Pages

26 August 2012

E බොක්කෙන් විකුනන්න paypal ලින්ක් කොරන හැටි !

ඔන්න එහෙනම් ඔබ පුන පුනා බලා හිටපු පොස්ට් මාලාවේ හොදම එක දැන් පටන් ගන්න යන්නේ. එහෙනම් හොදට හරි බරි ගැහිලා ඉදගෙන කියවන්න. අද මම කියන්න යන්නේ කොහොමද අපි ebay එකේ හදා ගත්ත ගිණුමකින් බඩු විකුනන්න කලින් paypal account එකක් එක්ක link කරන්නේ කියලා. මේකෙදි මෙන්න මේ ටිකත් මම කියන්න ඕනි ඔක්කොටම කලින්. එකක් තමයි මම මේ දේ කියලා දෙන්නේ ඔක්කොම හරි දැන් විකුනහල්ලා කියලා නෙවෙයි. මම කියලා දෙන්නේ කරන විදිය විතරයි. ඒ කියන්නේ Theory කොටස. Practical වල screen shoot දානවා. තව වටේ පිටේ දේවල් කියලා දෙනවා. ඔන්න එහෙනම් අද කියන වටේ පිටේ දේවල් ටික දැන් කියන්න යන්නේ. මේවා ඔක්කොම හොදට හිතට අරගෙන වැඩේ කරගන්න එක තමන්ගේ කොටස.

වටේ පිටේ කුප්පි !


  1. පුලුවන්නම් ebay එකෙන් විකුනන්න වෙනම ගිණුමක් හදා ගන්න.
  2. ඒ ගිණුමෙන් බඩු දෙකක් තුනක් අරගෙන හොද Positive Feedback ටිකක් හදා ගන්න. අවම 5 ක් වත්.
  3. 10 ක් විතර තියෙනවනම් පංකාදුයි.
  4. තමන්ගේ දැනට බඩු ගන්න account එකෙන් paypal account දාලා තියෙනවනම් unlink කරන්න.
ඔන්න ඕව තමයි ඉතින් මුලිකම දේවල් සෙට් එක. ඕව කරන්න ඕනි ඇයි කියන එක පස්සේ වැඩේ කරනකොට තේරෙයි. එහෙනම් ඉතින් දැන් අර විකුනන්නම කියලා හදපු account එකට paypal එකක් ලින්ක් කරන්න තමයි යන්නේ.

දැන් බලමු මේ paypal එක කොහොම එකක් වෙන්න ඕනිද කියලා. එකටම මේ දාන paypal account එක වෙරිෆයි කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එක ලංකාවේ විදියට හදලා වෙරිෆයි කරපු එකක් උනත් අවුලක් නැ ( මට පිස්සුද කියලා හිතන්න එපා ... ) පිටරටක විදියට හදපු සල්ලි යවන්න ගෙන්න ගන්න යන දෙකම කරන්න පුළුවන් එකක් උනත් කමක් නැ.

ඔන්න එහෙනම් ලින්ක් කොරන විදිය. කියවලා කර ගන්න පුළුවන් මහා දෙයක් නැ.

අංක එක මුලින්ම ebay එකට ගිහින් බඩු විකුනන්න ලෑස්ති වෙන account එකට ලොග් වෙන්න. ඔන්න එකේ දැන් මෙන්න මේ වගේ එනවනේ. අන්න එකේ My Ebay කියන එකට යන්න. පැහැදිලි නැති අයට මම පින්තුරයක් ගහලා රතු පාටින් කොටු කරා ඔන්න. රුපෙත් බලලා වැඩේ කරන්න.


ඊළගට My Ebay එකට ගියාම එතන තියෙන Account කියන Tab එකේ තියෙනවා Paypal Account කියලා එකක්. අන්න එකට යන්න. එකට යන හැටි රතු පාටින් කොටු කරලා මෙන්න මේ රූපේ තියෙනවා. රූපේ පොඩි වැඩි නම් එක උඩ කොටලා ලොකු කරලා බලන්න.


ඔන්න එකට ගියාම එනවා මෙන්න මේ වගේ කොටසක් අන්න එතනින් තමයි paypal එක ලින්ක් කරන වැඩේ පටන් ගන්නේ. දැන් මෙන්න මෙතන තියෙන " Link My Paypal Account " කියන බොත්තම ඔබන්න. එකත ඔන්න රුපෙකින් දැම්මා. පොඩි වැඩි නම් කලින් වගේම click කරලා ලොකු කරලා බලන්න පුළුවන්.


ඔන්න එකත හරි කියමුකෝ. දැන් ඊලග පියවර. ඊළගට එනවා Paypal එකේ Username සහ Password ඇතුලත් කරන්න තැනක්. අන්න එතනට ඔයාගේ අර මම කලින් කිව්ව විදියේ Paypal ගිණුමක Username සහ Password ඇතුලත් කරන්න. කලින් කියපු එක මතක නැතිනම් මේ ලිපියේ උඩම බලන්න ටිකක්. ඔන්න එකත මේ පහල රූපේ බලාගෙන කරන්න පුළුවන්.


මෙතැනදී හරියට වැඩේ කරා නම් මෙන්න මේ වගේ Screen එකක් එන්න ඕනි. මේකෙන් දැන් return To Ebay කියන එක කොටලා ආපහු ebay එකට යන්න පුළුවන්.



දැන් නම් වැඩේන් සැහෙන ප්‍රමාණයක් ඉවරයි. දැන් කරන්න තියෙන්නේ හරියට වැඩේ කරගත්තා කියලා සක හැර දැනගන්න. අන්න එකට මේ පහල ටිකත් කියවලා බලන්න. අර අන්තිමට ආපහු ebay එකට ආවනේ, දැන් අයිමත් අර paypal account ලින්ක් කරන්න ගිය තැනට ගිහින් බලන්න එතන මෙන්න මේ වගේ ඔයා දාපු paypal එක නියමාකාර විදියට වැටිලා තියෙනවද කියලා. එහෙම වැටිලා තියෙනවනම් වැඩේ ගොඩ.


ඔන්න ඔහොමයි ඉතින් එක කරන්නේ. ඉතුරු කොටසක් ආයිත් ලගදීම කරන හැටි කියා දෙන්නම්. එහෙනම් මේ වැඩ ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්නකෝ. ප්‍රශ්න තියෙනවනම් අහන්න. තවත් දෙයක් කියන්න තියෙනවා. මම මේ ebay එකෙන් බඩු වික්ක කියලා හෙන සුපිරි දැනුමක් මේ ගැන තියෙන හෙනම බුලට් එකක් නෙවෙයි හොදේ. හුගක් දේවල් මමත් අනාගෙන පස්සේ හෙන ආමාරුවෙන් තමයි ගොඩ ආවේ. ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි කියන එකත මතක තියා ගන්න ඕනි. මට අමතක උන Point එහෙම තියෙනවනම් ඒ ගැන දන්නා අය comment වලින් ඒවා දාන්න. කුණුහරප අර අනිත් හැම එකම Moderate කරනවා. එහෙනම් මම ගියා. හැමෝටම ජය වේවා ... !




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

7 comments:

  1. මෙන්න ලිපියක් දාලා.නියමායි.........

    ReplyDelete
  2. නියමයි ... ඊලග ලිපියත් ඉක්මනටම දාන්න
    ජය වේවා !!!

    ReplyDelete
  3. නියමයි ... ඊලග ලිපියත් ඉක්මනටම දාන්න

    ReplyDelete