Pages

22 July 2011

ලංකාක්ෂරය යුනිකේත සහ බ්ලොග්කරණ වැඩමුළුව. !

ඔන්න අද කියන්න යන්නේ මම සහභාගී උන වැඩමුළුවක් ගැන විස්තරයක්. මේක ඔයාලට වැදගත් වෙන්න හේතුව තමා මේ වැඩමුළුවේදී අරමුණ උනේ සිංහල බ්ලොග් කරණය හා සිංහල යුනිකේත බාවිතය පිලිබදව කියා දීම.  වැඩමුළුව සංවිධානය කරලා තිබුනේ කොලබ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයෙන් වැඩමුළුව පැවැත් උනෙත් රාජකීය විද්‍යාලයේම තමා. ඉතින් ඇත්තටම ගොඩක් හොද වැඩමුළුවක් ඒ වගේම මේකට ආපු සියලුම දෙනාට මුල ඉදන් සිංහල බ්ලොග් අඩවියක් ආරම්බ කරන හැටි වගේම තව ගොඩක් දේවල් කියල දුන්නා. බ්ලොග් අඩවි වල තිබිය යුතු දේවල්. බ්ලොග් එකක් කරගෙන යාමෙන් අපිට ලැබෙන වාසි, වගේම තව තව ගොඩක් දේවල් ගැන මේකෙදි කතා උනා. මේකට මාධ්‍ය අනුග්‍රහය දක්වල තිබුනේ දෙරණ නාලිකාවෙන්. ඒ වගේම ICTA සහ තවත් විවිද රජයේ සහ රජයේ නොවන ආයතන රැසක අනුග්‍රහයද ඇතිව මේ වැඩමුළුව ජුලි මාසේ 21 වෙනිදා දවස පුරාම ක්‍රියාත්මක උනා. අපිත් ඉතින් අපේ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් මේ වැඩමුළුවට සහභාගී උනා. ඉතින් අපි වගේම තවත් විශාල පාසල් ප්‍රමාණයක් මේ සදහා සහභාගී උනා ඒ වගේම කොලබ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු ඇතුළු තවත් විශාල පිරිසක් විසින් මෙම වැඩමුළුව එදා දවස පුරාම මෙහෙයවනු ලැබුවා.  ඉතින් ඕක තමා කතාව අවසාන වශයෙන් කියනවනම් ඇත්තටම හොදයි. හොද අහාර පාන එහෙමත් ලෑස්ති කරලා තිබුණා. වැඩමුළුව නිම කිරීම සම්බන්දයෙන් සියලුම දෙනාට සහතික පත්‍ර බෙදා දුන්නා. තව Multimedia Pack එකකුයි පොඩි පොඩි එව්වා මෙව්වා ගොඩකුයි වැඩමුළුවට සහභාගී උනා හැම දෙනාටම දුන්නා. ඔන්න ඕක තමා උනේ අපි සෙට් එක ගිහින් පොඩි ජෝලියකුත් දාල වැඩමුළුවත් සාර්ථකව අවසන් කරලා ආපහු ගෙවල් වලට ආවා.

20 July 2011

මෙගා බයිට් 30 පට්ට OS එක !

අම්මෝ ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එකට පොස්ට් එකක් දාන්නේ. මොකද මගේ ජන්ජාලෙට මේ දවස් ටිකේම වැහි නැති හෙන ගහල තිබුනේ. අද කියන්න යන්නේ slitaz කියන open source OS එක ගැන. මොන කියල කියන්නද ඉතින්. හරිම පොඩි OS එකක් තම මේ slitaz කියන්නේ. මම ඔය පොඩි කියල අදහස් කලේ 30MB නිසා.  මුළු OS එකේම ධාරිතාවය 30MB යි. හැබැයි ඉතින් එහෙම කියල ගොඩක් දේවල් අඩු නැ. web browser එකක් පවා මේකට ඇතුලත් කරලා තියෙන්නේ. මෙන්න මේ site එකට ගිහින් slitaz 3.0 නවතම අනුවාදය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ මේ iso image එක CD එකකට දාල boot කරලා බලන එක හරිම ලෙසයි පහසුයි. මට දැනුන විදියට නම් හරිම සිම්පල් plane එකක්. ඔයාලත් කරලා බලලා Comment එකක් එහෙම දාල යන්නකෝ එහෙනම්. ඔන්න එහෙනම් අදට ගියා වෙන දවසක ආයිත් එන්නම්. 


අප්පා තව ටිකෙන් ලින්ක් එක දන්නා අමතක වෙනවා මෙන්න ලින්ක් එක 
හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙලින්ම download කරන්න ඕනි නම් මෙන්න ලින්ක් එක - Download Quick Slitaz_3.0.iso

ටිකක් හොයල බලලා download කරනවානම් මෙන්න ලින්ක් එක - Slitaz.ORG

09 May 2011

ලංකාවේ ප්‍රථම 3.75G ජාලය දියත් කෙරේ !

