක්කෙන් විකුනන්න පටන් ගත්ත කාලෙම වෙච්ච දෙයක් මේ. ඒ කාලේ වැඩි තේරුමක් නැ. කොහෙන් හරි මොනවා හරි විකුනන්න තමයි බැලුවේ. ඉතින් මම බැලුවා හොද item එකක්. ඔන්න ඔහොම ඉන්නකොට මගේ මොලේට එල අදහසක් කම්පනා උනා. මේක එක්කෙනෙක් සාර්ථකව විකුනලා තිබුන දෙයක්. ඔන්න ඉතින් මමත් එක විකුනන්න පටන් ගත්තා. Item එක තමයි Ebook. ඔය ජංජාලේ Free දෙන තැන් වලින් Ebook Download කරලා ඉ නොක්කේ දානවා. විවිද හේතුන් මත ඕව පිටරට එවුන් ගන්නවා. කාම සුත්‍ර වගේ පොත්. ඕවට bid වැටෙනවා නියමෙට. හැබැයි ඔතන එක කොස්සක් තිබුනා. මම වික්කේ ඔව්වගේ PDF එක නේ. වැඩේ කරන්නේ මෙහෙමයි. ඕකක් කව්රු හරි ගත්තාම උගේ paypal email එකට මම ebook එක email කරනවා. දැන් ඉතින් වැඩේ ජයටම කෙරීගෙන යනවා කියමුකෝ. ඔන්න එක දවසක් මේ විදියට එකක් විකිණිලා තිබුනා. දැන් ඉතින් මමත් හෙන හැපී එකේ අරුට අරක email කොරා. කිසි ප්‍රස්නයක් නැ. දවස 1 හමාරකින් විතර ගත්ත ඒකා කියනවා. උ හිතුවේ මේක පොතක් කියලලු PDF එක උට එපාලු. උ bid කරේ printed පොතක් කියලා හිතගේනලු. ඉතින් මම කිව්වා listing එකේ ebook එකක් කියලා කියලා තියෙනවා එක හින්දා මුකුත් කරන්න බැ කියලා. පොරත් ඉතින් මේක අහලා නිකන් ඉන්න ඇති කියලා මම හිතුවේ. දවසක් දෙකක් යනකම් කිසි සද්දයක් නැ. මමත් ඉතින් වැඩේ යටින් සේපට කරගෙන යනවා මේ අතරේ. සල්ලිත් දැන් ටික ටික paypal එකට වැටෙන හින්දා හෙනම හැපී. දවසට පොත් 5 ක් විතර විකුනන්න දානවා. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මෙන්න අරු ebay case එකක් open කරලා full refund එකක් ඉල්ලලා. අනේ මම නම් දෙයි ආයිත් සල්ලි. කෙලින්ම මම සීන් කෝන් එක ෆුල් විස්තර කරලා ගැහුවා ඊලග reply එක. අම්මා එලම තමයි පහුවෙනිදා උදේ බලනකොට account එකට බබා සෙට් වෙලා. අයිත ඉතින් ගන්න දෙයක් නැ. මගේ විස්තර එවන්නලු. 

හු ... කතා කොරන්න කියලා නොම්බරෙකුත් දීලා. මමත් ඉතින් හෙන පොර වගේ ගත්තා කෝල් එකක්. skype එකෙන් free ගන්න පුළුවන් ඒ නොම්බරේට.  ඔන්න ඉතින් හරිම සංවර විදියට මොකක්ද මන්දා එන්ගිරිසියෙන් කියලා මාව පිළිගත්තා. අපරාදේ කියන්න බැ ලංකාවේ වගේ නම් නෙවෙයි. සේවාව උපරිමයි.  මුලින්ම හරි සෝයි අක්කා කෙනෙක් කතා කරා. මමත් ඉතින් දන්නා එන්ගිරිසියෙන් මගේ දුක් අදෝනාව කිව්වා ඒ අක්කට. ඊට පස්සේ ඔන්න අන්කල් කෙනෙක්ට දැම්ම එයාට කියන්න කියලා. මදැයි කොලා. ආයිත් දැන් කියන්න වෙනවා. ඔන්න මෙයාට කිව්වම කියනවා ඔයාගේ account එක හදන නම් මෙන්න මෙව්වා එවන්න කියලා. අම්මේ එතන නිකන් පොලේ යන බඩු ලිස්ට් එකක් වගේ. දාහක් ජාති තියෙනවා. මොන මම ඒ account එකේ වැඩේ අත ඇරලා දැම්මා. එත් ඉතින් විකුණන එක කරන්න ඕනි නිසා වැඩේ ආයිත් මුල සිට කරනවා කියලා හිතා ගත්තා.

