Pages

08 July 2012

ebay හරහා බඩු විකුනන්න paypal බාවිතා කරන හැටි !

ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ...


ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )


ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර ලිපියේදී ඒ කරුණ ටිකක් පැහැදිලි මදි නිසා කට්ටියට තේරුම ගන්න බැරි වෙලා තියෙනවා. මුලින්ම බලමු ඒ කරුණ මොකක්ද කියලා එහෙනම්. එතන තිබ්බ විදියටම මම මෙතන පහලින් දානවා.

"  ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි. "


ඔන්න මෙතන කියන විදියට අනිවාර්යයෙන්ම ඔයාට ebay එක හරහා බඩු විකුනන්න paypal ගිණුමක් අත්‍යවශ්‍ය බව හැගෙනවා නේද ? අන්න එතන ඉදන් ඉදිරියට මම කියාගෙන යන්නම් අද. දැන් අපි බලමු මේ ඔයාට අවශ්‍ය වෙන paypal ගිණුම මොන වගේ එකක් වෙන්න ඕනිද කියලා. එතැනදී ඔයාට ක්‍රම දෙකක් බාවිතා කරන්න පුළුවන්. පලවෙනි ක්‍රමේ ebay ගනුදෙනු සදහා දැනටමත් ලංකාවේ විදියට හදලා Verify කරපු paypal ගිණුමක් බාවිතා කරන අයට වැදගත් වෙනවා. දෙවෙනි  ක්‍රමය අලුතින් මේක පටන් ගන්න හිතන ඉන්න අයට පුළුවන්.

ඔන්න එකෙනුත් පලවෙනි ක්‍රමය විස්තර කරන්නම්.  මම කියපු විදියට නම් පලවෙනි ක්රමේදී ලංකාවේ verify කරපු paypal ගිණුමක් ගැන කිව්වා ... ඔව ඒක එහෙම තමයි ... එකේදී කරන්නේ ටිකක් විතර අමුතු වැඩක් එත් එතරම් දෙයක් නැ ... එක්දි මොනවද ඕනි කියලා දැන් බලමු ... හරිම සරල විදියට කිව්වොත් ඕනි වෙන්නේ ශ්‍රී ලංකාවේ විදියට හදලා verify කරපු paypal ගිණුමක් සහ ශ්‍රී ලංකාවේ address දාලා හදපු ebay ගිණුමක් ... මෙන්න මේ දෙක තියෙන අය දැන් හිත හදා ගන්න ... මොකද ඔයාල මේ වෙනකොට ebay එකෙන් බඩුවක් විකුනන්න පුළුවන් විදියේ අය. ඒ කියන්නේ අවශ්‍ය අවම සුදුසුකම් සපුරපු අය.

ඔන්න දැන් දෙවෙනි කස්ටියටයි මේ කියන්නේ ... ඔන්න එයාලට මේ මම උඩින කියපු ඒවා නැ කියලා හිතාගෙන තමයි කියන්නේ ... ඒ කියන්නේ උඩ ටික කියවලා හිත හදා ගත්තේ නැති අය ... අන්න ඒ සෙට් එකට මේක කරන ඒක ටිකක් අමාරුයි ... ඒ කිව්වේ මුලදී ... තමන්ට පොඩි පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා මේක පටන් ගන්න කලින් ... එත් එයාල ඒ වැඩ ටික කරලා තමාගේ ebay සහ paypal ගිණුම් හදා ගත්තාම එයාලා අර කලින් කියපු සෙට් එකට වඩා ආරක්ෂිතයි.

ඔන්න දැන් ඒ කතාව අහලා කලින් සෙට් එකේ හිත කැඩෙන්න ඇති ... මලා ... මමත් කරන්නේ හෙන පවු කාර වැඩ නේද ? අනේ සොරි වෙන්ට ඕනි හොදේ ...

