Pages

10 April 2012

අලුත් අවුරුදු තෑග්ගෙන් HyIP ගැන දැන ගන්න !

ඔන්න අද ආවේ අවුරුදු තෑග්ග විදියට පොඩිම පොඩි ඔවදනක් දීල යන්න. ඒ කියන්නේ පොඩි Advice පාරක් දීල යන්න. මේක වැදගත් වෙන්නේ අන්තර්ජාලය හරහා සල්ලි හොයන අයට. මෙහම එක එක්කෙනාගෙන් ඔවදන් ගන්න මම කව්ද කියල හිතන අය පොස්ට් එක නොබලා හිටියට මගේ කිසි තරහක් නැ. මේ මම කියන දේත් මම වෙන කෙනෙකුගෙන් දන ගත්ත දෙයක්. තමන් දන්නා දෙයක් අනුන්ට කීම හොදයි කියල හිතලයි මේක කියන්නේ. මට මේ කාරනාව කියපු කෙනත් මේ පොස්ට් එක බලලා සතුටු වෙනවා ඇති.

මුලින්ම හැමෝටම මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් දන කියන්නම් මේ කතාව හෙවත් ඔවදන. කට්ටිය දැනටමත් දන්නවා ඇති මම මේ පොස්ට් එකට දාපු මාතෘකාවේ තියෙන පොඩි එන්ගිරිසි වචනේ ගැන. ( HyIP ) හුගක් කට්ටිය දන්නවා මම හිතන විදියට. මොකද මේක ෆට්ට වැඩක්නේ නේද ? $10 ක් දාපුවම අපිට එක $12 ක් කරලා එලියට ගන්න පුළුවන්. එත් එක කරන්න පුළුවන් ටික දවසයි. හුගක් අයට මේ ගැන ඉතාමත් කටුක අත්දැකීම් එහෙම ඇති. එහෙම අය comment වලින් ඒ ගැන සදහන් කරන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මේ ගැන අනිත් අයත් දැන ගන්න ඕනි හින්දා. ඔන්න එහෙනම් අද මේ කියන්න ලෑස්ති වෙන්නේ HyIP site එකක යාන්ත්‍රනය ගැන. මේක කොහොමද වැඩ කරන්නේ කියලා.



හුගක් ලෙසටම් හදපු මේ වගේ Site කරගෙන යන්නේ උපරිම එක්කෙනයි දෙන්නයි හෝ තුන දෙනයි. නැතුව මේ ලොකු office එකක් දාගෙන site එක හදන්න වෙනම කට්ටිය දාල Money Mannage කරන්න වෙනම කට්ටිය එහෙම නැ. මේවා හරි simple plan. දෙතුන් දෙනෙක් තමයි මේ ඔක්කොම වැඩ ටික දාන්නේ. හැබැයි එක පිළිවෙලට ලස්සනට කරනවා. කීයටවත් ඇතුලේ ගිනි පිටට දෙන්නේ නැ. ( හිකිස්‌ ... )

මුලින්ම ඔන්න site එක හදල කට්ටිය එකතු කරගෙන වැඩේ පටන් ගන්නවා. මෙයාල කියන ජොලිම කතාව තමයි අපිට $10 ක් දෙන්න අපි එක $12 ක් කරලා දවස දෙකකින් ඔයාට අපහු දෙනවා කියන එක. මේකෙදි ගණන් හිලව් පොඩ්ඩක් වෙනස් වෙයි. මම ගත්තේ උදාහරණයකට. ඔන්න ඉතින් ඇත්තටම මේ වැඩේ වෙනවා. ඔන්න පලවෙනි දවසේ ඉතින් වැඩි කට්ටිය එහෙම නැ. එත් අමාරුවෙන් $1000 ක් විතර එකතු වෙනවා. ඉතින් මෙයාල පොරොන්දු විදියටම තව දවස දෙකකින් සල්ලි දාපු අයට වැඩිපුර $2 කුත් එක්ක සල්ලි ගෙවනවා. ඒ කියන්නේ දවස දෙකකින් $1200 ක් ගෙවන්න වෙනවනේ. ඔව කිසි ගැටළුවක් නැ. ගෙවන්න ඕනි තරම් සල්ලි තියෙනවා. ( ඇයි අනේ දෙවෙනි දවසේ හම්බ උන සල්ලි ) ඔන්න ඔය විදියට දෙවෙනි දවස වෙනකොට මෙයාල ගාව $2000 ක් තියෙනවා හැබැයි ගෙවන්න වෙන්නේ $1200 යි. ඉතින් එතන ගැටළුවක් නැනේ. ඔන්න ඔහොම තුන වෙනි දවසත් එනවා. ඒ වෙනකොට සැහෙන පිරිසක් මේකත් එක්ක සම්බන්ද වෙලා ඉවරයි. Refferal එහෙම වැටෙනවනේ. මේකෙන් පලවෙනි දවසේ සල්ලි ගත්ත අය මේකට ෆට්ට ප්‍රචාරයක් දීල තව කට්ටිය එකතු කරලා දෙනවා. නිකන් නෙවෙයි Payment Prof හිටන් පෙන්නනවනේ. ඉතින් තව මොන කතාද ? කට්ටිය බය වෙන්නේ නැ. සල්ලි දානවා. දේපල උගස්‌ කරලා සල්ලි දානවා. ( ඇයි අනේ ගෙවනවානේ බර ගානක් ... හිකිස්‌ ... ) ඔන්න දැන් තමයි ජොලිම වැඩේ වෙන්නේ. පලවෙනි දවසේ වැඩේ ටෙස්ට් කරන්න සල්ලි දාපු අයට සල්ලි දෙගුණ වෙලා හම්බ වෙනවනේ දැන් මෙයාල කල්පනා කරලා ලෙසටම දෙවෙනි පාරට වැඩිපුර ගානක් දානවා. ඇයි අලේ පලවෙනි පාර සල්ලි හම්බ වෙලා මෙයලා පිස්සු වැටිලානේ ඉන්නේ. එතොට හතරවෙනි දවස වෙනකොට තව ලොකු ගානක් මේකේ අයිතිකාරයට හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි මේකේ මුලික ක්‍රමේ. මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා.