ඉතුරු කොටස මෙතන ඉදන් තව පොස්ට් එකකින් දාන්නම් හොදේ.  හොමොටම ජය !

26 August 2012

E බොක්කෙන් විකුනන්න paypal ලින්ක් කොරන හැටි !

ඔන්න එහෙනම් ඔබ පුන පුනා බලා හිටපු පොස්ට් මාලාවේ හොදම එක දැන් පටන් ගන්න යන්නේ. එහෙනම් හොදට හරි බරි ගැහිලා ඉදගෙන කියවන්න. අද මම කියන්න යන්නේ කොහොමද අපි ebay එකේ හදා ගත්ත ගිණුමකින් බඩු විකුනන්න කලින් paypal account එකක් එක්ක link කරන්නේ කියලා. මේකෙදි මෙන්න මේ ටිකත් මම කියන්න ඕනි ඔක්කොටම කලින්. එකක් තමයි මම මේ දේ කියලා දෙන්නේ ඔක්කොම හරි දැන් විකුනහල්ලා කියලා නෙවෙයි. මම කියලා දෙන්නේ කරන විදිය විතරයි. ඒ කියන්නේ Theory කොටස. Practical වල screen shoot දානවා. තව වටේ පිටේ දේවල් කියලා දෙනවා. ඔන්න එහෙනම් අද කියන වටේ පිටේ දේවල් ටික දැන් කියන්න යන්නේ. මේවා ඔක්කොම හොදට හිතට අරගෙන වැඩේ කරගන්න එක තමන්ගේ කොටස.

වටේ පිටේ කුප්පි !


  1. පුලුවන්නම් ebay එකෙන් විකුනන්න වෙනම ගිණුමක් හදා ගන්න.
  2. ඒ ගිණුමෙන් බඩු දෙකක් තුනක් අරගෙන හොද Positive Feedback ටිකක් හදා ගන්න. අවම 5 ක් වත්.
  3. 10 ක් විතර තියෙනවනම් පංකාදුයි.
  4. තමන්ගේ දැනට බඩු ගන්න account එකෙන් paypal account දාලා තියෙනවනම් unlink කරන්න.
ඔන්න ඕව තමයි ඉතින් මුලිකම දේවල් සෙට් එක. ඕව කරන්න ඕනි ඇයි කියන එක පස්සේ වැඩේ කරනකොට තේරෙයි. එහෙනම් ඉතින් දැන් අර විකුනන්නම කියලා හදපු account එකට paypal එකක් ලින්ක් කරන්න තමයි යන්නේ.

දැන් බලමු මේ paypal එක කොහොම එකක් වෙන්න ඕනිද කියලා. එකටම මේ දාන paypal account එක වෙරිෆයි කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එක ලංකාවේ විදියට හදලා වෙරිෆයි කරපු එකක් උනත් අවුලක් නැ ( මට පිස්සුද කියලා හිතන්න එපා ... ) පිටරටක විදියට හදපු සල්ලි යවන්න ගෙන්න ගන්න යන දෙකම කරන්න පුළුවන් එකක් උනත් කමක් නැ.

ඔන්න එහෙනම් ලින්ක් කොරන විදිය. කියවලා කර ගන්න පුළුවන් මහා දෙයක් නැ.