ඔන්න ඉතින් අපි ඉවරයි මේ විදියට ගියොත් මම පාවිච්චි කරන SLT ADSL එක  Dial up ගානට වැටෙනවා. ඒ කිව්වේ ස්පීඩ් අඩු වෙනවා නෙමේ අනිත් ඒවා එක්ක බලද්දී මේක හරිම slow .  ඔතන ඔය අනිත් ඒවා කියල අදහස් කලේ එට්ස්ලාට් කියන සේවදයකයව. එයාල කියන්නේ මේක ශ්‍රී ලංකාවේ තියෙන එකම 3.75G ජලයලු. 3.75G HPSA+  (Evolved high speed packet access) රැහැන් රහිත ජාලය සමගින් මෙරට ප්‍රථම වරට Long Term Evolution (LTE) තාක්ෂනය එට්ස්ලාට් සමගම විසින් අරම්බ කර ඇත. ඔවුන් පවසා සිටින අන්දමටනම් මෙමගින් 18 Mbps සිට 21 Mbps දක්වා වූ වේගයක් ලබා ගන්න පුළුවන්ලු. ආ ඔන්න ඕක කියන ගමන්ම මෙන්න මේකත් හෙමිහිට කියල තියෙනවා "මෙම වේගය එක එක කලාපයෙන් කලාපයට බාවිත කරන දුරකථන සහ ඩොන්ගල් ගාන අනුව වෙනස් වෙනවලු"  

06 May 2011

ebay වගේ තවත් එකක් !

ඔන්න අද මම කියන්න යන්නේ ඉන්ටෙර්නෙට් එක හරහා සල්ලි හොයන අයට ගෙදරටම බඩු ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ ebay කඩේ ගැන හුගක් අය ebay එක ගැන ලිපි ලියල තියෙනවා ඇත්තටම හොද ලිපි ලියල තියෙනවා ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා. හැබැයි ඉතින් මේ කියන්න යන්නේ ඕක ගැන නෙමෙයි ටිකක් වෙනස් දෙයක් ගැන. මට මේක හම්බ උනේ දැනට ටික කාලෙකට උඩදී හැබැයි ඉතින් කාටවත්ම කිව්වේ නැ. මොකද ඉල්ලගෙන චා වෙන්න උනොත් එහෙම කියල. 
මේක ඔය ebay කඩේට වඩා ටිකක් වෙනස් මේකෙදි paypal ඕනෙම නැ. එතොකොට shipping වලට කැමතිනම් සල්ලි දෙන්න පුළුවන් ටිකක් ලෝබයි වගේ නම් නොදී ඉන්න පුළුවන්. මම නම් කියන්නේ සාමානයෙන් පොඩි දේවල් ගනිද්දී shipping වලට සල්ලි දෙන එක තේරුමක් නැ එත් ඉතින් ලොකු ලොකු දේවල් ගන්නවානම් දෙන එක හොදයි නේද. එත් ඉතින් නොදී හිටියහැකි ඔයාලගේ කැමැත්තක් 


ඔන්න දැන් කියන්නම් මම ගත්ත දේවල් ගැන. දේවල් කිව්වට මොකද bluetooth dongle එකක් විතරයි තාම ගත්තේ. free shipping දාපුවම හැබැයි ටිකක් කල් යනවා මට අවේ දවස් 18 කින්. මේකේ ගාන ගෙදරට එනකම්ම $2.09 


ඔන්න විස්තර ටික 

  • 100% Brand New, never used !
  • Converts non Bluetooth PC into Bluetooth enabled
  • Wireless can connect to Bluetooth devices such as mobile phones, PDA or PC
  • Support data transfer, Networking, Dial-up, Fax, LAN access, and Headset
  • Enabled wireless connection to Bluetooth headset
  • Supporting Bluetooth voice data
  • Supporting Multi languages
  • Bluetooth Specification V2.0 & V1.2 Compliant
  • Operation system: Windows98/ Me / 2000/ XP/ Vista/ 7
  • Interface: USB Compliance
  • Symbol Rate: 3Mbps
  • Receiving/Sending range: 0-100m
  • Dimensions: 22 x 18 x 5mm
  • Weight: 35g
  • Color: Black

ඔයාලගෙත් කැමැත්තක් තියෙනවනම් මෙන්න මෙතනින් ගිහින් register වෙන්න 


ඔන්න මේ පොස්ට් එකේ අඩුවක් තිබිල හදන්නයි යන්නේ. එකට හේතුව තමා මේක බලපු කෙනෙක් කිව්වා ෆොටෝ දෙක තුනකුත් දැන්මනම් එල කියලයි ඔන්න එහෙනම් ෆොටෝ. මේවා ගත්තේ nokia 6070 එකකින් ටිකක් හොද මදි කමක් න බලන්නකෝ