දෙවෙනි කණ්ඩායම කරන්න ඕනි මොකක්ද කියලා ඊළගට මම කියන්නම් ... ඒ කිව්වේ ඊලග ලිපියෙන් හොදේ ... එතකන් අර පලවෙනි කොටසේ උන සෙට් ඒක කලබල නොවී ඉන්ට හොදේ ... මොකද එයාලගේ වැඩ ටික මේ වෙනකොට හරිනේ ... දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ... ටික ටික මම කියලා දෙන්නම් ...

කට්ටිය ලිපි වැටෙන්නේ නැත්තේ ඇයි කියලා හැම වෙලේම අහනවා ... අද ගණන් හදපුවාම exam පටන් ගන්න තව තියෙන්නේ දවස 28 යි ... පික්සු හැදෙනවා ... මේ දවස වල පරිඝනක පාවිච්චිය සැහෙනට සිමා කොරලා තියෙන්නේ ... විභාගෙට මොනවා හරි ලියන්න ඕනිනේ ඉතින් ... ඒක හින්ද ලිපි ටිකක් විතර පරක්කු වේවි ... අගෝස්තු පහු උනාම නම් දවසට ඒක ගානේ දාන්න පුළුවන්නේ. ඉවසලා ඉන්න තව දවස 28 නේ ...

තව දෙයක් තියෙනවා කියන්න ... මම මේ බ්ලොග් එකට ෆෝරම් එකකුත් හදන්න හිතුවා ... එකේදී ebay selling ඇතුළු තවත් ගොඩාක් දේවල් ගැන සාකච්චා කරන්න අවස්තාව ලබා දෙන්න පුළුවන් ... ඒක ගැනත් ඔයාලගේ අදහස් කියලා යන්න ... මොකද තව ෆෝරම් තියෙනවනේ ඕනි තරම් ... මේක පටන් අරගත්තොත් වැඩක වෙයිද කියලා ඔයාලගේම අදහස් වලින් කියලා යන්න ...

එහෙනම් අදට ගියා ... මේක කියවලා පැහැදිලි නැත්තම් ආයිත් කියවලා බලන්න ... අද ටිකක් ලියනකොට පටලවුනා වගේ ... හැමෝටම ජය වේවා !

08 June 2012

නොමිලේ Domain දෙනවෝ ... ගිහින් ගන්ඩෝ ...



ඔන්න කස්ටිය මාතෘකාව දැක්කම වැඩේ දැනගෙන නේද ඉන්නේ. මෙන්න මේකයි සිද්දිය. ලංකාවේ අලුතෙන් අරඹ කරපු Hosting Lions ආයතනයෙන් නොමිලේ Domain Names සහ හොස්ටින්ග් pack දෙන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම දෙනවා. මොකද මමත් දැනට මේ ආයතනයේ වැඩ කරනවා. කැමති කට්ටියට විතරක් ගොහින් මේකේ තියෙන විදියට කොරලා අරගන්න පුළුවන්. හැබැයි නිකන් දුන්නට නිකන්ම ඉදගෙන අර ගන්න නම් බැ. උත්සාහය තියෙන්න ඕනි. ඔන්න එහෙනම් කිව්වේ නැ කියන්න එපා. මෙන්න මේ පහල ලින්ක් ඒකෙන් ගිහින් විස්තර දන ගන්න පුළුවන්. මම හදිස්සියේම අවේ ඕක කියලා යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හොමොටම Domain & Hosting ගන්න පුළුවන් වේවා කියලා පාර්ථනා කරනවා.


මෙන්න මෙතනින් යන්න වැඩි විස්තර දැන ගන්න >>>

Hosting Lions අඩවියට මෙතනින් යන්න >>>

31 May 2012

ebay එකෙන් බඩු විකුනන්න වෙන රටක paypal එකක් ඕනි ඇයි !