අංක එක මුලින්ම ebay එකට ගිහින් බඩු විකුනන්න ලෑස්ති වෙන account එකට ලොග් වෙන්න. ඔන්න එකේ දැන් මෙන්න මේ වගේ එනවනේ. අන්න එකේ My Ebay කියන එකට යන්න. පැහැදිලි නැති අයට මම පින්තුරයක් ගහලා රතු පාටින් කොටු කරා ඔන්න. රුපෙත් බලලා වැඩේ කරන්න.


ඊළගට My Ebay එකට ගියාම එතන තියෙන Account කියන Tab එකේ තියෙනවා Paypal Account කියලා එකක්. අන්න එකට යන්න. එකට යන හැටි රතු පාටින් කොටු කරලා මෙන්න මේ රූපේ තියෙනවා. රූපේ පොඩි වැඩි නම් එක උඩ කොටලා ලොකු කරලා බලන්න.


ඔන්න එකට ගියාම එනවා මෙන්න මේ වගේ කොටසක් අන්න එතනින් තමයි paypal එක ලින්ක් කරන වැඩේ පටන් ගන්නේ. දැන් මෙන්න මෙතන තියෙන " Link My Paypal Account " කියන බොත්තම ඔබන්න. එකත ඔන්න රුපෙකින් දැම්මා. පොඩි වැඩි නම් කලින් වගේම click කරලා ලොකු කරලා බලන්න පුළුවන්.


ඔන්න එකත හරි කියමුකෝ. දැන් ඊලග පියවර. ඊළගට එනවා Paypal එකේ Username සහ Password ඇතුලත් කරන්න තැනක්. අන්න එතනට ඔයාගේ අර මම කලින් කිව්ව විදියේ Paypal ගිණුමක Username සහ Password ඇතුලත් කරන්න. කලින් කියපු එක මතක නැතිනම් මේ ලිපියේ උඩම බලන්න ටිකක්. ඔන්න එකත මේ පහල රූපේ බලාගෙන කරන්න පුළුවන්.


මෙතැනදී හරියට වැඩේ කරා නම් මෙන්න මේ වගේ Screen එකක් එන්න ඕනි. මේකෙන් දැන් return To Ebay කියන එක කොටලා ආපහු ebay එකට යන්න පුළුවන්.



දැන් නම් වැඩේන් සැහෙන ප්‍රමාණයක් ඉවරයි. දැන් කරන්න තියෙන්නේ හරියට වැඩේ කරගත්තා කියලා සක හැර දැනගන්න. අන්න එකට මේ පහල ටිකත් කියවලා බලන්න. අර අන්තිමට ආපහු ebay එකට ආවනේ, දැන් අයිමත් අර paypal account ලින්ක් කරන්න ගිය තැනට ගිහින් බලන්න එතන මෙන්න මේ වගේ ඔයා දාපු paypal එක නියමාකාර විදියට වැටිලා තියෙනවද කියලා. එහෙම වැටිලා තියෙනවනම් වැඩේ ගොඩ.


ඔන්න ඔහොමයි ඉතින් එක කරන්නේ. ඉතුරු කොටසක් ආයිත් ලගදීම කරන හැටි කියා දෙන්නම්. එහෙනම් මේ වැඩ ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්නකෝ. ප්‍රශ්න තියෙනවනම් අහන්න. තවත් දෙයක් කියන්න තියෙනවා. මම මේ ebay එකෙන් බඩු වික්ක කියලා හෙන සුපිරි දැනුමක් මේ ගැන තියෙන හෙනම බුලට් එකක් නෙවෙයි හොදේ. හුගක් දේවල් මමත් අනාගෙන පස්සේ හෙන ආමාරුවෙන් තමයි ගොඩ ආවේ. ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි කියන එකත මතක තියා ගන්න ඕනි. මට අමතක උන Point එහෙම තියෙනවනම් ඒ ගැන දන්නා අය comment වලින් ඒවා දාන්න. කුණුහරප අර අනිත් හැම එකම Moderate කරනවා. එහෙනම් මම ගියා. හැමෝටම ජය වේවා ... !



20 August 2012

පනස් වෙනි දිග හැරුම. එන්න කියවන්න. වල් පල් !

