Pages

18 May 2012

ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා.


ebay ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>

paypal ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>


හරි එහෙනම් ඔන්න අද මාතෘකාවට එන්නයි හදන්නේ. මෙන්න මේකයි මාතෘකාව  ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම. කොහොමද ෆට්ට නේද ? මම මේ ගැන ලියවිලා තියෙන බ්ලොග් කීපයක්ම කියවල තියෙනවා. දැනට මේක කරන කෙනෙක් විදියට මගේ අදහසත් මේකට එකතු කරන්න තමයි මේ උත්සහ කරන්නේ. එහෙනම් අද ඉදන් ලිපි මාලාව ලියවෙන්නේ ebay හරහා මොනවහරි බඩුවක් විකිණීම සම්බන්දයෙන්.

මුලින්ම මේ වැඩේට අත ගහන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ විස්තර අද මම දාන්නම්. මෙන්න මෙහෙමයි ඒවා. හිතල බලන්නකෝ මුලින්ම. ලංකාවේ ඉන්න කෙනෙකුට Paypal හරහා මුදල් යැවීම පමණයි කරන්න පුළුවන් මුදල් ලබා ගැනීමක් කරන්න බැ. එක ඔයාල දන්නවනේ. ඉතින් මෙන්න මේ හේතුව හින්ද තමයි අපිට ebay එක හරහා යමක විකිණීම හරියට කරන්න බැරුව ගිහින් තියෙන්නේ. හැබැයි මේක කරන්න පුළුවන් වැඩක්.  කරන්නේ කොහොමද කියල තමයි මම මේ ලිපි මාලාවෙන් කියලා දෙන්නේ.

ඔන්න ඕක කරන්න අපිට තියෙන මුලිකම ගැටලුව මම මුලින් සදහන් කරානේ. එහෙනම් අපි බලමු ඔය ගැටලුව මග හරවාගෙන ebay මගින් විකිණීම සිදු කරන්න. මේක කරන්න පටන් ගන්න කලින් අඩුම තරමින් මෙන්න මේ දේවල් ඔයා සපුරාගෙන තියෙනවද බලන්න. මේවගෙන් සමහර දේවල් එච්චර වැදගත් නොවෙන්න පුළුවන්. එත මම කියලා දෙන්න යන්නේ සාර්ථකව විකුණන විදිය හින්ද මේ දේවල් ගැන ඔයා සැලකිලිමත් උනොත් හොදයි.

01 )
ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි.

02 )
ඔයාට ebay ගිණුමක් තිබීමත් අනිවාර්යයයි. එක ලංකාවේ ඔයාගේ ඇත්තම address දාල හදපු එකක් වෙන්න ඕනි. එකේ අඩුම තරමින් Positive feedback 5 ක් වත තියෙනවනම් ගොඩක් හොදයි. feedback නැති account එකකින් උනත් බඩු විකුනන්න පුළුවන් බව ඇත්ත. නමුත් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි.

03 )
ඔයාට සාමාන්‍ය english දැනුමක් තියෙන්න ඕනි. කෙනෙක් එක්ක කතා කරලා දෙයක් විසදාගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඒ වගේ කව්රු හරි කෙනෙක් කියන දෙයකට සාවදානව පිළිතුරු දීමේ හැකියාවත් තියෙන්න ඕනි. මෙහෙම කියලා ලොකු english දැනුමක් අවශ්‍ය නැ. ඒ පිලිබදව දැනුම වැඩි වෙන තරමට හොදයි.

04 )
ඒ වගේම මෙන්න මේ හතරවෙනි කාරණය තමයි වැදගත්ම එක. ඔයාට අනිවාර්යයෙන්ම හොද ඉවසීමක් තියෙන්න ඕනි. ඔය ඉස්සෙල්ල කියපු කාරණා තුනම තිබුනත් වැඩක් නැ ඉවසීම නැත්තම්. දෙයක් කරන්න කලින් ඉවසල තීරණයක්‌ ගැනීමේ හැකියාව තිබිය යුතුමයි. ඉවසීම නැතිනම් මේක නොකලට කමක් නැ.

05 )
ebay එකේ කටයුතු සිදු වෙන හැටි ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනි. නීති රීති වගේ දේවල් ගැන.


එහෙනම් ඔන්න ඔය දේවල් තමයි අවශ්‍ය. අද ලිපිය ටිකක් serious විදියට ලියාගෙන ගියා. මොකද ටිකක් සාවදානව කරුණු මග අරින්නේ නැතුව කියලා දෙන්න ඕනි දෙයක් හින්දා. එහෙනම් අදට මම යන්න කියලා හදන්නේ.මේ ලිපිය කියවල ඔයාලට ඒ ගැන හිතුන දේත් comment එකකින් කියලා යන්න. ඒ වගේම මම කලින් ebay සහ paypal ගැන ලියලා තියෙන ලිපි ටිකත් කියවන්න.