ඔන්න අදත් අවා පොඩියට හරි මොනවා හරි ලියලා යන්න. මම මේ ලිපි මාලාව පටන් ගද්දිම කිව්වා ඔයාලට එක පාරට ebay එකෙන් විකුණලා සාර්ථක වෙන්න අමාරු බව. මොකද මට එහෙම වෙලා තියෙන හින්දා තමයි කියන්නේ. හරියටම කියනවනම් අත්දැකීමෙන්. වෙච්ච දේවල් නම් කෝටියයි. එක එක හෙමිහිට දිග අරින්නම්කො. අද පොස්ට් එක දාන්නේ වැඩිය සීරියස් පිට නෙවේ. අද ටිකක් ෆන් පැත්තට බර වෙන්න අවශ්‍ය කරුණු ටික දාන්නම්. මට ඉතින් වැඩි ෆන් ජෝක් දාන්න තේරෙන්නේ නැ. කමක් නැ නේද ?

හොදයි දැන් මාතෘකාවට එන්නම් එහෙනම්. ඇත්තටම මොන මගුලකටද මේ අපේ ලංකාවේ මිනිස්සු paypal එක එක්ක මෙච්චර ගහ මරා ගන්නේ. ( ටිකක් paypal එකන් පිඩා විදපු එකෙක්ගෙන් ඇහුවනම් එහෙම කන් දෙක පිරෙන්න කියලා දෙනවා ඇයි කියලා. ) අහන්න යන්න එපා එක හින්දා. මම කියන්නම් ඇයි කියලා.

මෙන්න මේකයි සීන් කෝන් එක. ඇත්තටම අපි ඉන්න පෘතුවියේ තියෙන #අසිරිමත් රටක් වෙන සිරි ලංකාවට පිටරට ලොකු ලොකු තැන් වලින් හරි හොදට සලකනවා. ( ඔයාලට තේරෙනවනේ ඉතින් ) අන්න එක එහෙම තියෙද්දී මම දන්නා විදියට ලංකාවට paypal නැති කරලා තියෙන්නේ ලංකාවේම මහා බැංකුවෙන්මලු. මරේ මාරු නේද ? එත් ඉතින් මොනවා කරන්නද ? නැති දේවල් ගැන කල්පනා කරනවට වඩා හොදයි තියෙන දෙයින් පුළුවන් ප්‍රයෝජනයක් ගන්න එක.

ඉතින් මෙච්චරටම මොකක්ද ලංකාවේ paypal වල තියෙන අවුල නේද ?

අවුල තමයි දැන් කියන්න යන්නේ. මෙන්න මෙහෙමයි. ලංකාවේ විදියට හදපු paypal ගිණුමකින් අපට මොකක් හරි site එකකින් ගත්ත බඩුවකට හෝ වෙනත් දෙයකට සල්ලි ගෙවන්න පුළුවන්. එකේ කිසිම ප්‍රස්නයක් නැ. ඉතින් අවුල තමයි අපිට මේ විදියට බඩුවක් විකුනලා සල්ලි අපේ ලංකාවේ paypal එකට ගෙන්න ගන්න බැරි එක. ඉතින් ඔන්න ඔය තත්වය මත අපිට බඩු විකුණුවාට, ගත්ත කෙනා සල්ලි දුන්නට, ඒවා අපේ paypal ගිණුමට ලබා ගැනීමේ හැකියාවක් නැ. මාරු වැඩේ නේද ?

ඒ එන සල්ලි ඉතින් අර යකාගේ කටට දැම්ම වගේ. කොහේ ගියාද කියලා නැ. මේ තිබුනා මේ නැ. හැබැයි ඉතින් අනිවාර්යයෙන් ගත්ත එකා බඩුවට සල්ලි ගෙවපු නිසා. ( අපිට සල්ලි ආවත් නැතත් බඩුව යවන්න වෙනවා )

හ්ම්ම්ම් එහෙනම් අදට කියන්න හිතාගෙන අපු කාරණාව කිව්වා ඔන්න. කලින් වතාවකදී paypal ගැන ලිපි සෙට් එකක් දාල තියෙනවා. එතනත් මේ කාරනාව කියලා තිබුනා වගේ මතකයි. ඔන්න බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් මේ පහල ලින්කු වලින් ගිහින් බලන්න.