හ්ම්ම්ම් ... හැමෝටම එහෙනම් ආයිත් ආයුබෝවන් කියන්න කියලා බැලුවේ. බ්ලොග් එකට මේ පොස්ට් එකක් දාන්නේ සැහෙන කාලෙකට පස්සේ. විභාගේ කියලා එකක් තිබුනනේ. ( අපොස උසස් පෙළ ) ඔන්න ඕකට මේ පාර මමත් පෙනී හිටියා. හැබැයි ඉතින් අපරාදේ කියන්න බැ ලස්සන කොළ වල ප්‍රශ්න පත්තර ටික අච්චු ගහලා එවලා තිබුනා. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියපු ගමන් කෙලින්ම යවලා තියෙන්නේ ප්‍රින්ට් එකට මයේ හිතේ. ටිකක් දවල් වෙනකොට සංසෝදන කියලා ජාතියකුත් එවනවා. ඒවානම් ඉතින් හොද වැඩනේ නේද ? අමුතුම වැඩ වගේකුත් උනා. රසායන විද්‍යාව පළමු පත්තරේට අවර්තිතා වගු කියන එක නැ. එක බන්දු මාමා ගිලළලු. එකත් ගැටළුවක් නැ කියමුකෝ. හැබැයි ඉතින් එක ආවා නම් තව ගණන් 4 ක් විතර ගොඩ දාන්න තිබුනා. දෙවෙනි එකට නම් අවර්තිතා වගුවක් එවලා තිබුනා. ( ආහ අර සරින් සැරේට සංසෝදන එන එක නම් අපේ කොල්ලන්ට ෆට්ටම ආතල් එක )

මෙන්න මේකත් නිකන් වගේ දාන්න හිතුනා. ඉතින් අද මේ සැහෙන කාලෙකට පස්සේ මම අවේ එව්වා මෙව්වා වැල් පල ටිකක් කියවලා යන්න කියලා. අද මේ පොස්ට් එකේ තියෙන වැදගත්කම තමයි. මේ තමයි බ්ලොග් එකේ 50 ස් වෙනි පොස්ට් එක. ඉතින් මේ වෙනකොට බ්ලොග් එක සැලකිය යුතු ස්ථානයක තියෙනවා. මම ඉතින් මේ වෙනකම් ඔය alexa එව්වා මෙව්වා රෑන්ක් පස්සේ එහෙම පැන්නුවේ නැ. දැන් ටිකක් හිතට අරන් වැදගත් දේවල් ගොඩාක් ඉස්සරහට මේකෙන් කියලා දෙනවා කියලා තමයි හිතා ගත්තේ. අද මම නිකන් ඔහේ ඉන්න බැරි කමට වගේ බ්ලොග් එකේ ඉතිහාස කතාව පොඩ්ඩක් අවුස්සලා බැලුවා. මේක පටන් අරගෙන තියෙන්නේ 2011 හේ මාර්තු මාසේ. ඒ කියන්නේ 2012 අගෝස්තු මාසේ වෙනකොට හරියටම මාස 16 යි. අෆොයි අවුරුද්ද පැනලා නේද. ඔන්න එක දන්නෙත් මේ දැන්. ලියාගෙන ගියා විතරයි ඕවා බැලුවේ නැනේ. alexa මාමා කියන විදියට බ්ලොග් එක දැන් ලංකාවෙන්ම 1997 වෙනි තනටලු මගේ බ්ලොග් එක තියෙන්නේ. Global Rank කියන එක නම් මම හිතන්නේ මේකට තේරුමක් නැති වෙයි. මොකද ඉතින් මම මේක ලියන්නේ ලංකාවේ මිනිස්සුන්ටනේ. 




