Pages

30 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ !



ඔන්න දැන් නම් ලියන්න යන්නේ සුපිරි අත්දැකීම් සමුදායක්. මෙන්න මේකයි මේක කියන්න හේතුව. කට්ටිය ගොඩාක් දැන් අර කලින් ලිපි කියවලා ebay එකෙන් බඩු විකුනන්න ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ඒ හැමෝටම ඕනි ඉක්මනට විකුනන්න. හැමෝම අහනවා මට කියලා දෙන්නකෝ විකුනන්න කියලා. කියලා දෙන්නම් අනේ. ඇයි මෙච්චර හදිස්සියක්. මේක එහෙම එක පාරටම කරන්න බැරි වැඩක්. හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. හරිම අමාරු වැඩක්. අපි අතින් වෙන පොඩි අතපසු වීමකින් වැඩ ඔක්කොම කොට උද යනවා. අයිත ebay එක පැත්තෙවත් යන්න හිතෙන්නේ නැති තරමට.

මෙන්න මම කියන්නම් දැන් මට උන සීන් කෝන් එකක්. මමත් මේ ඉ බොක්කෙන් විකුනන්න පටන් ගත්ත කාලෙම වෙච්ච දෙයක් මේ. ඒ කාලේ වැඩි තේරුමක් නැ. කොහෙන් හරි මොනවා හරි විකුනන්න තමයි බැලුවේ. ඉතින් මම බැලුවා හොද item එකක්. ඔන්න ඔහොම ඉන්නකොට මගේ මොලේට එල අදහසක් කම්පනා උනා. මේක එක්කෙනෙක් සාර්ථකව විකුනලා තිබුන දෙයක්. ඔන්න ඉතින් මමත් එක විකුනන්න පටන් ගත්තා. Item එක තමයි Ebook. ඔය ජංජාලේ Free දෙන තැන් වලින් Ebook Download කරලා ඉ නොක්කේ දානවා. විවිද හේතුන් මත ඕව පිටරට එවුන් ගන්නවා. කාම සුත්‍ර වගේ පොත්. ඕවට bid වැටෙනවා නියමෙට. හැබැයි ඔතන එක කොස්සක් තිබුනා. මම වික්කේ ඔව්වගේ PDF එක නේ. වැඩේ කරන්නේ මෙහෙමයි. ඕකක් කව්රු හරි ගත්තාම උගේ paypal email එකට මම ebook එක email කරනවා. දැන් ඉතින් වැඩේ ජයටම කෙරීගෙන යනවා කියමුකෝ. ඔන්න එක දවසක් මේ විදියට එකක් විකිණිලා තිබුනා. දැන් ඉතින් මමත් හෙන හැපී එකේ අරුට අරක email කොරා. කිසි ප්‍රස්නයක් නැ. දවස 1 හමාරකින් විතර ගත්ත ඒකා කියනවා. උ හිතුවේ මේක පොතක් කියලලු PDF එක උට එපාලු. උ bid කරේ printed පොතක් කියලා හිතගේනලු. ඉතින් මම කිව්වා listing එකේ ebook එකක් කියලා කියලා තියෙනවා එක හින්දා මුකුත් කරන්න බැ කියලා. පොරත් ඉතින් මේක අහලා නිකන් ඉන්න ඇති කියලා මම හිතුවේ. දවසක් දෙකක් යනකම් කිසි සද්දයක් නැ. මමත් ඉතින් වැඩේ යටින් සේපට කරගෙන යනවා මේ අතරේ. සල්ලිත් දැන් ටික ටික paypal එකට වැටෙන හින්දා හෙනම හැපී. දවසට පොත් 5 ක් විතර විකුනන්න දානවා. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මෙන්න අරු ebay case එකක් open කරලා full refund එකක් ඉල්ලලා. අනේ මම නම් දෙයි ආයිත් සල්ලි. කෙලින්ම මම සීන් කෝන් එක ෆුල් විස්තර කරලා ගැහුවා ඊලග reply එක. අම්මා එලම තමයි පහුවෙනිදා උදේ බලනකොට account එකට බබා සෙට් වෙලා. අයිත ඉතින් ගන්න දෙයක් නැ. මගේ විස්තර එවන්නලු. 

හු ... කතා කොරන්න කියලා නොම්බරෙකුත් දීලා. මමත් ඉතින් හෙන පොර වගේ ගත්තා කෝල් එකක්. skype එකෙන් free ගන්න පුළුවන් ඒ නොම්බරේට.  ඔන්න ඉතින් හරිම සංවර විදියට මොකක්ද මන්දා එන්ගිරිසියෙන් කියලා මාව පිළිගත්තා. අපරාදේ කියන්න බැ ලංකාවේ වගේ නම් නෙවෙයි. සේවාව උපරිමයි.  මුලින්ම හරි සෝයි අක්කා කෙනෙක් කතා කරා. මමත් ඉතින් දන්නා එන්ගිරිසියෙන් මගේ දුක් අදෝනාව කිව්වා ඒ අක්කට. ඊට පස්සේ ඔන්න අන්කල් කෙනෙක්ට දැම්ම එයාට කියන්න කියලා. මදැයි කොලා. ආයිත් දැන් කියන්න වෙනවා. ඔන්න මෙයාට කිව්වම කියනවා ඔයාගේ account එක හදන නම් මෙන්න මෙව්වා එවන්න කියලා. අම්මේ එතන නිකන් පොලේ යන බඩු ලිස්ට් එකක් වගේ. දාහක් ජාති තියෙනවා. මොන මම ඒ account එකේ වැඩේ අත ඇරලා දැම්මා. එත් ඉතින් විකුණන එක කරන්න ඕනි නිසා වැඩේ ආයිත් මුල සිට කරනවා කියලා හිතා ගත්තා.

ඉතුරු කොටස මෙතන ඉදන් තව පොස්ට් එකකින් දාන්නම් හොදේ.  හොමොටම ජය !

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments:

  1. kama suthra kiwuwe monada ban?

    aththatama ahuwe hode.

    thanks a........

    ReplyDelete
    Replies
    1. චි ... අහන එව්වා ... search කරලා බලනවා එහෙම නෙවෙයි ඔන්න ...

      http://www.scribd.com/doc/8918727/kAMASUTRA-Sex-Positions-eBook

      http://www.hawaii.edu/hivandaids/Kama%20Sutra.pdf

      Delete
  2. Ela wadak... Ithuruwath ikmain liyapan... Api balan inne..

    ReplyDelete
    Replies
    1. එල එල ... තව එකක් Draft කොරලා තියෙන්නේ ... නියම වෙලාවට එලියට දානවා ...

      Delete
  3. වැඩෙ නම් එළ කොල්ලා..... දිගටම ලියපන් මචෝ.... මට ගොඩක් සතුටු හිතුනෙ උඹත් මගෙ වයසෙම නිසා. මචං මට පොඩි අවුලක් උනා Drop shipping කරන්න ගිහින් Item එක List කරන්න දෙන්නෙ නැහැ. PayPal එක Verify කරල නැති නිසාද දන්නෑ.වල සල්ලි අතට ගන්න පුළුවන්ද මචො?????

    ReplyDelete