Paypal ගැන ලියපු ලිපි සෙට් එක බලන්න මෙතනින් යන්න.

ආ තවත් දෙයක් අර ebay ගැන විකුණන කතාව පටන් ගන්නකොටම දාපු පොස්ට් එක බලපු නැති අය ඉන්නවනම් එකත් ගිහින් කියවන්න. මේක මුලින්ම දාන්න තිබුනේ අෆරාදේ. කමක් නැ. ගහලා බැන්දත් එකයි. බැදලා ගැහුවත් එකයි කියනවනේ නේද ? හරි හරි මෙන්න එහෙනම් ලින්කුව.

ebay හරහා බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අද මේ ලියපු ලිපිය ඔන්න ඔය ලිපියේම දෙවෙනි කොටස විදියට දා ගන්න. හික් හික් ... එහෙම දැම්ම නම පට්ට වගේ. ඊලග ලිපියෙන් කියල දෙනවා paypal ගිණුම් පිලිබදව වැඩි විස්තර. හෙමිහිට හෙමිහිට තමයි කියලා දෙන්න වෙන්නේ හොදේ. මොකද ගත්ත ගමන ඔක්කොම කියලා දීලා කට්ටියව අනාත කරන එක හරි නැති හින්දා. පිළිවෙලට ඔක්කොම අම්පන්න ලෑස්ති කරගෙන හදිස්සි අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් ඒවටත් බඩු ලෑස්ති කරගෙන තමයි යුද්දෙට යන්න ඕනි. මම කලින්ම එහෙනම් ඕනේ අයුධ ටික ඔයාලට කිව්වාම ඔයාලට තියෙනෙන් ඕනේ වෙලාවට හොදම ආයුධේ අරගෙන දෙන්න පුළුවන් හොදම පහර දෙන එක.

ඔන්න එහෙනම් අදට මම ගියා. මේ යන ලිපි සෙට් එකේ ලිපි ටික ලාවට ලාවට draft කරලා තියෙන්නේ. ටික ටික එලියට දාන්නම් හොදේ. මේක කියවලා හොදයි වගේ නම් comment එකක් දාන්න. එතොට අනිත් ඒවා ලියන්න පොඩි කික් එකක් එනවා. හැමෝටම ජය !

18 May 2012

ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා.


ebay ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>

paypal ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>


හරි එහෙනම් ඔන්න අද මාතෘකාවට එන්නයි හදන්නේ. මෙන්න මේකයි මාතෘකාව  ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම. කොහොමද ෆට්ට නේද ? මම මේ ගැන ලියවිලා තියෙන බ්ලොග් කීපයක්ම කියවල තියෙනවා. දැනට මේක කරන කෙනෙක් විදියට මගේ අදහසත් මේකට එකතු කරන්න තමයි මේ උත්සහ කරන්නේ. එහෙනම් අද ඉදන් ලිපි මාලාව ලියවෙන්නේ ebay හරහා මොනවහරි බඩුවක් විකිණීම සම්බන්දයෙන්.

මුලින්ම මේ වැඩේට අත ගහන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ විස්තර අද මම දාන්නම්. මෙන්න මෙහෙමයි ඒවා. හිතල බලන්නකෝ මුලින්ම. ලංකාවේ ඉන්න කෙනෙකුට Paypal හරහා මුදල් යැවීම පමණයි කරන්න පුළුවන් මුදල් ලබා ගැනීමක් කරන්න බැ. එක ඔයාල දන්නවනේ. ඉතින් මෙන්න මේ හේතුව හින්ද තමයි අපිට ebay එක හරහා යමක විකිණීම හරියට කරන්න බැරුව ගිහින් තියෙන්නේ. හැබැයි මේක කරන්න පුළුවන් වැඩක්.  කරන්නේ කොහොමද කියල තමයි මම මේ ලිපි මාලාවෙන් කියලා දෙන්නේ.