ඔය දක්කලා තියෙන්නේ යස අගේට. ඉතින් මේ රෑන්ක් එක කොහොම ඔතනට ආවද දන්නේ නම් නැ. කොහොමත් මේකට පොස්ට් දාන දවසට සැහෙන පිරිසක් එනවා. කොහොමත් ඔය ගතිය පොස්ට් එකක් දාලා සතියක් විතර යනකම් තියෙනවා. ඊට පස්සේ ඕක ටික ටික අඩු වෙනවා. කොහොමත් දැම්මත් නොදැම්මත් දවසකට 10 ත් 20 ත් අතර ගානක් එනවා. ඒ එන කට්ටිය අඩුම තරමින් පිටු පෙරලීම් 70 ත් 80 ත් අතර ගානක් දානවා. ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ. කව්රු හරි කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කියෝගන යනවනේ කියලා හිතෙනවා.

මේකේ template එක වෙනස් කොරන්න කියලා හිටියා එකත් කර ගන්න බැරුව ගියා. දැන් නම් එකත් කරනවා අනිවා. මේක නිකන් තොරණ වගේ කියලා හිතුනා. හික්. කට්ටියට පහසුවෙන් load වෙන වැඩිය වැඩ කෑලි නැති චාම් එකක් දාන්න කියලා බැලුවේ. හොද එකක් තියෙනවනම් comment එකක් දාලා යන්න හොදේ.

එහෙනම් ඊලගට තියෙන්නේ අර එබෝක්කේ වෙලාදම් කරන හැටි ලිපි ටික දාන්න. මතක විදියට නැවැත්තුවේ paypal සිද්ධියකින් වෙන්න ඕනි. හරි හරි. ඔය ටික ආයිත් මමත් කොහ්මත් කියවලා තමයි ඊලග එකට අකුරු ගලපන්නේ. ඒ වෙනකොට හොද Template එකක් ලැබුනොත් එකත් දාලා තියනවා. එහෙනම් කට්ටියට ජය වේවා ! දැන් දිගටම රැදී සිටින්න. එක දිගට පොස්ට් දමනු ලැබේ. ( ඔය කිව්වට ඕක කොච්චර සාර්ථක වෙයිද දන්නේ නැ ... වචනයට පමණක් සිමා නොවෙන්න උත්සහ කරනවා ... )

08 July 2012

ebay හරහා බඩු විකුනන්න paypal බාවිතා කරන හැටි !

ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ...


ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )


ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර ලිපියේදී ඒ කරුණ ටිකක් පැහැදිලි මදි නිසා කට්ටියට තේරුම ගන්න බැරි වෙලා තියෙනවා. මුලින්ම බලමු ඒ කරුණ මොකක්ද කියලා එහෙනම්. එතන තිබ්බ විදියටම මම මෙතන පහලින් දානවා.

"  ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි. "


ඔන්න මෙතන කියන විදියට අනිවාර්යයෙන්ම ඔයාට ebay එක හරහා බඩු විකුනන්න paypal ගිණුමක් අත්‍යවශ්‍ය බව හැගෙනවා නේද ? අන්න එතන ඉදන් ඉදිරියට මම කියාගෙන යන්නම් අද. දැන් අපි බලමු මේ ඔයාට අවශ්‍ය වෙන paypal ගිණුම මොන වගේ එකක් වෙන්න ඕනිද කියලා. එතැනදී ඔයාට ක්‍රම දෙකක් බාවිතා කරන්න පුළුවන්. පලවෙනි ක්‍රමේ ebay ගනුදෙනු සදහා දැනටමත් ලංකාවේ විදියට හදලා Verify කරපු paypal ගිණුමක් බාවිතා කරන අයට වැදගත් වෙනවා. දෙවෙනි  ක්‍රමය අලුතින් මේක පටන් ගන්න හිතන ඉන්න අයට පුළුවන්.