බ්ලොග් එකේ facebook fan page එකෙන් ඕනිම වෙලාවක ප්‍රසන තියෙනවනම් අහන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උන වෙලාවට උදවු කරනවා.

Shyamin's Blog Facebook Fan Page

එහෙනම් මම ගියා. හැමෝටම ජය ! ඊලග පොස්ට් එකෙන් ඉක්මනටම හම්බ වෙමු.
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

18 comments:

  1. එල...එල...නියමායි... ඊලග පොස්ට් එකත් ඉක්මනටම දාන්න... ජය වේවා !

    ReplyDelete
  2. @Dulan Kalhara - මේක තමයි මම පොස්ට් එකක් දාල ඉක්මනට වැටුන comment එක ... පොස්ට් එක දාල විනාඩි 5 ක් ගියේ නැ comment එක වැටුනා ... අනිවා ඉතුරු පොස්ට් ටික ඉක්මනට දානවා ...

    ReplyDelete
  3. Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට ... !

      Delete
  4. පස්ට පට පට.... ඉක්මනට අනිත් ටිකත් ඕනෑ !!!! ජය වේවා !!! සුභ අනාගතයක් ඈ!

    ReplyDelete
  5. දැනට යන්නං ඈ . ( යන්නං කියලත් කියන්න කියල තියෙන්නෙ ) :D

    ReplyDelete
    Replies
    1. comment දෙකටම ගොඩක් ස්තුතියි ... ඊලග කොටස ඉක්මනටම දානවා ... රැදිලා ඉන්න දිගටම ...

      Delete
  6. ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි.hama rateama PAYPAL walin apita oya wade karanna baaneada?nikam boru nokiya puluwan deyak karapan malli.jaya wewaa.

    ReplyDelete
    Replies
    1. ඔව සහෝදරයා ... නොදැනුවත්කම නිසා දාපු comment එකකට මම තරහ ගන්නේ නැ ... අපිට ලංකාවේ විදියට හදපු Verified paypal එකක් තිබුනාම හොදටම ඇති ebay ඒකෙන බඩු විකුනන්න ... සාවදානව බලන් ඉන්න හරියටම කියලා දෙන්නම් කරන විදිය ... මග කෑලි මග ඇරලා බාගෙට කියලා දීලා තේරුමක් නැ ... ඇතිවෙන ඕනෙම ගැටළුවක් අහන්න ... කුණුහරප අර අනිත් ඔක්කොම Comment Approve කරනවා ... ඒ වගේම සතුටු වෙනවා ලංකාවේ කොල්ලෙක් විදියට කොන්ද පන ඇතිව තමන්ගේම profile එකකින් comment කිරීම ගැන ...

      Delete
  7. නියමයි මචන්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. එල එල ... තැන්කු වේවා ... !

      Delete
  8. අපි හමෝම බලාගෙන ඉන්න වැදගත් ලිපි පෙළක ආරම්බයක් කියල හිතනවා

    ReplyDelete
  9. mama Srilankan vidihata hadapu verify karapu accnt 1kin sell karanna try karala thiyanawa..eth eka karanna behe..puluwan vidihak thiyanawanam kiayanna loku udawwak..me post 1 thiyana eway oyage anith post wala thiyana eway godak wenas neda..me kiyanawa mona rataka unath aulak na kiyala..anith ewage kiyanawa srilankan vidihata hadanna behe kiyala...puluwan kramayak thiyanawanam kiyanna loku udawwak

    ReplyDelete
    Replies
    1. ඔව ලංකාවේ එකක් බාවිතා කරලා විකුනන්න පුළුවන් ... නමුත් දන්නවනේ කිසිම විදියකට ලංකාවේ paypal එකකට සල්ලි ගෙන්න ගන්න බැරි බව ... මේ ක්‍රමේ මම කියලා දෙන්නේ පිටරට විදියට හදලා verify කරපු ගිණුමක් නැති නමුත් ලංකාවේ විදියට හදලා verify කරපු ගිණුමක් තියෙන අයට ... රැදිලා ඉන්න ඉදිරියට ...

      Delete
  10. patta lipi tikak liyanna patan aragena thiyenne machan... Jaya wewa.....

    ReplyDelete
  11. Niyama lipi tikak liyanna patan aragena thiyenne machan... jaya wewaa..!!!!!!!!

    ReplyDelete