ඔන්න ඕක කරන්න අපිට තියෙන මුලිකම ගැටලුව මම මුලින් සදහන් කරානේ. එහෙනම් අපි බලමු ඔය ගැටලුව මග හරවාගෙන ebay මගින් විකිණීම සිදු කරන්න. මේක කරන්න පටන් ගන්න කලින් අඩුම තරමින් මෙන්න මේ දේවල් ඔයා සපුරාගෙන තියෙනවද බලන්න. මේවගෙන් සමහර දේවල් එච්චර වැදගත් නොවෙන්න පුළුවන්. එත මම කියලා දෙන්න යන්නේ සාර්ථකව විකුණන විදිය හින්ද මේ දේවල් ගැන ඔයා සැලකිලිමත් උනොත් හොදයි.

01 )
ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි.

02 )
ඔයාට ebay ගිණුමක් තිබීමත් අනිවාර්යයයි. එක ලංකාවේ ඔයාගේ ඇත්තම address දාල හදපු එකක් වෙන්න ඕනි. එකේ අඩුම තරමින් Positive feedback 5 ක් වත තියෙනවනම් ගොඩක් හොදයි. feedback නැති account එකකින් උනත් බඩු විකුනන්න පුළුවන් බව ඇත්ත. නමුත් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි.

03 )
ඔයාට සාමාන්‍ය english දැනුමක් තියෙන්න ඕනි. කෙනෙක් එක්ක කතා කරලා දෙයක් විසදාගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඒ වගේ කව්රු හරි කෙනෙක් කියන දෙයකට සාවදානව පිළිතුරු දීමේ හැකියාවත් තියෙන්න ඕනි. මෙහෙම කියලා ලොකු english දැනුමක් අවශ්‍ය නැ. ඒ පිලිබදව දැනුම වැඩි වෙන තරමට හොදයි.

04 )
ඒ වගේම මෙන්න මේ හතරවෙනි කාරණය තමයි වැදගත්ම එක. ඔයාට අනිවාර්යයෙන්ම හොද ඉවසීමක් තියෙන්න ඕනි. ඔය ඉස්සෙල්ල කියපු කාරණා තුනම තිබුනත් වැඩක් නැ ඉවසීම නැත්තම්. දෙයක් කරන්න කලින් ඉවසල තීරණයක්‌ ගැනීමේ හැකියාව තිබිය යුතුමයි. ඉවසීම නැතිනම් මේක නොකලට කමක් නැ.

05 )
ebay එකේ කටයුතු සිදු වෙන හැටි ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනි. නීති රීති වගේ දේවල් ගැන.


එහෙනම් ඔන්න ඔය දේවල් තමයි අවශ්‍ය. අද ලිපිය ටිකක් serious විදියට ලියාගෙන ගියා. මොකද ටිකක් සාවදානව කරුණු මග අරින්නේ නැතුව කියලා දෙන්න ඕනි දෙයක් හින්දා. එහෙනම් අදට මම යන්න කියලා හදන්නේ.මේ ලිපිය කියවල ඔයාලට ඒ ගැන හිතුන දේත් comment එකකින් කියලා යන්න. ඒ වගේම මම කලින් ebay සහ paypal ගැන ලියලා තියෙන ලිපි ටිකත් කියවන්න.

බ්ලොග් එකේ facebook fan page එකෙන් ඕනිම වෙලාවක ප්‍රසන තියෙනවනම් අහන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උන වෙලාවට උදවු කරනවා.

Shyamin's Blog Facebook Fan Page

එහෙනම් මම ගියා. හැමෝටම ජය ! ඊලග පොස්ට් එකෙන් ඉක්මනටම හම්බ වෙමු.