Pages

03 February 2012

ලංකාවේ ප්‍රථම Micro Job Posting අඩවිය දියත් කෙරේ !




ඔන්න මේ වතාවේ මම ආවේ ලංකාවේ හැමෝටම ඉතාමත් සතුටුදායක ආරංචියක් අරගෙන. හුගක් කට්ටිය දන්නවා ඇතිනේ www.fiverr.com කියන site එක ගැන. ඇත්තටම ඉතාමත් හොද ඉපයුම් මාර්ගයක් තමයි මේ fiverr කියන්නේ. එත් මෙතැනදී ලංකාවේ අයටනම් තියෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. ඔන්න ඔය හේතුව හින්ද අපි කල්පනා කරා ලංකාවේ මුදල් උපයන අයට වෙනම site එකක් හදන්න. ඇත්තටම අවසානයේදී අපි හැමෝගෙම උත්සාහයේ ප්‍රතිපලයක් විදියට www.lakdeal.com කියන අඩවිය අපි පටන් ගත්තා. මේ අඩවියත් අපි හුගක් දුරට fiverr එකට සමාන වෙන්න හැදුවත් fiverr එකට වඩා ගොඩක් පහසුකම් අපි මේකෙදි ඔයාලට සලසලා දීල තියෙනවා. කව්රුත් දන්නවනේ මොන විදියේ වැඩක් අපි කරත් fiverr එකේදී නම් අපිට ගෙවන්නේ $5 යි. නමුත් අපි ඔයාල වෙනුවෙන් හදපු lakdeal එකේදී එහෙම නැ. ඔයාල කරන්න බලාපොරොත්තු වන දේ අනුව ඔයාලටම පුළුවන් තමන්ගේ මහන්සිය වෙනුවෙන් මිලක් නියම කරන්න. $1 , $5 , $10 , $15 , $20 , $25 , $30 , $40 , $50 කියලා හැමෝටම ගැලපෙන වාසිදායක ක්‍රමේකට අපි මෙතැනදී මිලක් තෝරා ගන්න ඔයාලට අවස්ථාව ලබා දීල තියෙනවා.
මෙතැනදී අපි ලංකාවේ අයට විශේෂ තැනක් දුන්නට ඉදිරියේදී අපි මේක මුළු ලෝක ව්‍යාප්ත ජාලය පුරාම ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතොකොට ඔයාල දාන job වලට පිටරටවලින් හොද ඉල්ලුමක් ලැබෙන තත්වයට එනවා. ඉතින් එහෙනම් ඔයාලටත් පුළුවන් අදම අපිත් එක්ක එකතු වෙලා වැඩ පටන් ගන්න. තමන්ගේ හැකියාවට අනුව වැඩ කරලා සල්ලි හොයන්න.
එහනම් මම අද කියන්නම් මේතැනදී කරන්න ඕනි මුලිකම දේවල් ටික. මුලින්ම ඔයාල මේ අඩවියට ගිහින් ඔයාලගේ account එකක් හදා ගන්න. fiverr එකේදී වගේ job හම්බ වෙන්න පිටරට විදියට account හදන්න ඕනි නැ. ලංකාවේ කෙනෙක් විදියටම account එක හදන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනට ඔයාලගේ හැකියාවන් විස්තර කරලා job එකක් දාන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ ඔයාලගේ account එකට ලොග් උනාම උඩින්ම තියෙන post new කියන එකට ගිහිල්ල වැටෙන විස්තර ටික පුරවල ඔයාලගේ job එක පොස්ට් කරන එක. එතැනදී ඔයාලට job එකත එක්ක youtube video 3 නකුත් එකතු කරන්න අවස්ථාව අපි සලසල දීල තියෙනවා. ඒ වගේම මේකෙන් job ගන්න කට්ටියටත් අර වගේම account එකක් හදලා තමන්ට අවශ්‍ය job එක තෝරාගෙන එකට සල්ලි ගෙවල ගන්න හැකියාව තියෙනවා.

දැන් කස්ටිය බලනවා ඇති මරුනේ යකෝ කියලා .... එත් ඉතින් තවම හොදම හරිය කිව්වේ නැ. ඒ තමයි මෙහෙම හොයන සල්ලි අන්තිමට කොහෙටද එන්නේ. ඔන්න අතනදී අපි හොදම ක්‍රමේ ඔයාලට හදුන්වල දෙනවා. එකේදී අපි ඔයාලව කොටස් තුනකට බෙදනවා. පලවෙනි කොටස Level 1 හැටියටත් දෙවෙනි කොටස Level 2 කියලත් අන්තිම කොටස Top Rated කියලත් නම් කරනවා. මේකෙන් පලවෙනි කොටසට ඇතුළු වෙන්න ඕනි නම් ඔයාල job 10 ක් ඇති සාර්ථකව positive Feedback සමග සම්පුර්ණ කර යුතු වෙනවා. අන්න එහෙම කරලා Level 1 වලට වැටෙන ඕනෙම කෙනෙක්ට දවස් 5 ක් ඇතුලත එයාලගේ බැංකු ගිණුමකට මුදල් දානවා. සාමාන්‍ය අයට තමන්ගේ paypal ගිණුමට මුදල් ලබා ගන්න පුළුවන්. 1 level එකඟ පස්සේ එන ඊලග leval වල අයට තවත් හොද ක්‍රම රැසක් සහ ප්‍රතිලාබ ගොඩක් අපි ඉදිරියේදී හදුන්වල දෙනවා.

එහෙනම් ඉතින් හැමෝටම සතුටු ඇති. අපිටත් ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කරන්න ලැබීම ගැන. අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් මේක තම ලංකාවේ පළවෙනිම සහ එකම Micro Job Posting අඩවිය. ඔයාලගේ සහයෝගය අපි මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැම්ම ගිහින් වැඩ පටන් ගන්න.

ලංකාවේ එකම සහ ප්‍රථම Micro Job Posting අඩවියට මෙතනින් යන්න.

ආ මෙන්න අපේ Facebook Fan page එක. එකටත් like එකක් දාල අපිට සහයෝගයක් දෙන්න. ඒ වගේම ඔයා දන්න අනිත් යාලුවන්ටත් මේ ගැන කියන්න. මේ පොස්ට් එක facebook එකේ share කරලා හැමෝටම මේ ගැන කියන්න. මොකද එක අපි අපිටම කර ගන්න හොද වැඩක්. අන්තර්ජාලයෙන් සල්ලි හොයනකොට කුහක වෙන්න එපා. දන්න දේවල් හැමෝටම කියන්න.
ඔයාලගෙන් ලැබෙන සහයෝගය මත අපි ඉදිරියට තව තවත් වැඩ පිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ පතනවා.

ගිහින් එන්නම්