Pages

08 July 2012

ebay හරහා බඩු විකුනන්න paypal බාවිතා කරන හැටි !

ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ...


ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )


ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර ලිපියේදී ඒ කරුණ ටිකක් පැහැදිලි මදි නිසා කට්ටියට තේරුම ගන්න බැරි වෙලා තියෙනවා. මුලින්ම බලමු ඒ කරුණ මොකක්ද කියලා එහෙනම්. එතන තිබ්බ විදියටම මම මෙතන පහලින් දානවා.

"  ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි. "


ඔන්න මෙතන කියන විදියට අනිවාර්යයෙන්ම ඔයාට ebay එක හරහා බඩු විකුනන්න paypal ගිණුමක් අත්‍යවශ්‍ය බව හැගෙනවා නේද ? අන්න එතන ඉදන් ඉදිරියට මම කියාගෙන යන්නම් අද. දැන් අපි බලමු මේ ඔයාට අවශ්‍ය වෙන paypal ගිණුම මොන වගේ එකක් වෙන්න ඕනිද කියලා. එතැනදී ඔයාට ක්‍රම දෙකක් බාවිතා කරන්න පුළුවන්. පලවෙනි ක්‍රමේ ebay ගනුදෙනු සදහා දැනටමත් ලංකාවේ විදියට හදලා Verify කරපු paypal ගිණුමක් බාවිතා කරන අයට වැදගත් වෙනවා. දෙවෙනි  ක්‍රමය අලුතින් මේක පටන් ගන්න හිතන ඉන්න අයට පුළුවන්.

ඔන්න එකෙනුත් පලවෙනි ක්‍රමය විස්තර කරන්නම්.  මම කියපු විදියට නම් පලවෙනි ක්රමේදී ලංකාවේ verify කරපු paypal ගිණුමක් ගැන කිව්වා ... ඔව ඒක එහෙම තමයි ... එකේදී කරන්නේ ටිකක් විතර අමුතු වැඩක් එත් එතරම් දෙයක් නැ ... එක්දි මොනවද ඕනි කියලා දැන් බලමු ... හරිම සරල විදියට කිව්වොත් ඕනි වෙන්නේ ශ්‍රී ලංකාවේ විදියට හදලා verify කරපු paypal ගිණුමක් සහ ශ්‍රී ලංකාවේ address දාලා හදපු ebay ගිණුමක් ... මෙන්න මේ දෙක තියෙන අය දැන් හිත හදා ගන්න ... මොකද ඔයාල මේ වෙනකොට ebay එකෙන් බඩුවක් විකුනන්න පුළුවන් විදියේ අය. ඒ කියන්නේ අවශ්‍ය අවම සුදුසුකම් සපුරපු අය.

ඔන්න දැන් දෙවෙනි කස්ටියටයි මේ කියන්නේ ... ඔන්න එයාලට මේ මම උඩින කියපු ඒවා නැ කියලා හිතාගෙන තමයි කියන්නේ ... ඒ කියන්නේ උඩ ටික කියවලා හිත හදා ගත්තේ නැති අය ... අන්න ඒ සෙට් එකට මේක කරන ඒක ටිකක් අමාරුයි ... ඒ කිව්වේ මුලදී ... තමන්ට පොඩි පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා මේක පටන් ගන්න කලින් ... එත් එයාල ඒ වැඩ ටික කරලා තමාගේ ebay සහ paypal ගිණුම් හදා ගත්තාම එයාලා අර කලින් කියපු සෙට් එකට වඩා ආරක්ෂිතයි.

ඔන්න දැන් ඒ කතාව අහලා කලින් සෙට් එකේ හිත කැඩෙන්න ඇති ... මලා ... මමත් කරන්නේ හෙන පවු කාර වැඩ නේද ? අනේ සොරි වෙන්ට ඕනි හොදේ ...

දෙවෙනි කණ්ඩායම කරන්න ඕනි මොකක්ද කියලා ඊළගට මම කියන්නම් ... ඒ කිව්වේ ඊලග ලිපියෙන් හොදේ ... එතකන් අර පලවෙනි කොටසේ උන සෙට් ඒක කලබල නොවී ඉන්ට හොදේ ... මොකද එයාලගේ වැඩ ටික මේ වෙනකොට හරිනේ ... දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ... ටික ටික මම කියලා දෙන්නම් ...

කට්ටිය ලිපි වැටෙන්නේ නැත්තේ ඇයි කියලා හැම වෙලේම අහනවා ... අද ගණන් හදපුවාම exam පටන් ගන්න තව තියෙන්නේ දවස 28 යි ... පික්සු හැදෙනවා ... මේ දවස වල පරිඝනක පාවිච්චිය සැහෙනට සිමා කොරලා තියෙන්නේ ... විභාගෙට මොනවා හරි ලියන්න ඕනිනේ ඉතින් ... ඒක හින්ද ලිපි ටිකක් විතර පරක්කු වේවි ... අගෝස්තු පහු උනාම නම් දවසට ඒක ගානේ දාන්න පුළුවන්නේ. ඉවසලා ඉන්න තව දවස 28 නේ ...

තව දෙයක් තියෙනවා කියන්න ... මම මේ බ්ලොග් එකට ෆෝරම් එකකුත් හදන්න හිතුවා ... එකේදී ebay selling ඇතුළු තවත් ගොඩාක් දේවල් ගැන සාකච්චා කරන්න අවස්තාව ලබා දෙන්න පුළුවන් ... ඒක ගැනත් ඔයාලගේ අදහස් කියලා යන්න ... මොකද තව ෆෝරම් තියෙනවනේ ඕනි තරම් ... මේක පටන් අරගත්තොත් වැඩක වෙයිද කියලා ඔයාලගේම අදහස් වලින් කියලා යන්න ...

එහෙනම් අදට ගියා ... මේක කියවලා පැහැදිලි නැත්තම් ආයිත් කියවලා බලන්න ... අද ටිකක් ලියනකොට පටලවුනා වගේ ... හැමෝටම ජය වේවා !

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

7 comments:

  1. ෆෝරම් එක පටන් ගන්න. ප්‍රශ්න දැනුම බෙදා හදාගන්න පුලුවන්වෙයි කට්ටියට exam කරල ඉන්නකෝ....

    ReplyDelete
  2. ෆොරම් එක පටන් ගන්න එක හොඳයි.දැනුම බෙදාගන්න පුළුවන්.ඊබේ සෙලින් ලිපි ටික ඉක්මනට දාන්න.ඒ ටික දානකම් තමා මම මේ බලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. forum එක තවම testing මට්ටමේ ...

      Delete
  3. Ela. Thanks machan ithuru tikath ikmanata dapan :) Good luck for your exam

    ReplyDelete
    Replies
    1. එල එල ... ඉක්මනට දාන්නම් ...

      Delete
  4. Paypal walin money recieve kranna ba neda sri lankan users lata??

    ReplyDelete
    Replies
    1. Paypal එක හදලා තියෙන්නේ ලංකාවේ විදියට නම බැහැ ... පිටරටක විදියට හදලා තියෙනවනම් පුළුවන් ... එත් හැම රටකම විදියට බැ ... මෙලෙසියා වගේ ඒවාට පුළුවන් ... paypal ගැන ලිපි ටික කියවන්න ඒ ටිකේ තියෙනවා විස්තරේ ...

      Delete