ඔන්න එකෙනුත් පලවෙනි ක්‍රමය විස්තර කරන්නම්.  මම කියපු විදියට නම් පලවෙනි ක්රමේදී ලංකාවේ verify කරපු paypal ගිණුමක් ගැන කිව්වා ... ඔව ඒක එහෙම තමයි ... එකේදී කරන්නේ ටිකක් විතර අමුතු වැඩක් එත් එතරම් දෙයක් නැ ... එක්දි මොනවද ඕනි කියලා දැන් බලමු ... හරිම සරල විදියට කිව්වොත් ඕනි වෙන්නේ ශ්‍රී ලංකාවේ විදියට හදලා verify කරපු paypal ගිණුමක් සහ ශ්‍රී ලංකාවේ address දාලා හදපු ebay ගිණුමක් ... මෙන්න මේ දෙක තියෙන අය දැන් හිත හදා ගන්න ... මොකද ඔයාල මේ වෙනකොට ebay එකෙන් බඩුවක් විකුනන්න පුළුවන් විදියේ අය. ඒ කියන්නේ අවශ්‍ය අවම සුදුසුකම් සපුරපු අය.

ඔන්න දැන් දෙවෙනි කස්ටියටයි මේ කියන්නේ ... ඔන්න එයාලට මේ මම උඩින කියපු ඒවා නැ කියලා හිතාගෙන තමයි කියන්නේ ... ඒ කියන්නේ උඩ ටික කියවලා හිත හදා ගත්තේ නැති අය ... අන්න ඒ සෙට් එකට මේක කරන ඒක ටිකක් අමාරුයි ... ඒ කිව්වේ මුලදී ... තමන්ට පොඩි පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා මේක පටන් ගන්න කලින් ... එත් එයාල ඒ වැඩ ටික කරලා තමාගේ ebay සහ paypal ගිණුම් හදා ගත්තාම එයාලා අර කලින් කියපු සෙට් එකට වඩා ආරක්ෂිතයි.

ඔන්න දැන් ඒ කතාව අහලා කලින් සෙට් එකේ හිත කැඩෙන්න ඇති ... මලා ... මමත් කරන්නේ හෙන පවු කාර වැඩ නේද ? අනේ සොරි වෙන්ට ඕනි හොදේ ...

දෙවෙනි කණ්ඩායම කරන්න ඕනි මොකක්ද කියලා ඊළගට මම කියන්නම් ... ඒ කිව්වේ ඊලග ලිපියෙන් හොදේ ... එතකන් අර පලවෙනි කොටසේ උන සෙට් ඒක කලබල නොවී ඉන්ට හොදේ ... මොකද එයාලගේ වැඩ ටික මේ වෙනකොට හරිනේ ... දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ... ටික ටික මම කියලා දෙන්නම් ...

කට්ටිය ලිපි වැටෙන්නේ නැත්තේ ඇයි කියලා හැම වෙලේම අහනවා ... අද ගණන් හදපුවාම exam පටන් ගන්න තව තියෙන්නේ දවස 28 යි ... පික්සු හැදෙනවා ... මේ දවස වල පරිඝනක පාවිච්චිය සැහෙනට සිමා කොරලා තියෙන්නේ ... විභාගෙට මොනවා හරි ලියන්න ඕනිනේ ඉතින් ... ඒක හින්ද ලිපි ටිකක් විතර පරක්කු වේවි ... අගෝස්තු පහු උනාම නම් දවසට ඒක ගානේ දාන්න පුළුවන්නේ. ඉවසලා ඉන්න තව දවස 28 නේ ...

තව දෙයක් තියෙනවා කියන්න ... මම මේ බ්ලොග් එකට ෆෝරම් එකකුත් හදන්න හිතුවා ... එකේදී ebay selling ඇතුළු තවත් ගොඩාක් දේවල් ගැන සාකච්චා කරන්න අවස්තාව ලබා දෙන්න පුළුවන් ... ඒක ගැනත් ඔයාලගේ අදහස් කියලා යන්න ... මොකද තව ෆෝරම් තියෙනවනේ ඕනි තරම් ... මේක පටන් අරගත්තොත් වැඩක වෙයිද කියලා ඔයාලගේම අදහස් වලින් කියලා යන්න ...

එහෙනම් අදට ගියා ... මේක කියවලා පැහැදිලි නැත්තම් ආයිත් කියවලා බලන්න ... අද ටිකක් ලියනකොට පටලවුනා වගේ ... හැමෝටම ජය වේවා !