දැන් බලමු ඇයි ඉතින් මේක නවතින්නේ කියලා. වැඩේ යස අගේට නැගල යනවනේ. නවතින්න හේතුවක් නැනේ. එත් මෙතන පොඩි කොස්සක් තියෙනවා. එන්න එන්නම වැටෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එකේ ප්‍රතිපලය තමයි එන්න එන්නම ගෙවන්න වෙන ගැනත් වැඩි වෙනවා. අන්න එක දවසක් එනවා මේකට Deposit වෙන සල්ලි ප්‍රමාණයට වැඩ වැඩි ගානක් මේකෙන් withdraw කරන්න සිද්ද වෙන. අන්න එදාට මේක හදපු අය උන හිටි තැන හොයා ගන්න බැරි වෙනවා. එයාල හෙමිහිට සල්ලි නොගෙවා පනිනවා. Domain එකයි Hosting එකයි ටික දවසකින් අහෝසි වෙලා යනවා. ඉතින් අන්තිමට දාපු සල්ලි යකාගේ කටට දැම්ම වගේ. ඒවා ආයිත් ගන්න බැ. මොකද මේකේ admin පැනල යන්නේ ඒවත් අරගෙනනේ. හරි දැන් ඉතින් සල්ලි දාපු අය අඩනවා. පෙළක් අයට අවුලක් නැ ලබයි. පෙළක් අයට ලබත නැ එත් පාඩුත් නැ. එත හුගක් අයට වැඩේ බර පාඩුයි. ඒ කියන්නේ මේකට අන්තිමට එකතු උන පිරිස. ඔන්න ඒ කතාව එතනින් එවරයි කියමුකෝ.

හරි දැන් කට්ටිය කල්පනා කරනවා ඇති හොරෙන් මාරු උන Admin ට මොකද උනේ කියල. අනේ මිනිහා සනීපෙට ඉන්නවා. මොකද මිනිහා යනකොට තිබ්බ deposit වල සැහෙන ගානක් තියෙනවනේ. ඉතින් මිනිහ මේවගෙන් හොද Hosting එකකුයි තව Domain එකකුයි ගණන්වා. අර හම්බ උන සල්ලි වලින් පොඩි ගැනයි යන්නේ. ඒ ඔක්කොගෙන්ම ඕනනං මිනිහට hosting කොම්පැනියක්ම සල්ලි දීල ගන්න පුළුවන්. ඉතින් ආයිත් හෙමිහිට වැඩේ පටන් ගන්නවා. මේ පාර දෙවෙනි පාරට වඩා හොදට වැඩේ කරන්න පුළුවන් මොකද ප්‍රචාරණ කටයුතු වලට එහෙම අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තියෙනවා.

ඔන්න ඕකයි මේවගේ ඇත්ත තත්වේ. කට්ටිය පොඩි හරි දෙයක් දැන ගත්තනම් ඒ හොදටම ඇති. මම නම් කියන්නේ කීයටවත් HyIP වල සල්ලි දාන්න එපා කියලයි. එත එක තමන්ගේ කැමැත්තක්. මේ පොස්ට් එක දැම්මෙත් කට්ටිය ගොඩක් මේ වැඩේට ගිහින් අනාත වෙලා තියෙන හින්දා. දැන් ෆුල් හින්දුස්ථාන්. හැම වෙලේම මහන්සි වෙලා කියක් හරි හොයා ගන්න උත්සහ කරන්න. නිකන් සල්ලි හොයන්න උත්සහ කරන්න එපා.

එහෙනම් අදට මම ගියා. ඔයාලනම් නිකන්ම යන්න එපා Comment එකකුත් දාල like එකකුත් දාල යන්න හොදේ. එහෙනම් අවුරුදු කාලා එන්නකෝ. හැමෝටම ජය වේවා !